
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සේවකයන් අට දෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා දුරකථන සමාගම් තුනකට අද (30) නියෝග කළේය.
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමට අදාල සම්පූර්ණ නොකරන ලද වාහන ලියාපදිංචි කිරීමේ පොත් දොළහක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට එම කාර්යාලයේ සේවය කරන සේවකයන් ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
පොත් අස්ථානගත වූ කාර්යාලයේ සී සී ටීවී දර්ශන සවිකර නොමැති හෙයින් කාර්යාලයේ තිබූ ඇඟිලි සටහන් අනුව ඉදිරි විමර්ශන සිදු කරන බවත්,සැප්තැම්බර් මස 25 වැනි දින සිට මේ දක්වා කාර්යාලී වැඩ කරන එම සේවකයන්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසත්,බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කාර්යාලය තුළට පිටස්තරින් පැමිණි පුද්ගලයකු විසින් මෙම පොත් සොරකම් කර ඇත්ද? නැතහොත් කිසියම් පාර්ශවයක් අස්ථානගත කර ඇද්ද යන්න පිළිබඳ අනාවරණය කර සැකකරුවන් හඳුනා ගැනීමට ඉදිරි විමර්ශන සිදු කරන බවද පොලිසිය සඳහන් කළේය.
එක පෙළට තිබූ අංක සහිත පොත් දොළහක් මෙසේ අතුරුදහන් වී ඇති බව පොලිසියේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුවල් කන්ට්‍රෝල් සේප්පුවක තැබිය යුතු දේවල් කබඩ්වල දැම්මම එහෙම වෙන්න පුලුවන්, ඕක ආදායම් ලබන ආයතනයක් උනහම වියදම් කරලා සුරක්ෂිතා ගාර හදලා ආරක්ෂාව සපයාගත යුතුයි . ඔය හොර ගුහා ඉදිරයටත් ඔය විදියටම වෙයිද බලමු.