
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න මහතා එම නිවාසය ඊයේ(31) වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට කටයුතු කළේය.
1977 එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර ආසනය සඳහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පී. දයාරත්න මහතා සිය දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව මෙම නිවාසය පාවිච්චි කළ අතර 2015 වසරේ දී පාර්ලිමේන්තු අසුන පරාජයවීමෙන් පසුවත් එවකට පැවති රජයන්හි අවසර මත මෙම නිවාසයේ රැදී සිටියේය.
වත්මන් ජාතික ජනබලවේගය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීජවරුන් සියළු දෙනාටම ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස ආපසු භාරදීමට සිදුවූ අතර ඒ අනුව මෙම නිවාසය නැවත ලබාගැනීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය.
මේ අතර අම්පාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ විමලවීර දිසානායක යන මහත්වරුන්, ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස දෙකක් පසුගිය දිනක නැවත අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදී ඇති බව එම කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපුවාම මන්ත්‍රීලා ඇමැතිලා පඩිත් අරගෙන ජරාවක් කාලා අවසානයේ මහජන මුදලින් නඩත්තු වෙන රජයේ නිවාගත් පරිහරණය කරනවා. මොවුන් සිඟන්නෝ වෙන්න ඕනෑ නේද?
දශක හතක් තිස්සේ බත්කන හරක්ට පුළුවන් දැන් මේ "රටකාපු හොරුන්ට, තක්කඩින්ට" සුදුහුණු ගාලා, අනෙක් කමෙන්ට්ස් වලට ඕසේට අන්ලයික් කරන්න... ඔක්කෝටම ඉස්සෙල්ලා, තමන් ගැන, තම දූදරුවන්ගේ අනාගතය ගැන, රට ගැන කැක්කුමක් තියෙන්න ඕනෑ... මේවා හරිගස්සන්න. නැත්නම් හැමදාම රටේ සාමාන්‍ය අසරණ ජනතාවට සැමදා අබ සරණම තමයි...
ඇත්තටම පී දයාරත්න නම් ලැජ්ජාවක් නැති කෙනෙක්. මෙයාගේ ළමයි ව්‍යාපාරිකයෝ. ලැජ්ජාවක් නැතුව ආණ්ඩුවේ ගෙවල්වල ලැගලා ඉන්නවා මැරෙනකම්. මොවුන්ගේ ළමයිවත් මහා එකාට කියන්නේ නැද්ද මේවා වැරැදියි කියලා...!
රජයේ ක්‍රමවේදය අනුව පී. දයාරත්න යම් මුදලක් අපට ගෙවිය යුතුයි. පාරේ යනකොට හූ කියන්නේ මේ වගේ හොරුනේ...
මේ හොර දේශපාලකයන්ගෙන් මේවාට වන්දි ලබා ගෙන නීතියෙන් දැඩි දඩුවම් ලබා දිය යුතුය. මොවුන්ගේ දේපල වහා රාජ සන්තක කළ යුතුයි.
මේ එක්කෙනෙක් ගැන විතරයි. හැත්ත බුරුත්ත පිටින් දේශපාලනය කරන්න වලිකන හේතුව දැන් හැමෝටම තේරෙනවා ඇති නේද? ඔන්න අපිට පෙන්නපු සංදර්ශනයේ තරම. මේ නිවාසයේ නඩත්තු වියදම්...?
රත්නපුර ප්‍රදේශයේ මේ දිනවල ඉතාමත් ප්‍රසිද්ධ ජාතික පාසලක විශ්‍රාමික ගුරුවරයෙක් දරුපවුල සමග (විශ්‍රාම ගොස් ඉතාමත් දිගුකලක් ගතවී ඇතත් ) විදුහල්පති අනුහසින් ගුරු නිවසක ඉන්නවා කියලා දැනගන්න තියෙනවා...!
මම පොඩි කාලේ මේ නම මුලින්ම ඇහුවේ. මම හිතන්නේ වසර 10කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න නැතිව ඇති. එහෙව් මනුස්සයෙක් විලිලැජ්ජා නැතිව ආන්ඩුවේ නිවෙසක මගේ වයසටත් වඩා කල් ඉඳලා. නැති බැරි මිනිස්සු නම් කමක් නෑ. මේ මනුස්සයාගෙන් පාර්ලිමේන්තු නොඉඳ නිල නිවසේ හිටිය කාලය වෙනුවෙන් කුලියක් ගත යුතුයි. නමක් නැති වගේම කොන්දකුත් නැති " පිටරැටියෙක්" දශක 7ක් බත්කන හරක් ගැන කියලා තිබ්බා. ලයික් හෝ ඩිස්ලයික් කිරීම තමන්ගේ අයිතියක්... ඔය කිව්වා දශක 7 තුළ තමයි මහවැලිය, වෙළෙඳ කලාප, කාපට් පාරවල්, දියුණු අධ්‍යාපනයක්, විශ්ව විද්‍යාල, නවීන විද්‍යුත් මාධ්‍ය, සන්නිවේදන සහ කිව නොහැකි බොහෝ දේ රටට ලැබුනේ. මේක නොදන්නවා කියන්නේ පිටරැටියා ස්ථිර ලෙසම අසූචි කන්නෙක් විය යුතුමයි...
මේ මිනිහට ලැජ්ජා නැහැ. ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ඉහළයි කියනවානේ...
මොවුන් ගෙදර සිටි කාලයට වන්දි ගත්තා නම් තමයි හොඳ...
දැන් රජය කළ යුත්තේ මොවුන් නීතියට පිටින් බලෙන් නිවාසවල රැඳී සිටි කාලයට, නිවාසවලට අදාල ගෙවල් කුලීය, හිඟ ජල, විදුලි බිල ඒවාට අදාල පොලිය අය කරගන්න කටයුතු කරන එක, ඒවා ගෙව්වේ නැතිනම් නඩු පවරන්න පුළුවන්...!
ලාල්කාන්ත මාදිවෙල නිවස බාරදීලද තියෙන්නේ?
අනේ මන්දා.. රජයේ සේවකයෙක් ලෙස අපටත් කවදා හෝ නිල නිවසක් ලැබුණත් අපි නම් වඩා කැමැති නිල නිවසට වඩා තමුන්ගේම කියන්න පුළුවන් පොඩි හො නිවහනක ජීවත්වෙන්න. මේ මානසිකත්වය මොකද්ද කියන එකයි නීතියට වඩා මෙතැන ගැටළුව...
රනිල් හරි සජිත් හරි දිනුවා නම් මුන් තාම අපේ සල්ලිවලින් වැජඹෙනවා. දැන්වත් මිනිසුන්ගේ ඇස් ඇරේවී කියලා හිතෙනවා.
බලාගෙන ගියාම හිටපු ජනාධිපතිලා විතරක් නෙවෙයි, මැති ඇමැතිලයි පැරදිච්චි අයයි ඔක්කෝම නඩත්තු කරන්න වෙලා තියෙන්නේ... මහජනතාවටනේ... මොවුන් ඉන්නකල් කරේත් තමන්ගේ දරුවන්ට හොඳ හොඳ අවඅවස්ථා ලබාගන්නා එක. පවුලේ සනුහරේටම කරගන්න එක. ඒ මදිවාට පැරදිලත් මොවුන් ගිලලා තියෙන්නේ අපේම බදු මුදල්නේ.. කෝ ස්වභාව ධර්මය මොවුන්ට දඬුවම් කළාද? අහින්සකයින්ට තමයි ඔක්කෝම හෙන...
අපරාදෙ කියන්න බෑ.. අවුරුදු 46ක් තිස්සේ ජනතාවට බොක්කෙන්ම ආදරය කරලා. හරි හමන් කෑමක්, බීමක්වත් ගත්තාද දන්නේ නෑ...