මිනිපිරියට බලු පිගානේ කෑම දුන් ආච්චි අත් අඩංගුවට
මවුපියන් නොමැතිවීම නිසා කුඩා කාලයේ සිටම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ඇති දැඩිවූ අවුරුදු 14 ක් වයස දැරියක සිය වයෝවෘද්ධ කිරි අම්මාගේ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිවෙසට පැමිණි අවස්ථාවේ එම දැරියට නිවෙසේ සුරතලයට ඇති ඇති කරන සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට කෑම බෙදා දුන්නේ යැයි කියන එම දැරිය ගේ කිරි අම්මා සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.