IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ලොහාන් රත්වත්ත අත්අඩංගුවට

 

(ෂේන් සෙනෙවිරත්න )

මිරිහාන පොලිසියෙන් පැමිණි විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ .

අද (31) පෙරවරුවේ මහනුවරට පැමිණි එම පොලිස් කණ්ඩායම රත්වත්තේ මහතාට අයත් මහයියාව නිවස සම්පූර්ණයෙන් පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ .

රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් යැයි කියන නුගේගොඩ මිරිහානේ ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ, යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු එසේ අත්අඩංගුවට ගෙන තිබේ .



අදහස් (16)

ලොහාන් රත්වත්ත අත්අඩංගුවට

Perera Thursday, 31 October 2024 01:25 PM

තව දවස් දෙක තුනකින් පුවත ලොහාන් රත්වත්ත ඇප පිට නිදහස්.

:       5       125

Kazi Shajahan Thursday, 31 October 2024 01:42 PM

හොර මූණක් තියෙන්නේ. වැඩක් නැහැ මුන් ඉන්නේ එක සතියක් විතරයි ඇතුලේ.

:       42       77

Mendis BoossaThursday, 31 October 2024 02:56 PM

ආය උඹ පේන කියනවද මූන බලාගෙන

:       3       38

ඉඩෝරයට දිය පොදක් Thursday, 31 October 2024 01:44 PM

අප්පේ, බිත්තර, හාල්, පොල්, පාස්පොර්ට්, උගන්ඩා ජෙප්පොන්ට ඉතින් ඡන්දෙ ගොඩදාගන්න පුළුවන්. සතුටට ඇඬිලා ඇත්තේ.

:       42       128

Inkawo Thursday, 31 October 2024 01:48 PM

නැගිටපල්ලා නැගිටපල්ලා, උඹලටත් වාරය ඇවිල්ලා,හෝදපල්ලා හෝදපල්ලා.

:       7       111

යෝගා Thursday, 31 October 2024 01:52 PM

දවස් දෙක තුනකින් ඇප අරන් ගෙදර යයි. ඡන්දෙ බලාගෙන මේ වගේ සිල්ලර දේවල් නෙමෙයි, රටේ ණය ටික ගෙවන්න උගන්ඩාවේ හැංගුවා කියපු ඩොලර් නැව් ටික ගේන්න.

:       36       101

සමානාත්මතාව කෝ Thursday, 31 October 2024 01:53 PM

මේවා නම් පලිගැනීම් වගෙත් පේනව දැන්. බීලා ලයිට් කණු පෙරලපු මාලිමාවේ අයත් මේ විදියට හරි නම් අත්අඩංගුවට ගන්න ඕන. අපක්ශපාතීව නීතිය ක්‍රියාත්මක වෙනවා නම්. මූ නම් මට පෙන්නන්න බැරි මිනිහෙක්. ඒත් කෝ සමානාත්මතාව? වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද නේ.

:       39       102

Tiran Thursday, 31 October 2024 01:57 PM

මෙයා නේද අර පිස්තෝලෙකුත් අරන් බන්ධනාගාරෙට ගිහින් ගෑනුන්ට තත්වේ පෙන්නපු එකා? මුන් පාර්ලිමේන්තු යවපු උන් තමයි හරි නම් ඇරෙස්ට් කරන්න ඕන. මාලිමාවෙනුත් මේ වගේ අය ඕන තරම් දාල තියෙනවා ලිස්ට් එකේ. මිනිස්සුන්ට දැන ගන්නවත් අංක දාන්නෙ නැත්තේ ඒකලුනේ.

:       11       96

Jayasekara Thursday, 31 October 2024 02:10 PM

වලව් උෂ්ණේ කියන්නේ ඕකට තමයි. රටේ නීතිය රාජ්‍ය බලයේ නටවන කාලකණ්ණි.

:       44       74

DHARMATILEKE Thursday, 31 October 2024 02:26 PM

මෙරට රජයෙන් සහන එපා නමුත් මේ වගේ වෙස්මුණූ දාගෙන අපේ සල්ලිවලින් ජීවත්වන තක්කඩියන්ට ජම්පරයක් අඳින්නේ මට ඒක ඇති.

:       83       58

Chandima Thursday, 31 October 2024 02:30 PM

දැන් මේවා කරන්නද මේ මිනිස්සු බලය ගත්තේ? කෝ වැඩිකරනවා කිව්ව පඩි? අඩුකරනවා කිව්ව බදු කෝ? ලිහිල් කරනවා කිව්ව ජීවන බර කෝ? ඡන්දෙට කලින් එක බිත්තරයකින් රු.8ක් ඇමතිට ගියානේ. දැන් ඒ ඇමති නෑ. ඒ රු 8 දැන් යන්ටනේ කාටද? බිත්තරයක මිල පාලනය කරගන්න බෑ. හාල් මිල පාලනය කරගන්න බෑ. වෙලදපොලේ නාඩු, සම්බ හොයන්නත් නෑ. මේවා පාලනය කරගන්න බෑ කියන්නේ නොහැකියාව. නොපලපුරුද්ද දැන්වත් මාලිමාව තේරුම්ගන්නවද ස්ටේජ් උඩ බෙරිහන් දීල හලපු පච වට්ටෝරුව යථාර්ථයක් කිරීම පහසු නොවන බව. මහා ලොකුවට කයිවාරු ගහලා අද මාසයක් තුළ කරපු මගුලක් නෑ.

:       23       68

ඔන්නොකයි ප්‍රශ්නේ Thursday, 31 October 2024 02:52 PM

කෝ හොරු අල්ලනවද කියල අහපු බටෝයියෝ ටික දැන් හොරු අල්ලනකොට නාහෙන් අඬනවා , හොරෙන් පන්නපු සැප වහනයක් ගෙදර තියන් ඉඳල මාට්ටු උනහම නීතිය ක්‍රියාත්මක නොකර රනිල් ,මහින්දලා වගේ උම්මා එකක් දීලා "එයා ප්‍රභූ පවුලක කෙනෙක් " කියලා ගෙදර යවන්නද කියන්නේ ?

:       44       22

de silva Thursday, 31 October 2024 03:10 PM

ධර්මතිලක මහතාගේ අදහස මමත් අනුමත කරනවා. එක එක සහන නැතිවුනත් කමක් නැහැ. තව මාස 2-3 ඇතුලත මෙවැනි හොරුන්ට ජම්පරයක් අන්දලා , අපට රියදුරුබලපත් , පාස්පෝර්ට් පෝලිම්වල දුක් නොවිදින , රජයේ කාර්යාලවල රස්තියාදු නොවී පගාව නොදී වැඩක් කරගන්න පුළුවන් තත්වයකට රට ගෙනාවොත් හොඳටම ඇති. ලබන ඡන්දෙත් මාලිමවට දෙන්නම් , නමුත් එළබෙන පළාත් සභා , ප්‍රාදේශීය සභා ඡන්ද වලදී බොහෝ දෙනෙක් ඡන්දෙ දෙන්නේ ප්‍රගතිය සමාලෝචනය කරලා බව සිතට ගන්න.

:       39       28

Nimal Thursday, 31 October 2024 03:22 PM

නීතිය ඉදිරියේ සමානාත්මතාවය විශ්වාස කරන අයට සැනසීමක් විය. අවසානයේ දී, ජොයෙල් පේරා ඝාතනය සිදු වූ ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. ලොහාන් රත්වත්තේ පැපුවා නිව්ගිනියාවේ රග්බි තරුවක් වූ ජොයෙල් පේරා මැයි දිනයේදී කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් වන කොල්ලුපිටියේ කාල්ටන් ක්‍රීඩා සමාජය ඉදිරිපිටදී ඝාතනය ට ලක්විය. පේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන ලොහාන් රත්වත්තේ ප් රබල අමාත් ය අනුරුද්ධ රත්වත්තේගේ පුතෙකි. මාසයකට ආසන්න කාලයක් පොලිසිය එම ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයට නොපැමිණ මේ සම්බන්ධයෙන් කකුලෙන් ඇදගෙන ගිය බව ජනතාවට රහසක් නොවීය.

:       18       20

Mahesh Thursday, 31 October 2024 03:54 PM

මුන්ගේ ලේකම් සියදිවි හානි කරගත්තේ වූත් මුගේ කෙරුවාවල් වලට සම්බන්ධ නිසා. ඒ සිද්ධිය මිනීමැරුමක් වෙන්නත් පුළුවන්. ලේකම් තමයි මුන්ගේ රහස් ඔක්කොම දැනන් හිටියේ.

:       18       31

ගෙවින්දු ගම්මන්පිල Friday, 01 November 2024 09:14 AM

රටෙ කරුමෙට ජාත වෙච්චි අය. මෙයා නේද අර බන්ධනාගාරේ හිටය රැඳිවියන්ට කටට පිස්තෝල තියපු කෙනා...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පූජනීය ධාතු කොටස් වෙන්දේසියකට සැරසේ
2025 මැයි මස 04 980 0

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු


සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 875 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 558 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 851 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 5569 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 376 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 656 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 171 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site