කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 22 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. 16 March 2020
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයින් තිදෙනකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 16 March 2020
රියදුරු බලපත් ආශ්රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි රියදුරු බලපත්‍ර ලබා ගැනීම, අලුත් කිරීම, විභාග කටයුතු ඇතුළු ඒ ආශ්රිත සියලු කටයුතු මාර්තු 31 වැනිදා තෙක් තෙක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කිරීමට ප්‍රවාහන කළමණාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව අද (16) පියවර ගෙන තිබේ. 16 March 2020
සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා මර්දන කාර්යාල කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කොරෝනා මර්දන තොරතුරු වාර්තා මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු යයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 16 March 2020
ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවාගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඌවවෙල්ලස්ස.විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 16 March 2020
කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 15 March 2020
මහ මැතිවරණය සැලසුම් කළ පරිදි පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය. 15 March 2020
ශ්‍රී ලාංකික 11 වැනි ආසාදිතයාත් හමුවෙයි කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. 15 March 2020
‘විදෙස්ගත ලාංකිකයන්ගේ පැමිණිමට කිසිදු සීමාවක් පනවා නැහැ‘ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කිසිම සීමාවක් පනවා නැතැයි ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පැවසීය. 15 March 2020
රැඳවියකුට කොරෝනා වැළඳුනේ යැයි සැකයට බන්ධනාගාර නිලධාරීහු වැඩ වරති අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා රෝගය වැළදී ඇතැයි සැකයට අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියාට බියෙන් බන්ධනාගාර නිලධාරින් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා ඇති වී තිබෙන උසස් නිලධාරියකු අද (15) පැවසීය. 15 March 2020
වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. 15 March 2020
ශ්‍රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක් අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 15 March 2020
සඳුදා රජයේ නිවාඩු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14 වැනිදා) රාත්රියේදී එ් බව පැවසීය. 14 March 2020
චමල් - නාමල් මැතිවරණ ප්රචාරක කටයුතු අත්හිටුවති රට තුළ පවතින අයහපත් වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු අද (14) දින සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 March 2020
කොරෝනා බවට සැකකරන 103ක් රෝහල්වල කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 14 March 2020
කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 14 March 2020
කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 3 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 13 March 2020
රවී අධිකරණයට පැමිණි බව සටහන් කරයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනකු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි බවට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) අධිකරණයේදි සටහන් තැබුවේය. 13 March 2020
රවී අධිකරණයට පැමිණෙයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. 13 March 2020
කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 13 March 2020
සියලු සරසවි සති දෙකක් වහයි රජයේ සියලු විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි. 13 March 2020
දකුණු කොරියාව-ඉතාලිය-ඉරානයට ශ්‍රී ලංකාවෙන් තාවකාලික තහනමක් දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට හෙට (14) සිට සති දෙකක කාලයක් මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ. 13 March 2020
හෙරොයින් මත්කුඩු තොගයක් කොච්චිකඩේදී අත්අඩංගුවට පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කරන ලද වැටලීමකදී අද (12) අත්අඩංගුවට ගත්බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 12 March 2020
කොරෝනා ආසාදිත දෙවැනි ශ්‍රී ලාංකිකයාත් හමුවෙයි කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළදී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු අද (12) සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 12 March 2020
අප්‍රේල් වාර පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේ්ල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්යාමපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 March 2020
‘අත්අඩංගුවට ගන්නා විදේශිකයන් රඳවාගන්න වෙනම සිර කුටියක්‘ විවිධ චෝදනා මත ගුවන්තොටුපොළෙන් හා වෙනත් ස්ථානවලින් අත්අඩංගුවට ගන්නා විදේශිකයින් මෙන්ම විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයින් රඳවා තැබීම සඳහා සෑම රිමාන්ඩ් බන්ධනාගාරයකම විශේෂ සිර වාට්ටුවක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 12 March 2020
කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට අද ( 12 ) දහවල් පැමිණ සිටි යුවළකට කොරෝනා රෝග ලක්ෂණ යැයි ඇති වූ සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල මහරෝහලට යැවීමට පියවර ගත් බව රෝහල් අධ්යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා කීය. 12 March 2020
අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 622 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. ඔවුන් එම ස්ථාන වෙත රැගෙන යෑම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සුඛෝපභෝගී බස් රථ 25 ක් සහ ඔවුන්ගේ ගමන් මලු ප්‍රවාහනයට තවත් වෑන් රථ 05 ක් පමණ ද යොදාගෙන තිබුණි . 11 March 2020
රවීගේ නඩු විභාගය හෙටට කල් තියයි තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් හි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (11) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 11 March 2020
වෙනත් පක්ෂයකට ගියොත් එජාපයේ සියලු දේ අහෝසියි පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත් යම්කිසි පිරිසක් එවැනි තීරණයක් ගතහොත් ඒ සියලු දෙනාගේම සංවිධායක කම්, පක්ෂයේ නිලතල ඒ මෙහොතේ සිටම අහෝසි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 11 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026