(දසුන් රාජපක්ෂ)
ආරක්ෂක ලේකම් ධූරය දැරූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන ලෙස රහස් පොලිසිය බලපෑම් කළ බව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක කර්නල් ශම්මි කුමාර මහතා සාක්ෂි ලබාදෙමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (04) පැවසීය.
තමාට මෙලෙස බලපෑම් කළේ රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා බව කර්නල් ශම්මි කුමාර මහතා සඳහන් කළේය.
කර්නල් ශම්මි කුමාර මහතා එලෙස සාක්ෂි ලබා දුන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව බොරු සාක්ෂි මත තමා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර ඔහු ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළවය.
එහිදී සාක්ෂි දුන් ශම්මි කුමාර මහතා බොරු සාක්ෂි ලබා නොදීම හේතුවෙන් මාස තුනක කාලයක් තමා රහස් පොලිසිය භාරයේ රඳවා තබාගෙන සිටි බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඒ දවස්වල උසාවි ගෙනාපු වෙලාවක නඩුකාරතුමා ඉදිරියේ කියන්න කොන්දක් තිබුණේ නැද්ද?
ලෝක ඉතිහාසයේ කොහේවත් මේ වගේ කණපිට හැරුණු නඩු නැත.
මේ තමා නඩු ජය ගැනීමේ අලුත් ක්‍රමය...
අසත්‍ය සාක්ෂි සැපයීම් යටතේ මේ අයට චෝදනා එල්ල වෙන්නේ නැද්ද? හැම කෙනාම දැන් කියන්නේ බලපෑම් නිසා කිව්වේ නෑ කියලා. සුමනදාස තියරිය මේ....
අපේ මිනිස්සු මෙච්චර කොන්දක් නැති ජාතියක් කියලා දැනෙනකොට රටත් එපාවෙනවා. හැමදාම වෙන්නේ මේකනේ. ඕන හොරෙක් බලයට ආවාම ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. මේ වගේ කොන්දක් නැති නිලධාරීන් එළවලා දාන්න දැන්මම.. ඒත් ඉතින් මේ වගේ විනිසුරුවරයොත් අපිට හිටියනේ නඩු අහන්න බයේ..