
( ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )
රුපියල් කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිවසේ සිටි අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළේ කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම හෙරොයින් තොගය ප්ලාස්ටික් බැරල් තුනක බහා නිවසේ මිදුලෙහි වල දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් හෙරොය ‘ආමි චූටි’ නම් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ... දේශබන්දු මහා සද්දයක් දාලා කරපු සන්දර්ශයෙන් මෙහෙම ඇල්ලුවද..?
ඒ කාලෙන් ඇල්ලුවා. කිලෝ 200 විතර ඒවා. ඒ වුණාට ඒ කාලේ කුහක හැත්ත කිව්වා... හැමදාම තොග විතරයි අල්ලන්නේ. ඒ වුණාට කුඩු ගෙන්නන ඇමැතිලා අල්ලන්නේ නෑ කියලා. දැනුත් ඒකමයි වෙන්නේ. ඒත් දැන් කුහකයින් බලේ අරන්...