
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැනුම් දීමකින් තොරව දුම්රියක් ධාවනය කරවීමෙන් දුම්රිය දෙපාර්තුමේන්තුවට රුපියල් ලක්ෂ 30 කට අධික අලාභයක් වී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසීය.
දුම්රිය බලධාරීන් පළමු පන්තියේ ආසන 520 ක් සහිත දුම්රියක් හදිසියේම මෙසේ ධාවනයට යොදවා ඇති බවත් එම දුම්රියෙන් යාපනය සහ කන්කසන්තුරේ දක්වා මගීන් 44 ක් ගමන් කර ඇති අතර ආසන 476 හිස්ව ධවනය වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
එසේ විශේෂෂ දුම්රියක් යෙදවුවද යාල්දේවී දුම්රියේ සියලුම ආසන වෙන්ව මගින් ගමන්කළ බවත් යෙදවූ මෙම අතිරේක දුම්රියේ එක් ආසනයක් රුපියල් 3200 ක් වන බවත් ඒ මහතා කීය. ඒ අනුව හිස්ව තිබූ ආසන 476 න් පමණක් පාඩුව රුපියල් පහලොස්ලක්ෂ විසිතුන්දහස් දෙසීයක් (රුපියල් 1,523,200) බව කී ඒ මහතා එම දුම්රිය නැවත කොළඹට පැමිණීමේදී ආසන 465 ක් හිස්ව තිබීමෙන් එයින් රුපියල් දාහතර ලක්ෂ අසූඅටදහසක් (රුපියල් 1,488,000) බවත් සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං ඒතට උත්තරෙත් එතැනම තියෙනවානේ. ඒ ලක්ෂ තිහ වැඩ වර්ජනය කරපු දුම්රිය ස්ථානාධිපතිලාගේ මේ මාසේ වැටුපෙන් කපා ගන්න. අන්න එහෙමයි ඔය වගේ වැඩවලට අච්චු කරන්නේ... ආයේ වර්ජන කරන්න හිතන්නේ වත් නෑ...!
කමක් නෑ.. මිනිස්සුන්ගේ බදු සල්ලිනේ.. මොකද එයාලාගේ අතින් පයින් යන එකක්යෑ....!
ඒ වීදියට බලාපුවාම මෝටර් සයිකල්වල එක්කෙනෙක් නැගල යන එකෙන්, කාර් එකක රියදුරු විතරක් නැතිනම් දෙන්නෙක් යන එකෙන්, බස්වල සීට් පිරෙන්නම මගීන් නැතිව පාරේ දුවන එකෙන් මාර පාඩුවක්නේ වෙන්නේ? ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් ඉන්න පාරවල්වලට පාසල් බස් එක අවලංගු කරලා මොටෝ බයිසිකලයක් දාන්න වෙනවා. සීට් පිරෙන්න මගීන් නැතිනම් ගුවන් ගමන් අවලංගු කරන්න වෙනවා. මට පේන්නෙ කවුරු හරි ජනතාව ගොනාට අන්දන්න හදනවා වගේ මේ ඡන්ද කාලේ.