
හංවැල්ල ආටිගල පාර බටවල හන්දිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් උණ්ඩ නිවෙසේ ජනෙල්වලට වැදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීම වන අවස්ථාවේ ව්‍යාපාරිකයා නිවෙසේ සිට නැති අතර ඔහුගේ බිරිඳ, බිරිඳගේ මව, දරු දෙදෙනකු සහ සේවිකාවක සිට ඇතැයි කියයි.
වෙඩි ප්‍රහාරයෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd