
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගණිත විෂය උගන්වන මුවාවෙන් වයස අවුරුදු 14 හා 15 දැරියන් දෙදෙනෙකුට අතවර කළ හොරණ වගවත්ත ප්‍රදේශයේ පාසලක ගණිත ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට එම අතවර සම්බන්ධයෙන් ලද දුරකථන පණිවිඩයක් අනුව ලද පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර වින්දිත දැරියන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා ඊයේ (29) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
විද්‍යාලයේ ගුරු විවේකාගාරයේදී සැකකාර ගුරුවරයා දැරියන්ට ලිංගික අතවර සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කියක්ද පොලිසිය වෙත ඉදිරිපත්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වින්දිත දැරියන්ගේ ප්‍රකාශයන් හා ඇසින් දුටු සාක්කිකරුවෙකුගේ ප්‍රකාශ අනුව අතවර සිදුකළ විවාහක ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියන් දෙදෙනකුට අතවර කළ ගණිත ගුරා අත්අඩංගුවට
වත්සි Wednesday, 30 October 2024 12:21 PM
ගුරු පරපුරටම නිගාවක් වූ මේ වනචර ගණිත ගුරාට මෙම මානසික ව්‍යාධිය වැළඳී ඇත්තේ කොයි කාලෙදී දැයි සොයා බලන්න. ඒ අනුව දැරියන් කී දෙනෙකුට හදී කර ඇත්දැයි සොයාගෙන ඒ දැරියන්ට අවැසි මානසික උපදේශන ලබා දෙන්න කටයුතු කරන්න...