
(ෂේන් සෙනෙවිරත්න සහ ධම්මික ගුණවර්ධන)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරකට අනුව තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ කිසිවෙකුත් පදිංචි නොමැති පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තබා තිබූ බව තෙල්දෙණිය පොලිසිය කියයි .
මිට්ෂුබිෂි වර්ගයේ එම ජීප් රථය සඳහා කේ.එන්.5556 යනුවෙන් ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී එම අංකය හිමි තවත් රතු පැහැති පෙට්‍රල් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර මෙම රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක් බවද පොලිසිය කියයි .
මේ වන විට එම සැකකටයුතු ජීප් රථය තෙල්දෙණිය පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගෙවල් හොද වැඩිය මූව දාලා තියන්න.
ඔව් මේවා මාධ්‍ය සංදර්ශන කියලා හිත හදාගමු. මෙහෙම තමයි රැඟුවේ බලය තියෙන කාලේ, තව කොපමණ රට පුරා ඇතිද? දන්නා හැමෝම මේවා අදාල අංශ වලට දැනුම්දීලා මේ සුනඛයින් රටට කරපු විනාශෙ නවතමු. ඔබ පාරේ කාණුවලට බැහැලා මොවුන්ට පාර ඉඩදෙන්න ඇතිද කොපමණ වතාවක්? අපට දුක එහෙම කාණුවලට බැහැපු අයම මොවුන්ට ආවඩන එක...
මේ මනුස්සයාට වාහන කොපමණ තිබෙනවාද? ලේක්ෂස් එකක් කොළඹදී අහුවුණා. ඩිෆෙන්ඩර් එකක් අනතුරට පත්වුණා. දැන් මොන්ටෙරෝ එකක්...!
අනේ අසරණ මනුස්සයෙක්ට මොන්ටේරෝ එකක්වත් තියාගන්න දෙන්නේ නැද්ද මේ කුහක ආණ්ඩුව..?
de silva, දශක හතක් තිස්සේ මේ රටකාපු හොරු, තක්කඩි, කවුරුවත් දන්නේ නෑ ඔවුන්ට තියෙන, වාහන ගණන, ඉඩ-කඩම් දේපළ ගණන, අනියම් බිරින්දෑවරුන් ගණන. අමතකද "මට මතක නෑ, මම දන්නේ නෑ, මම කියන්නේ නෑ".
රත්වත්තට දැන්වත් රත්ෙවලාද? පිස්ෙතා්ල කීයක් තිෙයනවද දන්ෙන් නෑ?
මෙයා කරලා තියෙන්නේම හොර මැර සහ ජඩ වැඩයි.
පේනවා නේද මේ අය දේශපාලනයට එන්නට වලි කන්නේ ඇයි කියලා....!
කලුරිය හම්බෙනකල් ප්‍රවෘත්ති ඉවර වෙන එකක් නෑ.