
(ආරියරත්න රණබාහු)
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා කැස්බෑවේදි පැවසීය.
කැස්බෑව බෝකුන්දර අද සවස පැවති ජන හමුවක් අමතා ඒ බව පැවසු නිපුනාරච්චි මහතා එහිදී මෙසේද කිය.
පසුගිය කාලයේ දේශපාලකයන් අතින් විනාශ වී ගිය මේ රට අපිට හදන්න වෙලා තියෙනවා අපි ඒ රට හදනවා. ඉස්සර ගුරුවරු විදුහල්පතිවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය පොදු ප්‍රවාහන සේවය දොස්තරලා නර්ස්ලා ,ඇටෙන්ඩිලා වරින් වර ස්ට්‍රයික් කළා.
අද මං කිව්වා කියලා හිතාගන්න ඒ ස්ටුයික් ඉතිහාසය නැති වෙනවා කාටද ස්ටුයික් කරන්නෙ. තව කාලයක් යන කොට අපිමේ පක්ෂය පැත්තකින් තියල වෘත්තීය සමිති විසුරුවා හරිනවා. මොකටද වෘතීය සමිති ඕන නෑ.
හෙට උපදින දරුවන්ට කවදා හරි දවසක කියලා දෙන්න වෙනවා පුතේ ස්ටුයික් එකක් කියන්නේ මේකයි ඇඳිරි නීතිය කියන්නේ මේකයි කියල දෙන්න වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් දැන් වැඩ වරන එක නතර වෙයි. මොකද එයාලනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. කිසිම විදිහකට රට කරන්න නොදුන්නු කාලකන්නි...
ඒක කොහොමත් ඉබේටම වේවී මොකද වෘත්තීය සමිති කාරයින්ගෙන් බොහෝ දෙනෙකුට රෙදි ඇඳගෙන පාරේ යන්න බැරි වෙනවා. මොකද පසුගිය ආණ්ඩු කිසිවකට වැඩක් කරන්න නොදී හැම මගුලකටම ස්ට්‍රයික් කලේ කාගේ වුවමනාවකටද කියලා මිනිස්සුන්ට පෙනෙන්න ගන්නවා.
ඒ ගොල්ලොම පිළිගත්තා ස්ට්‍රයික් කරන්නේ කවුද කියලා...!
ඔව් ඇති... ඒගොල්ලෝ කියන්නෙත් ඔයාලාටමනේ...! නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ...
ඕක තමා 88-89 කාලෙත් ඔය පක්ෂෙ අය කලේ. විරුද්ධ මතයක් දරන කෙනාගේ ගෙදරට ගියා, වෙඩි තිබ්බා ආවා. හරිම සරලයි!
පසුගිය කාලයේ විනාශ වී ගිය රට අපිට හදන්න වෙලා තියෙනවා කොහොමද රට විනාශ වුනේ කියලා බලමු මුලින්ම වාමාංශික අය ගල් ඔය වැනි සංවර්ධන ව්‍යාපෘති අඩාල කරන්න කටයුතු කළා ඊළඟට 1952 හර්තාලය කළා... ඉන් පස්සේ ඔබලා 1971 යුද්ධය කර සංවර්ධන කටයුතු අඩාල කළා... ඊට පස්සේ 1980 වර්ජනය කර තවත් බාධා කළා. නැවත 1987-89 දෙවැනි යුද්ධය නිසා රට විශාල වශයෙන් අගාධයකට වැටුණා. එයින් පස්සේ පසුගිය මාසය දක්වාම නුඹලාගේ වෘත්තීය සමිති සිදුකළ වර්ජන නිසා රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල වුණා. එහෙම බැලුවොත් නිදහස ලබා ගතවූ අවුරුදු 76 න් 53 ක් ම ඔබලා කරන කකුලෙන් ඇදීම් නිසා තමයි. රටේ සංවර්ධනය අඩාලවෙලා රට අගාධයකට වැටුනේ. දැන් ඉතින් නුඹලාට වර්ජන හා වෘත්තීය සමිති සමග කරන්න බැරි බව අත්දැකීම් අනුව පැහැදිලි නිසා දැන් වෘත්තීය සමිති මර්ධනය කරන්න හදනවා... (ලංකාව හදන්න නම් ඔය සියලු වෘත්තීය සමිති අහෝසි කරන්න ඕනෑ ඒක වෙනමම කතාවක් ) ලක්ෂ්මන් නුඹලාට බලයට එන්න හැකියාව ලැබුනේ බොරු බේගල් ඇදබානවාට අමතරව නුඹලාගේ වෘත්තීය සමිති මෙහෙය වූ වර්ජන බව ජනතාව දන්නවා කොහොම වුණත් ලංකාව හදන්න ඔබේ අදහස ක්‍රියාත්මක කරන්න ඕනෑ (පැවති රජයන් සමිති හුරතල් කිරීම තමයි පරාජයට හේතු වුනේ...)
මේ දක්වා රටේ සිදුවූ සියලුම කඩාකප්පල්කාරී වර්ජන ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති සිදුකළ බව මොහු පිළිගන්නවා නේද? ඒ කියන්නේ මෙතෙක්කල් රට වැට්ටවීමට ජවිපය කොතරම් දායක වෙලා තියෙනවාද?
ඒක සම්පූර්ණයෙන්ම වැරැදි ප්‍රකාශණයක්. මොකද යම් ආයතනයක සේව්‍යෙයා් සහ සේවකයා අතර යම් යම් ගැටළු ඇති වුණාම ඒවා විසඳා ගන්නේ වෘත්තීය සමිති මාර්ගයෙන්. හොඳ සහ සේවකයින් වැඩි ආයතනයකට වෘත්තීය සමිතියක් අනිවාර්යයෙන් තිබිය යුතුමයි. දියුණු රටවල් වලත් එහෙමයි...!
76 වසර තුළ ජවිපෙ වර්ජනය නොකළා නම් රට බංකොලොත් නොවනු ඇත. කවුරුහරි ප්‍රශ්නය විග්‍රහ කළොත් JVP එක මේ 76 ශාපයේ කොටසක්. කෝවිඩ් කාලෙත් මෙයාලා මේක කළා. අවාසනාවන්ත පරාජිතයා දැන් කඳුළු හෙළයි.
තමන්ගෙ නොවන කිසිම ආණ්ඩුවකට වැඩක් කරන්න ඉඩක් නොදී වර්ජන තර්ජන කරමින් කකුලෙන් ඇදපු කුහක හැතිකරය තමන්ම තමන්ගේම රෙදි ගලවා ගනිමින්...!
ඔයාලානේ වෘත්තීය සමිතිවල නිර්මාණ කරුවන්...
ශ්‍ර්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 14 (1) ඈ වගන්තියේ හා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය ILO Convention 87
ලොකු දෙයක්.. අර ජෝෂප් ස්ටාර්ලින් කාරයාට අධ්‍යාපන ඇමැතිකමක් දීලා මේ වැඩේ නැති කරන එක...
ඔය කියන්නේ තමන්ගේ මතයට විරුද්ධ සියලු වෘත්තීය සමිති මර්දනය කරනවා කියලයි. ජවිපෙ ශිෂ්‍ය සංගම් කැම්පස්වල කරන්නෙත් ඕකම තමයි. මහා ග්‍රාම්‍ය තිරිසන් පාලනයක ලකුණු පේනවා...!
වෘත්තිය සමිති අවශ්‍ය වන්නේ වර්ජන කිරීමටම නොවන බව කවුරු හෝ මේ අඳබාලයින්ට කියා දෙන්න...!
ඔය එන්නේ එළියට! බැටළු හම පෙරවාගත්තු වෘකයෝ සෙට් එක තවම වෘක වලිගය පෙන්නුවා විතරයි...! මොවුන් අපේ සර්වජන ඡන්ද බලයත් නැතිකරලයි නවතින්නේ ! ඊට පස්සේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉල්ලෙයි!
වසර 76ක් තුළ වැඩ වර්ජන නිසා ජාතික ආර්ථිකයට සිදූවු හානිය ගණනය කරන්න. එතකොට කර මුලටම එන්නේ මොවුන්. රටට මෙහෙම වුනේ ඇයි කියලා හිතාගන්න පුළුවන්නේ...
රට කෑවා කාලකණ්ණි කුහක ජෙප්පෝ