
(අංජුල මහික වීරරත්න)
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද (1) විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම මාර්ගය විවෘත කර ඇත.
වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.
මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය.
ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාල කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ මේ මනුස්සයා නැවත රටම අනාරක්ෂිත තත්ත්වයක පත්කරලා ගෙදර යයි වගේ...!
හැම දෙයක්ම අනාගෙන ඉන්න වෙලාවේ ඡන්දෙට ඉස්සෙල්ලා මොනවා හරි සිල්ලර වැඩක් දෙකක් කරලා ලකුණු ටිකක් දාගන්න එපැයි...!
දැන් ඔය පැත්තේ ජීවත් වන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාව. ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට හා ප්‍රවාහන කටයුතු සඳහා මෙම මාර්ගය විවෘත කිරීම ඉතා වටිනවා....
යුද්ධය ඉවරවෙලා අවුරුදු 15ක් ගිහිල්ලා තවමත් රට අනාරක්ෂිත නම් අපේ ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශයේ අකාර්යක්ෂම බව. ඒකට තව කොච්චර කල් පාරවල් වහගෙන ඉන්නවාද? මේක උතුරේ නැති ව දකුණේ වුණා නම් ඔහොම කියන්නේ නැහැ. මේක අගය කළ යුතුයි. තව එකක් මේක විවෘත කරන බව දැනගෙන තමා දේශපාලන වාසි ගන්න සුමන්දිරන් ඊයේ කිව්වේ පාර අරින්න කියලා...
තමන් නිදහස් වෙන්න ඕනෑ නම් අනුන්ව පාගගෙන ඉඳලා ඒක කරන්න බෑ. ඒ හින්දා තමයි කෲර පාලකයෝ, ඒකාධිපතියෝ, බලෙන් ආණ්ඩු කරන අය හැමවෙලේම බයෙන්, අවිශ්වාසයෙන් ජීවත්වෙන්නේ. එළියට පේනවා සෝබනේට, ලොකුවට ඉන්නවා කියලා. නමුත් මර්ධනය තමයි ඒ අයගේ එකම බේත. ඒ හින්දා නූතන බණ පදේ තමයි ඔබට නිදහස අවශ්‍ය නම් අනෙකාගේ නිදහසට ගරුකරන්න. කියවූ ඔබ සැමට ස්තුතියි...!
ඇතැම් කමෙන්ට් දැක්කාම මේ රටේ මිනිස්සු කොච්චර කුහක හා පසුගාමීද කියලා පේනවා. එක්කෙනෙක් හිතන්නේ මේක නිසා යුද්ධය ඇතිවෙයි කියලා. එයා ඔය පාර වැහුවෙ ඇයිද කියලාවත් දන්නැතුව ඇති. කටුනායක ගුවන්තොටුපල පාර වහලා තිබ්බොත් ඒ අවට අයට මොනවා හිතෙයිද? ඒවගේ අනිත් අය ගැන හිතන්න බැරි මිනිස්සු මනුෂ්‍යත්වයටත් නිගාවක්. තව කෙනෙක් මේ රට දැන් හොඳටම අනාගෙන කියලා කියනවා. ඒක එයාගේ කැමැත්ත වෙන්න ඇති. ඒ වුණාට මේ රට හොඳටම අනලා බංකොළොත් කරපු රටක් කියලා එයා දන්නවද දන්නෑ. දේශපාලන වහල්කම කොච්චර දරුණුද?