
(විනීතා එම් ගමගේ)
නෙළුව සිට ලංකාගම ඔස්සේ පිටදෙණිය දක්වා මාර්ගය ඉදිරි මාස 3 ඇතුළත ප්‍රතිසංස්කරණය කර අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.
ලංකාගම වැල් පාලම වෙනුවට අඩි 120 කින් යුත් පාලමක් ගිංගඟ හරහා ඉදිකිරීමට ද එහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා මාර්ගය ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියාය දක්වා දිනපතා බස් රථයක් ධාවනය කරන ලෙසද උපදෙස් දුන්නේය.
නෙළුව සිට ලංකාගම හරහා පිටදෙණිය තෙක් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සමාජයේ විවිධ මත පළවෙමින් තිබියදී අද ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ගුවනින් එම ස්ථානයට ගියේය.
ඒ වනවිට ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණික දැනුමැති විද්වතුන්ගේ වාර්තාවක් ද ජනාධිපතිවරයා ලබාගෙන තිබූ අතර එහි ගොස් ප්‍රදේශවාසීන්ද සමග කතා බහ කිරීමෙන් පසු රාජපක්ෂ මහතා අවශ්‍ය කරුණු දැක්වීය.
ලංකාගම, වතුගල, නිල්වැල්ල, කොලොන්තොටුව හා පිටදෙනිය ගම්මානවල ජීවත්වන 700 කට ආසන්න පවුල් සඳහා පැළ තුන බැගින් ලබාදෙන ලෙස නියෝග කළ ජනාධිපතිවරයා ඒවා සිටුවා රැකබලාගෙන වනාන්තරයට දායාද කරන්නැයි ජනතාවගෙන්ද ඉල්ලා සිටියේය.
නව මාර්ගය හේතුවෙන් ලංකාගම වැසියන්ට මෙතෙක් දෙනියායට යාමට ගත වූ පැය 4ක කාලය විනාඩි 45ක් දක්වා අඩුවෙන බවද එහිදී හෙලිවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදකින් කුරුණෑගල පුරාවස්තු ඩෝසර් කළා. ඒක අනුමත කළා. සිංහරාජය ඩෝසර් කළා .. එ්කත් අද අනුමත කළා. හෙට යන්න ආනවිලුන්දාවට, එකත් අනුමත කරන්න. රෑට ඩෝසර් කරනවා උදේට අනුමත කරනවා. රටක් ඉතුරු වෙයිද?
ජනාධිපතිවරයා රටේ පළමු පුරවැසියා බව සත්‍යයකි. ඔහුට ඡන්ද 69 ලක්ෂයක් ලැබුණු බවත් සත්‍යයකි. නමුත් ඔහු සියල්ල විසඳිය හැකි සියල්ල දත් සර්වබලධාරියා නොවේ. ඔහු ජනතා කැමැත්තෙන් ජනාධිපති වූ නිසා ඔහුට සියලු තීන්දු ගැනීමට හැකිනම් ඔහු බන්දුල ගුණවර්ධන කිව්වා සේ සක්කරයාගේ පුතා වෛමා වෙන්නට ඇත. ශ්‍රී ලංකාව යනු මිලියන 22 ක ජනතාවක් සිටින රටකි. මේ රට එක පවුලක පාලනය කළද එම පවුලට අවශ්‍ය ආකාරයට තීන්දු ගැනීමට නොහැකිය. එම නිසා රටක තීන්දු ගැනීමේදී පරිසර හිතකාමී තීන්දු ගැනීම රටේ වර්තමානයට මෙන්ම රටේ අනාගතයටද බලපානු ඇත. මෙම පාර කැපීමට පෙර පරිසර වාර්තාවන් කැඳවා තිබේද? මෙම පාර කැපීමට පෙර විශේෂඥයන් ලවා අධ්‍යයනයක් කළේද? පාරවල් නිර්මාණය වී, සංවර්ධනය වී ජනාකීර්ණ වූ පසු මෙම පළාත්වල තිබෙන්නා වූ ජාල මුලාශ්‍ර සිඳීයාම සිදුවනු ඇත. නිදහසේ ජීවත්වූ සතා සිවුපාවුන් මෙන්ම පරිසරයද වෙනස් වනු ඇත. මෙම මාර්ගය නිමවීමෙන් පසු පාර හරහා ගමන් කරන්නා වූ සතුන් වාහන අනතුරු නිසා මියයනු ඇත. පසුගිය රජය සමයේ සෑම දෙයටම පාරවල් වසා වර්ජනය කළ පිරිස් මේ වනවිට මුණිවත රකිමින් සිටින්නේ කුමක් නිසාද? මෙම විනාශයට විරුද්ධ වූ ගම්මුන් නිහඬ කලේ කවුරුන්ද?
බලාගෙනම එමු 2/3 තියාගෙන නටන නාඩගම...දිහා..
සම්පූර්ණ විරෝධය පල කරනවා. තනිකරම වැරදි තීන්දුවක්. හැබැයි පුදුමත් නැහැ. රාජපක්ෂවරු කවදද පරිසරය ආරක්ෂා කලේ? වැසි වනාන්තරයක් හරහා පාරක් කපන එකම ආණ්ඩුව. මේ පළාතේ, මේ ජනතාවම, ගිය වහල් ආණ්ඩුව මේ පාර කපන කොට විරුද්ධ වුණා. අද පොහොට්ටුව සංවිධානය කරලා එදා විරුද්ධ වෙච්ච පාර අද ඔවුන්ම ඉල්ලනවා. අබුද්දස්ස කාලේ. මේකට මම වහල් ආණ්ඩුව කාලෙත් විරුද්ධ වුණා. ලංකාවේ පරිසරවේදීන්, තව පරිසරයට ආදරය කරන මිනිස්සු එදත් විරුද්ධ වුණා. එතකොට එදා වහල් ආණ්ඩුව ඒක නතර කළා. දැන් වහල් ආණ්ඩුව වෙනුවට ගෙනා රාජපක්ෂ ආණ්ඩුව ඔවුන් නවත්තපු තැන ඉඳන් පටන් අරන් බැකෝ යන්ත්‍ර දමා ගෙන, මහ ගස් උදුරාගෙන මේ පාර කපන හැටි හැමෝම දැක්කා. සිංහරාජ වැසි වනාන්තරයේ, ගස්වැල්, දුර්ලභ කුඩා පැළෑටි විතරක් නෙමෙයි ඉතා දුර්ලභ කුඩා සත්ව විශේෂත් ඉන්නවා. ඒකයි ඒකට සංරක්ෂිත කලාපයකුත් ඇතුළත් කරලා තියෙන්නේ. සිංහරාජ වැසි වනාන්තරයේ ගස් තියා, නිකම් ගස්වත් කපකපා පාරවල් හදන්නේ නැහැ. නූගත්කම තමයි පෙන්වන්නේ. ස්වභාව ධර්මය වනසන්නෝ ස්වභාව ධර්මය විසින්ම වනසනු ලබයි. රාජපක්ෂ මහත්වරුන් ලෝවැඩ සඟරාව කියවන්න පටන් ගන්න. අවුරුද්දක් හමාරක් යයි කියවලා ඉවර වෙනකොට. ජොන්ස්ටනුත් කියවනවා නම් හොඳයි.
යුනෙස්කෝවට කියලා ඔය ලෝක උරුමය අරං දාන්න, ලංකාවට සිංහ රාජේ අගය තේරෙන්නේ නැහැ.
ආමි එක දම්මලා රහසේ කැපෙව්වේ මොකද?
හරි හරි අපේ සර් කියපු හින්ද සිංහරාජය කැපුවට කමක් නැහැ ඉතින්, සර් පෑල ටිකකුත් දුන්නනේ හිටෝගන්න..
හොඳ, ජනහිතකාමී තීරණයක්. මේවට විරුද්ධ වන්නේ නගරබදව ජීවත්වෙන පොෂ් පරිසරකාමීන් පමණයි.
දැන් වැඩේ ගැන කාටවත් කතා කරන්න හම්බවෙන එකක් නැහැ. මාර වැඩක් ලංකාවට වුණේ.
ඔන්න, ඔච්චරකල් මේ වගේ දේවල් වලින් බලධාරියන් උත්තර නොදී පැනලා ගියා. අපේ ලොක්කා ගිහින්, හොයලා බලලම ගේම බැලන්ස් කරලා. දැන් ඉතින් ගප්පි ටෝක්ස්, සිප්පි ටෝක්ස් අදාලම නෑ.
දැන් බලාගෙන යනකොට ගමකට පාරක් හදන්නත් උපදෙස් ඕනෑ වෙලා වගේ... මොන සල්ලි නාස්තියක්ද? මාර්ග ප්‍රතිපත්තියක් නැති එකේ ප්‍රශ්නේ.. අරවා හදන්න.. මේවා හදන්න කියනකොට මේවාට සල්ලි වෙන් කරලාද කියලා බලන්නේ නැද්ද දන්නේ නැහැ.
කොහෙවත් තියෙන කැලයක් ගැන බලන්නේ නැතුව තුනෙන් දෙකක් ඉල්ලපු වෙලාවේ හතරෙන් තුනක් ඡන්දය දුන් මිනිසුන්ගේ ඉල්ලීමට ඇහුන්කන් දුන් ජනපතිට අපේ ප්‍රණාමය...!!!
මොකක් කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ... "අනේ කාලේ වනේ වාසේ" හොඳයි..
අනේ මැදමුලනේ අපිට වතුර නැහැ. එහෙත් හෝටලයක් හරි හදලා වතුර දෙනවද?
ඔය මහ පාර හදලා ඉවර වුණාට පස්සේ ඒකට ‘‘ගෝඨාභය මාවත‘‘ කියා නම්කිරීමට මම යෝජනාකරමි. මගේ අදහසට හැමෝම එකඟ වේ යැයි සිතමි.
අනේ ජනාධිපතිතුමනි, අපේ ගෙදරට එන පාරත් හොඳටම කැඩිලා ගිහින්. බැරිද ඔබතුමාට තාර බැරල් එකකුත් අරන් මේ පැත්තෙත් එන්න?
හරි හරි සර් කියපු නිසා සිංහරාජ කැපුවට කමක් නැහැ.
ඇමෙරිකාවේ 1930 ගණන් වල හිටපු රූස්වෙල්ට් ජනාධිපතිතුමාත් ග්‍රේට් ස්මොකී මවුන්ටෙන්ස් කියන නොඉඳුල් වනාන්තරය බලන්න ගියා. එ්කෙත් 1970 ගණන් වල ඉඳල ආපු අයිරිෂ් මිනිස්සු පදිංචි වෙලා හිටියා, තැනින් තැන ගස් කපනවා, අන්තිමේ රූස්වෙල්ට් ජනාධිපතිතුමා කලේ අර මිනිස්සුන්ට සල්ලි ගෙවලා එවුන් වෙන ස්ථාන වල පදිංචි කරලා වනාන්තරය අධිරක්‍ෂිත වනාන්තරයක් කළා. එ්කේ නම ග්‍රේට් රූස්වෙල්ට් වනාන්තරේ... නැහැ.. වැරදුණා ග්‍රේට් ස්මොකී මවුන්ටෙන්ස්ට් නැෂනල් පාක්, මම කියන්නේ ඇමෙරිකාවේ එහෙම කළත් අපේ රටේ එහෙම කරන්න ඕනෑ නැහැ. සුද්දෝ කරන දේවල් අපි කරන්න ඕනේ නැහැ. පාර කපපු එක හොඳා, ඕකෙන්ම පස් ටික මැණික් තියේද කියලා ශුවර් කරගෙන විකුණන්න පුළුවන්... ඇයි ගස් ටික, හප්පා සල්ලි නිධානේනේ, මතක ඇතිව හයි ටෙන්ෂන් කේබල් ටිකකුත් අදින්න, නැත්නම් පව්නේ අර ගම්මු... ආදී කාලේ ඉඳලා වනාන්තරේ බලාගෙන ඉන්නේ. පස්සේ අපි ලොජ් ටිකකුත් දාමු, අර ගම්මු වැඩට ගන්න පුළුවන්... එ්ක නෙමේ, සති දෙකයි පෑව්වේ වතුර කපනවා මොකද දන්නේ නෑ.. කැරපොතු සුද්දෝ පරිසරේ කාලා, වැස්සාට පොළොවේ වතුර රඳන්නේ නෑ.. එ්කයි මේ වතුර නැත්තේ..
තුනෙන් දෙක දුන්නේ කැලෑ කැපීම, කැපීමට වැලි ගොඩ දැමීමට පරිසරය විනාශ කිරීමට ඔය හැම දේකටමත් එක්ක. ඔය කුරුණෑගල නගරාධිපති අපූරුවට ඉන්නේ. ඒක තමයි සෞභාග්‍යයෙ දැක්ම. කඩොලාන කන්න පුලුවන්ද?
පරිසරයට හානි නොවෙන පරිදි කැලය මැදින් පාරවල් සැදිය හැක්කේ ලංකාවට පමණි.
මගේත් මිතුරන් කීප දෙනකු ඉන්න ලංකාගමට මම 10-12 තාවක් ගිහිල්ලා තියෙනවා. ඔවුන් අති දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ලංකාගම පාසලට යන එන ළමයි පුදුම දුකක් විඳින්නේ. ඒත් 9A, 8A ඒ ළමයි ගන්නවා. ඒ ළමයි ටියුෂන් එක්ක යන්න සති අන්තේ දෙමාපියන් සියළු වැඩ අතහැරලා මුළු දවසම කැප කරනවා නෙළුවට ගමන සඳහා පමණක්. (සතියේ දිනවල යන්නේ නැත්තේ ගමන දුෂ්කර නිසා) ඒ පාරේ ෆෝ වීල් විතරයි යන්න පුළුවන්. එච්චරට පාර සවුත්තුයි. මෙයාල ඉල්ලුවේ ඒ පාර හදලා දෙන්න. ඒකට පරිසරවේදීන් කියා ගන්නා විදෙස් ගැත්තන් විරුද්ධ වුණා. පිටදෙනිය කැලේට කිසිම හානියක් නැහැ. ගම්වාසීන් තමන්ගේ ඉඩම් වලින් කිසිඳු වන්දියක් නොගෙන පාරට තම ඉඩම්වලින් කපන්න අවසර දුන්නා. නගර වැසියෝ කෝටි ගණන් වන්දි ඉල්ලන කොට මේ අහිංසකයන් නිකම්ම දුන්නා. ප්‍රදේශවාසීන් කැලේ රකින කොට කාලකන්නි ටිකක් පිටරට ඩොලර් වලට කෑ ගහනවා. මේ තීරණය අති විශිෂ්ටයි!
මේ තමයි 69 ලක්ෂයට පෙන්වන සංදර්ශන.. අන්තිමට මහදැන මුත්තාගේ රාජකාරිය දැන් කරපල්ලකෝ...
2/3 ලැබුණා නේ... ඉතින් මිනිස්සු කියන ඕනම වැඩක් කරන්න සර්ට සිද්ද වෙනවා.
ජනපතිතුමාත් කිරි කළයට ගොම ටිකක් දාගත්තා වගේ... මටනම් පේන්නේ..
ඒ කියන්නේ සිංහරාජ වනාන්තරය මැද්දෙන් ඔය ආන්දෝලනාත්මක පාර කපන්න ජනාධිපතිතුමා නියෝග දුන්නා කියන එකද?