ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව 19 වැනිදා එයි මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් - ආර්එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිත බව එම සමාගම පවසයි. 07 March 2024
‘අම්බානි‘ගේ මඟුලට උයන්න ලංකාවෙන් 13ක් ගිහින් ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන , රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද(07) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ . 07 March 2024
රස්තියාදු බල්ලන් ලක්ෂ හැට දෙකක් ලංකාවේ දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2024
ඔය ඇමතිකම්වල වැඩේ මොකක්ද විවිධ ණය ලබාගත් පුද්ගලයන්ගේ දේපළ තහනම් කිරීමට බැංකු වලට බලතල ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත්ත තීරණය ක්‍රියාත්මක නොකර වාණිජ බැංකු අහක බලා ගන්නේ නම් ඔය ඇමතිකම්වල වැඩේ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රශ්න කළේය. 07 March 2024
දෙකකට පහර දුන්නැයි උඩප්පුව පොලිසියේ එස්.අයිගේ වැඩ තහනම් පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් උඩප්පුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා ගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 07 March 2024
පන්සිය පනස් ජාතක පොත ඉංගිරිසියට පන්සිය පනස් ජාතක පොත The Revered Book of Five Hundred & Fifty Jataka Stories නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තිබෙි. 07 March 2024
රියදුරු සිහිසුන්වී බසය ගරාජයකට කඩා වැදිලා:13 ක් රෝහලේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරු හදිසයේ රෝගී වීමෙන් බසය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයකකට කඩා වැදී අනතුරකට ලක්ව ඇතැයි පොලීසිය කියයි. 07 March 2024
බෑනාගේ පහරින් මාමා මරුට සිය දියණියගේ සැමියා ගෙන් පහර කෑමට ලක්වු 63 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතියි හොරොව්පොතාන පොලිසිය කියයි. 07 March 2024
ප්‍රශ්න අතරතුර සුහඳ කතාවක ජනතා ප්‍රශ්න විමසා ඊට විසඳුම් දීම සඳහා සංවිධාන කෙරෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මහජන දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බියගමදී පැවැත්විණි. 07 March 2024
කෘපනිස ගමන් වියදම් දීමනාව ඉහලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගමන් වියදම් දීමනාව රුපියල් 800කින් වැඩි කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 March 2024
සිව්දරු පියා අට්ටාලයෙන් වැටී මරුට සිය කොමඩු වගාව ආරක්ෂා කර ගැනිම සදහා පැල් රකිමින් සිටි 65 හැවිරිදි ගොවියෙකු අට්ටාලයෙන් බිමට ඇද වැටි මෙන් එම ස්ථානයේම මිය ගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය කියයි. 07 March 2024
හිල්ටන් හෝටලය ගන්න ආයෝජකයන් හතර දෙනෙක් කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර ඇති අතර මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනකු ඊට ඉදිරිපත් වී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 07 March 2024
මට්ටක්කුලියේ ගැටුමකට සම්බන්ධ 7ක් අල්ලයි මට්ටක්කුලිය පොකුණ වත්ත හන්දිය අසලදී දෙපාර්ශවයක් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි. 07 March 2024
නිධන් හාරමින් සිටි 11ක් මාට්ටු ගිරාදුරුකෝට්ට සහ ඌවපරනගම පොලිස් බල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 11ක් පූජා භාණ්ඩ , උදලු අලවංගු ,මැටි පහන්, සුවද දුන් ඇතුලු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව ඌව පලාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි . 07 March 2024
‘හරක් කටාට‘ පනින්න උදව්කළ බව කියන සැරයන්වරයෙක් අත්අඩංගුවට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් 07 March 2024
හොර දොස්තරවරයෙක් බියගමින් අල්ලයි වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි. 07 March 2024
මහ බැංකුව බෙදා ගත්තු හැටි කාර්යාල සහායක පංතිය (111) සේවකයකුගේ වැටුප නව වැටුප් වර්ධකයට පසු පසු දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන් වේ. 07 March 2024
වැසි රහිත කාලගුණයක් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 March 2024
බළංගොඩට අයිස් සමග මහ වැස්සක් මාස දෙකකට අධික කාලයක් බලංගොඩ ප්‍රදේශය පුරා පැවති දැඩි නියඟය නිමා කරමින් අද දින සවස 5.00 ට පමණ බලංගොඩ සහ අවට ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබුණු බව ප්‍රාදේශවාසීහු කියති. 06 March 2024
බංග්ලාදේශ පිල කඩුලු 8 කින් ජයගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (6) පැවැති දෙවැනි තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 06 March 2024
ගෝඨා හෙට සියල්ල හෙළි කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය හෙට (7) එළිදැක්වේ. 06 March 2024
කුඩු රොෂාන්ගේ ඇප ලිහිල් කරයි වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයාට පැනවූ දැඩි ඇප කොන්දේසිවල මුදල් ඇපය ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(06) නියෝග කළේය. 06 March 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 165 ක් රැස්කරයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස්කළේය. 06 March 2024
හොර සීල් හදාගෙන බෙහෙත් හොරට විකුණලා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රා වලට සමාන නිල මුද්‍රා ව්‍යාජ ලෙස සාදා එම නිල මුද්‍රා භාවිතා කර ඖෂධ අලෙවිසල් වලින් අධි වේදනා නාශක මිලදීගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසිය කියයි. 06 March 2024
රටවල් හයක තානාපතිවරු අනුර කුමාර හමුවෙති රටවල් හයක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි. 06 March 2024
මුදල් අමාත්‍යාංශය මුදානොගත් කලාපයක් වෙලා මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (6) පැවසීය. 06 March 2024
අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙරේදා දින(05) ක්‍රියාත්මක කළ උද්ඝෝෂණයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී කලාකාරී ලෙස හැසුරුනේ යැයි අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06) නියෝග කළේය. 06 March 2024
‘පොඩි මැණිකේ’ සිද්ධියේ තුනක වැඩ තහනම ඉවතට ‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයා වාහාම සේවයේ පිහිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 March 2024
බංග්ලාදේශය පන්දු යැවීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක නජුමුල් හොසේන් ශන්ටෝ පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 06 March 2024
කල්පිටිය හිටපු ස්ථානාධිපති රිමාන්ඩ් කල්පිටිය පොලිස් ස්ථානාධිපති සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය අද (06) නියෝග කලේය . 06 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025