
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරියෙකුට රුපියල් 300ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ දැරූ ටිපර් රථ රියදුරෙකු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ නිවාරණ සංචාරක රාජකාරී යෙදී සිටියදී අම්පාර ගල්ඔය ගඟ මොරවිල් ආරු පාලම අසලදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් නවතා පරික්ෂා කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී රියදුරු විසින් බලපත්‍රය අත්සන් නොකිරීමට අල්ලස් වශයෙන් උප පොලිස් පරිෂකවරයාට රුපියල් 300ක ලබාදීමේදී අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ සමග පොලිසි ස්ථානයට ඉදිරිපත් කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.