
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දකුණු පළාත් උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දකුණු පළාත් උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානය 1961 වර්ෂයේ සිට ගාල්ල කොට්ටව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන අතර, අක්කර 69.63 ක ඉඩම් ප්‍රමාණයක් එම ආයතනය විසින් දැනට භුක්ති විඳිනු ලබයි.
තේ වගාකරුවන්ට, තේ කර්මාන්තය හා සම්බන්ධ නිලධාරීන්ට, විශ්වවිද්‍යාල සහ පුහුණු පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පාසල් සිසුන්ට නැරඹීම සඳහා තේ ක්ෂේත්‍ර ආදර්ශන පවත්වාගෙන යාමට මෙම පරිශ්‍රය භාවිත කරනු ලබයි.
එම මධ්‍යස්ථානය වඩාත් විධිමත්ව සහ ඵලදායීව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල සහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.