
(විනීතා එම් ගමගේ)
බොරැල්ලේ පිහිටි ජාතික විගණන කොමිසමේ කාර්යාලයෙන් මෙතෙක් කිසිදු සේවාවක් සිදු නොවෙතත් එය පිහිටුවා මේ වනතුරුත් ගත වූ මාස 58ට එහි වියදම් ලෙස රුපියල් කෝටි 232 කට අධික මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ.
ජාතික විගණන කොමිසම පිහිටවනු ලැබුයේ 2015 නොවැම්බර් මාසයේ වන අතර එම කාර්යාලයේ මාසික වියදම රුපියල් මිලියන 40කට ආසන්න වේ.
ඒ අනුව මෙම කාර්යාලයට අගෝස්තු මාසය අවසන් වනවිට රුපියල් කෝටි 232 කට අධික මුදලක් වැය වී ඇතත් එය මේ වනතුරුත් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ජාතික විගණන සේවාව තවමත් ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.
විගණන පනත සම්මත වී මාස තුනක් ඇතුළත විගණන සේවාව පිහිටුවන බව කියා සිටියත් මේ වනතුරුත් එය කළ නොහැකිවී ඇතැයි විගණන සේවා නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජේ සී තිසේරා මහතා පැවසීය.
මේ වනවිට එහි ව්‍යවස්ථාව පවා හදා අවසන් වී ඇතැයි කී තිසේරා මහතා ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය පවා ලැබී ඇති බවත් කැබිනට් අනුමැතිය ලබාගැනීම අපහසු නැති බවත් මේ වනවිට එය සිරවී ඇත්තේ වැටුප් කොමිසමේ බවත් පැවසීය.
විගණන කොමිසමේ නිලධාරින්ගේ වැටුප තීරණය කිරීමේ දී අදාළ ආයතනවල අදහස් ලබාගෙන ජාතික වැටුප් කොමිසම විසින් එය තීරණය කළ යුතුව ඇති අතර මේ වනතුරුත් එහි තීරණය නොලැබීම මත මෙසේ ජාතික විගණන සේවාව ස්ථාපිත කිරීම ප්‍රමාද වන්නේ යැයි කී තිසේරා මහතා මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ලිපියක් ද යැවූ බව කියා සිටියේය.
ජාතික විගණන කොමිසම 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරම්භ වූ කොමිෂන් සභා පහෙන් එකකි. එම පනත සම්මත වූ පසු 2015 නොවැම්බර් මාසයේ දී කොමිෂන් සභා කාර්යාලය බොරැල්ලේ පිහිටවනු ලැබූ අතර මේ වනතුරු එය අක්‍රියව පැවැතියත් නිලධාරින් පස්දෙනෙකු ද සහිතව නඩත්තු කරනු ලබයි.
COMMENTS
සියලු රජයේ සේවකයෙක්ම,.. ඇත්තෙන්ම ඛේදවාචකයකි.
විගණන කොමිසමට අකමැති වංචාකාරයින් මිස සැබෑ රජයේ සේවකයන් නොවේ.
මේ දිනවල ස්වාධීන රාජ්‍ය සේවය අකර්මණ්‍ය කීරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
කොහොමත් 2015දී පිහිටවපු ස්වාධීන ආයතනවල ස්වාධීනකම් දෝරෙ ගලන බව අපි දැක්කා. ඒ දෝරෙ ගැලිල්ලෙ අවුල ලිහන්නත් එක්ක තමයි 2/3 ක ඡන්දයක් ලැබුනේ.