
(ආරියරත්න රණබාහු)
හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අපෙන් විමසුවත් එය ක්‍රමානුකූලව කරන ක්‍රියාවක් බැවින් ඊට රජයට කිසිදු හදිසියක් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැස්බෑවේදි පැවසුවාය.
කැස්බෑව නගර සභා ශ්‍රවනාගාරයේ පැවති කැස්බෑව ආසනයේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමින් ඒ බව පැවසු අගමැතිනිය එහිදී මෙසේද කීවාය .
හොරු අල්ලන්න ප්‍රමාද මොකද කියලා හොරුම අපෙන් අහනවා.කලබල වෙන්න එපා.අපි මේ හොරා පොලිස් සෙල්ලම කරනවා නෙවෙයි. .ඒගොල්ලෝ වගේ නාට්‍යයක් රඟ දක්වනවා නෙවෙයි
රටක් හදන්න අපි මේ උත්සාහ කරන්නේ. හොරු ඇල්ලීම මාධ්‍ය ඉස්සරහා කරන රඟනයක් නෙවෙයි.අපි ඒගොල්ලෝ වගේහොරු බොරුවට අල්ලලා බන්ධනාගාර රෝහලට යවල පසුව අත්සනක් වැරදුනා කියලා එළියට යවන්න නෙවෙයි මේක කරන්නේ.
අපි මේක කරන්නේ හරියට නීතියට අනුවයි හරි දඬුවමකට ලක් කිරීම අවශ්‍යයි. ඒවා නිවැරදි විදියට කළයුතුයි. ඒනිසා අපට කලබලයක් හෝ හදිසියක් නැහැ .ඒවා ක්‍රමානුකූලව කරගෙන යනවා.කට්ටියට හිරේ යන්න හදිසි උනාට අපට කරන්න දෙයක් නෑ. අපේ ගිවිසුම තියෙන්නේ පරජය වු පක්ෂවලට හෝ පුද්ගලයන්ට උත්තර දෙන්න නෙවෙයි ජනතාව සමඟයි.
මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාද අදහස් දැක්වීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයි දැයි හොරුන්ම අපෙන් විමසනවා හරිණි අමරසූරිය කොළඹින් සහ අම්බිගා කඳුරටින් මෙවර මහමැතිවරණයේදී විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇත...!
එහෙම අහන එකේ වරදක් නැහැ. මොකද ඔහේලා විපක්ෂයේ සිටිද්දී සියලු හොරුන්ගේ තොරතුරු එකතු කර ෆයිල් හදා අවසන් කරගෙන නේද හිටියේ. ඉතින් ඒවා අධිකරණයට ඉදිරිපත් කර හොරු අල්ලන්න තිබුණා නේද කියනකොට කිව්වේ නම් නඩුවේ තීන්දුව ලියමින් කියලා තමයි පෙන්නුම් කළේ. එහෙම නේද මැතිණිය.
දේශපාලන උත්තර අපට එපා. හොරු ඇල්ලීමට මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න යුතුකමක් තිබුණා.
ඉතාම ප්‍රශංසනීයයි... ජය වේවා...!
අල්ලද්දී කෙඳිරි ගාන්න එපා කිව්වා මතකද?
මෙයත් දැන් ඉඳලා හිටලා පොඩි එකක් කියලා යනවා.
ඔන්න ඔහොම තමයි යමක් කළ යුතු. අහගන්න, හදිසි වෙන්න එපා, මාලිමාවට ඡන්දෙ දුන් අය දන්නව යමක් කළ යුතු ආකාරය සහ ඊට ගතවන කාලය.
ඒකනම් එළකිරි කතාව. නීත්‍යානුකූල විදිහට කරන්න ඕනේ. නැත්නම් දේශපාලන පලිගැනීම් කියලා කියනවා. මේ රටේ එකෙක්වත් හොරකම් කරලා නෑ සේරම ඉන්නේ නියම මහත්වරු සෙට් එක. අල්ලන එක තමයි වැරදි. එල්ලුවොත් දේශපාලන පලිගැනීමක් කියනවා.
සෙනෙවිරත්න, රෙදි සෝදන මැෂින් එක නියමයි..
අල්ලද්දී කෙඳිරි ගාන්න එපා හොඳේ...!
නිවටයෙක් දැක්කාම එළුවෝත් රැවුල පානවා කියන්නේ මේකට තමයි...! මේ වගේ වැඩබැරි කයියනායකලා පත්වුණාම නාමල් වගේ කම්බ හොරුත් "පුලුවන්නම් අල්ලපන්" කියලා කෝචෝක් කරන්නේ ඒක හින්දයි !
මෙයත් ඩයනා වගේලු නේද?