කොමඩු වගාවෙන් දින 60කදී ලක්ෂ 40ක් ඉපැයු ගොවි මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ඉපැයු ගොවි මහතකු පිළිබඳව තිරප්පනය - ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ. 05 March 2024
සීනි සමාගමේ සභාපති පැය තුනක් සිරකරති සෙවනගල සීනි සමාගමේ සේවකයෝ මි දිරි දීමනා කප්පාදු නොකරන්නැයි ඉල්ලා සීනි සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සමාගමේ කාමරයක් තුළ පැය තුනකට ආසන්න කාලයක් සිර කර තබා ගත්හ. 05 March 2024
සිසුවියකට හදිකළ ගුරුවරයාට වසර 12ක සිර දඬුවමක් පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය. 05 March 2024
කතානායක නිවෙස වැටලූ 13ක් නිදොස් කර නිදහස් බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කතානායකවරයා ගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයක ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙලා මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කළාය. 05 March 2024
ඊලෝන් පරදවා ජෙෆ් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි ලොව ධනවත්ම පුද්ගලයා බවට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 05 March 2024
මිහින්තලේ හිමිට චන්ද්‍රිකාගෙන් පිළිතුරක් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විශ්‍රාම වැටුප් දෙකක් ලබාගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් කළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය කතාවක් බව හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය පවසයි. 05 March 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ නව ක්‍රමයක් අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. 05 March 2024
කදානේ වෙඩි තැබීමේ ගිනි අවිය පමුණුගමින් අල්ලයි කදාන ප්‍රදේශයේදී කප්පම් ඉල්ලා මස්කඩ හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිය කදාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ සගවා තිබිය දී අද (5) සොයාගෙන තිබේ. 05 March 2024
කළමනාකරණ සේවා නිලධාරීන් කොළඹ විරෝධයක කළමනාකරණ සේවා නිලධාරීන් මුහුණ දෙන ගැටලුවට විසඳුම් ඉල්ලා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව කොළඹ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට අද (5) දහවල් විරෝධතාවක නිරත විය. 05 March 2024
ඇල්ල කරපන්ටයින් රක්ෂිතයේ ගින්නක් ඇල්ල හල්පෙ තේ වතු යායට ඉහළ පිහිටි කන්දේ රජයේ කරපන්ටයින් රක්ෂිතයේ අද (05) දහවල් හටගත් විශාල ගින්නකින් අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 05 March 2024
ප්‍රශ්න කිව්වට උත්තර හොයන්න කවුරුවත් නෑ ප්රශ්නය කතා කරන්න ඕන තරම් අය ඉන්න නමුත් උත්තර හොයන්න කවුරුවත් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2024
ශ්‍රී ලන්කන් ඩොලර් කෝටි 51ක දැවැන්ත ණයට ආණ්ඩුව කරගසයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) පැවසීය. 05 March 2024
ගාල්ල ’’විනෝද වරායක්’’ වෙයි ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 March 2024
පන්දාහේ දඩය ගෙවාගන්න බැරිව මාස 3ක් සිරබත් කෑ අයෙක්ට නිදහස අන්සතු ඉඩමක පොල්ගෙඩි 20 ක් කැඩීමේ වරදට නියමවූ රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව වසර තුනක් බන්ධනාගාර ගතකර සිටී අයෙකු , එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර ඇත. 05 March 2024
පාසල් ආහාර වැඩසටහනට කැබිනට් අනුමැතිය රජයේ පාසල් පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 March 2024
නිල්වලා කමිටුවට පවිත්‍රා දැම්මාට මැති සබේ විරෝධය මාතර නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සොයා බලා විසඳීම සඳහා යෝජනාවලියක් සැකසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (5) විරෝධය පළ කළහ. 05 March 2024
මෘදුකාංග කප්පම් මඩින්න ලංකාවත් එක් වෙයි කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වී ඊට සම්බන්ධ ඉදිරි පියවර ගැනීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 March 2024
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලංසු කැඳවීම දිග් කරයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දින 45 කින් ඉදිරියට ගෙන ඒමට ටෙන්ඩර මණ්ඩලය තීරණය කර ඇැතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) පැවසීය. 05 March 2024
පාවෙන විදුලි බලාගාර දෙකක් එයි ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 March 2024
කිරි සිර වී බිලිදා මරුට බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු කිරි සිරවිමෙන් මරණයට පත් ව ඇතැයි පොලීසිය කියයි. 05 March 2024
දෙමටගොඩ රුවන්ට - පුතාට - බිරිඳට වෙන වෙනම නඩු දමයි නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 150කට අධික මුදලක් යොදවා සුඛෝපභොගී යාන වාහන රන්ආභරණ ඇතුළු දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්, ඔහුගේ පුතාට සහ බිරිඳට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ වෙන වෙනම නඩු තුනක් පැවරීය. 05 March 2024
ආයෝජකයන්ට ඉඩම් නිදහස් කරන්න අලුත් ආයතනයක් ආයෝජන කාර්යයන් සඳහා රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම් විධිමත් ලෙස බැහැර කිරීම සඳහා ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 March 2024
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්? ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය. 05 March 2024
ශිෂ්‍ය සංගම් කිහිපයක උද්ඝෝෂණය වළක්වන්නැයි කළ ඉල්ලීම ඉවතට ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් කොළඹ බෞද්ධාලෝක මාවත ඇතුළු තදාසන්න මාර්ගයන්හි ක්‍රියාත්මක කරන උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(05) ප්‍රතික්ෂේප කළේය. 05 March 2024
ඉඩම් හබයකට අයිය මලෝට විසිකැති පහර ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් විසිකැත්තකින් පහර කෑ පුද්ගලයන් දෙදෙනකු මහනුවර ජාතික රෝහලට ඊයේ (04) ඇතුළත් කර තිබේ. 05 March 2024
කඩුවෙල වෙඩි තැබීමක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිටට පැමිණි පුද්ගලයකු අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 05 March 2024
සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය 05 March 2024
උසස්පෙළට ලියු දරුවන්ට වෘත්තිය පුහුණුවක් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාතංශය පෙන්වා දෙයි. 05 March 2024
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ට්‍රම්ප් සතුටින් ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇතැම් ජනපද තීරණය කිරීම අත්හිටුවීමට ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණ පියවර ගත්තේය. 05 March 2024
ගබ්සාවට ඇති අයිතිය ප්‍රංශය තහවුරු කරයි ගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හිමි වීමෙනි. 05 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025