
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය.
ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්‍රම්ප්, විස්කොන්සින් පැමිණියේ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් ජන රැලියක් ඇමතීම සඳහාය.
ගුවන් යානයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් කුණු ලොරියට ගොඩවූයේ ට්‍රම්ප් දැක ගැනීමට ගුවන්තොටුපොළට රැස්ව සිටි මාධ්‍යවේදීන් බලා සිටිද්දීය. කුණු ලොරියේ, ට්‍රම්ප්ට ඡන්දය දෙන්නැයි පෙන්වන ප්‍රචාරක ස්ටිකර් අලවා හැඩ ගන්වා තිබුණි.
කුණු ලොරිය රවුම් කිපයක් ධාවනය කර, මාධ්‍යවේදීන් අසලට පැමිණ ට්‍රම්ප්, රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් දුන්නේය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ට්‍රම්ප් අපහාස කළේ එම අවස්ථාවේදීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 5 වැනිදා පැවැත්වෙයි. මේ වනවිට ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් ද ඔවුන්ගේ අවසන් මැතිවරණ රැලිවල නියැලෙමින් සිටින බව පැවැසෙයි. එවැනි එක් රැලියකදී කමලාට සහාය දක්වමින් ඊට එක් වුණු වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වැඩකට නැති ‘කසල’ යැයි හඳුන්වා දුන්නේය. ට්‍රම්ප්ගේ කෝපයට මෙය හේතුවක් විය.
‘ඔව්, අපි කසල තමයි, මම මේ කුණු ලොරිය පදවන්නේ ඒ නිසයි’ යැයි ට්‍රම්ප් කුණු ලොරියේ රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය. ඉන්පසු ට්‍රම්ප්, විස්කොන්සින් ජන රැලියකට සහභාගී වූ අතර, එහිදී ද ඔහු සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවෙන් සැරැසී සිටියේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාණෝගේ බස් එලවිල්ල මතක් වුණා. ඊට පස්සේ පුංචි ළමයින්ට රැස්වීමේදී මිත්‍රවරුණි කියලා ආමන්ත්‍රණය කරන එකත් මතක් වුණා. සිඟිති ආතල්.
ට්‍රම්ප් යනු ඇමරිකාවේ හිටපු අනෙක් ජනාධිපතිවරු සමඟ සන්සන්ධනය කරන කොට විනයෙන් ඉතා අඩු , දිගට හරහට නීතිය කඩන තනිකර කුණු ගොඩකි. ලංකාවේ දේශපාලුවන් සහ ට්‍රම්ප් අතර විශාල වෙනසක් නැත.