
(සුමිත් පොතුපිටිය)
රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මස් වමනය) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න මීගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වැලිපැන්න, මීගම ප්‍රදේශයේ නිවස පරීක්ෂාකර තල්මහ වමනය කිලෝ දෙකයි ග්‍රැම් 300 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව කාටද අයිති.පොලිසියට නිකම්ම දෙන්න ඕනද? නඩු භාණ්ඩ ලෙස ගන්න ඇම්බර් වලට මොකද වෙන්නේ... වාෂ්ප වෙනවද? ගිනිතියල විනාශ කරනව කියල කියනවද? කවදාවත්ම වෙන්දේසි කලා කියලවත් දැන්වීමක් දැකලනම් නෑ...
දන්න එකෙක් කියලා දීපල්ලකෝ ඔය අම්බර අල්ලන්නේ මොකද කියලා. මම දන්න විදිහට නම් ඕක තල්මහගේ වමනෙන් ගන්නේ. මිනියෙකුට ගිහිල්ලා තල්මහෙක් අල්ලගෙන වමනෙ කරලා ඔය අම්බර ගන්න බෑනේ. හම්බවෙන එකාගේ පිනට ලැබෙන දේ ඌට විකුණා ගන්ඩ දෙන්නෙ නැත්තේ ඇයි
ඉතිං ඕවා තියෙන බව ඔත්තු දුන්නේ මොන ගොං හරකෙක්ද? ඌටත් නෑ වෙන එකෙකුටත් නෑ. රටටත් නෑ. යකෝ ඕවා කෝටි ගනං නං වෙච්චි දෙයක් තියෙන්න එපැයි අල්ලලා. මේවා හැමදාම අල්ලනවා අතුරුදන් වෙනවා.