
(ගයාන් සූරියඅරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.
ප්‍රභූ ආරක්ෂක නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා නිලධාරීන් 60 දෙනෙකු, ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් ලබාදී ඇත.
චක්‍ර ලේඛයට අනුව අතිරික්ත නිලධරයන්ග් නාම ලේඛනය හෙට (2) දිනට පෙර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබීමට සැලැස්විය යුතු අතර අනිද්දා (3) දිනට පෙර රදවාගත යුතු වාහන සංඛ්‍යාවට වඩා වැඩියෙන් ඇති වාහන පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාරදිය යුතු බවද එම චක්‍ර ලේඛයේ සදහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තුට්ටු දෙකේ සුළුතර ආණ්ඩුවෙන් අප ඇසිය යුත්තේ ත්‍රීවීලරය මොකටද කියාය.
60ක්.. මගේ අම්මෝ...!
තවත් අඩුකෙරුවා නම් තමයි හොඳ. බුද්ධි අංශවලට අනුව ඔහුට තර්ජනයක් නැත්නම්, මේ දුප්පත් රටේ කොච්චර වේල් කන්න බෙහෙත් ටික ගන්න බැරි අසරණයින් ඉන්නවාද? මේ නාස්තිකාර වියදම් අඩු කරන්න. වර්තමාන ජනපති අගමැති කොයිතරම් වියදම් අඩු ජිවිතද ගතකරන්නේ...?
අනේ සිහිවිකල් වෙලා බල තණ්හාවෙන් දොඩන කෙලින් ඇවිද ගන්නවත් බැරි අයට කවුද හානි කරන්නේ? ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නකෝ...!
60 ත් වැඩියි...
උතුරේ කොටි යුද්ධය අවසන් කළාට විරෝධය පෑමක් හැටියට හඳුන්වන්න පුළුවන්...!
ගෙදර වැඩටත් ආරක්ෂකයින් දාලාද?
මේ වයස එතරම් ලොකු ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ගාටලා 10 දුන්නා නම් හොඳටම ඇති. මේ අයට ගෙවන්න ඔවුන් කොමිෂන් ගත්තු සල්ලි නොවේ අපේ බදු මුදල් නිසා..!
මේක මහා පුදුම රටක්, පට්ට හොරු, මහබැංකු හොරු ආරක්ෂා කරලා, පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දෙනවා, ආරක්ෂකයෝ හැට දෙනෙක්, වෙනත් රටවල ජනාධිපතිවරු හොරකම් කරලා හිරගෙවල් වල ළගින්න වෙනවා. සිරි බර සිරි ලංකාවේ සැප සම්පත් යාන වාහන දීලා හොරු ආරක්ෂා කරනවා. විදුලි බිලක්වත් ගෙවන්නැති ජනාධිපතිවරු ඉන්න රටක්...
ඊට අමතරව දෙන්න වෙයි. ස්ටේජ් වලට නග්ගන්න කරන එකක්..
සුනාමි ආධාර හොරා කාපු රටේ සියළු දේවල් අවභාවිතා කළ රාජ්‍ය ධනය මහා පරිමාණෙන් හොරා කාපූ, රට බංකලොත් කළ එකෙකුට මොන අසාධාරණයක් ද? පස් දෙ නෙකුට වඩා දෙන්න එපා. හොරුන්ව ආරක්ෂා කරන රටවල් කොහේවත් නෑ.
අපෝ තව අඩුවෙන්න ඕනෑ...!
එක මනුස්සයෙක්ට ආරක්ෂකයෝ 60ක් ඇයි? දේශපාලනයෙත් නැත්තං. ඉන්නෙත් වල පයයි ගොඩ පයයි තියන්. මොන මගුලට ද 60 දෙනෙකුට ආරක්ෂා කරන්න තියෙන්නේ?
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතයා, සුනාමි හොරා, ආර්ථික ඝාතකයා, මහාපරිමාණ හොරකම් වංචා දූෂණ වලින් හම්බකර ගත්තු මුදල්වලින්ම බැරියැ ආරක්ෂක හමුදාවක් වුණත් තියාගන්ඩ.
බොහෝම වැඩියි.