IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපතිට එරෙහිව සාක්ෂි ලබා දෙන්න පොලිසිය බලපෑම් කළා

දේශපාලන පළිගැනීම් විමර්ශන ඒකකයට පැමිණිලි 1842 ක් - Lankadeepa Online

(දසුන් රාජපක්ෂ)

ආරක්ෂක ලේකම් ධූරය දැරූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන ලෙස රහස් පොලිසිය බලපෑම් කළ බව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක කර්නල් ශම්මි කුමාර මහතා සාක්ෂි ලබාදෙමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (04) පැවසීය.

තමාට මෙලෙස බලපෑම් කළේ රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා බව කර්නල් ශම්මි කුමාර මහතා සඳහන් කළේය.

කර්නල් ශම්මි කුමාර මහතා එලෙස සාක්ෂි ලබා දුන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව බොරු සාක්ෂි මත තමා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර ඔහු ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළවය.

එහිදී සාක්ෂි දුන් ශම්මි කුමාර මහතා බොරු සාක්ෂි ලබා නොදීම හේතුවෙන් මාස තුනක කාලයක් තමා රහස් පොලිසිය භාරයේ රඳවා තබාගෙන සිටි බවද පැවසීය.

 



අදහස් (6)

ජනපතිට එරෙහිව සාක්ෂි ලබා දෙන්න පොලිසිය බලපෑම් කළා

Prabha Friday, 04 September 2020 01:31 PM

ඕක ඒ දවස්වල උසාවි ගෙනාපු වෙලාවක නඩුකාරතුමා ඉදිරියේ කියන්න කොන්දක් තිබුණේ නැද්ද?

:       368       1075

Nuwan Friday, 04 September 2020 01:50 PM

ලෝක ඉතිහාසයේ කොහේවත් මේ වගේ කණපිට හැරුණු නඩු නැත.

:       92       724

pjSaturday, 05 September 2020 04:10 AM

මෙසේ කණපිට හැරුණු රටක් කණපිට සම්මත කරගත් රටක් තවත් ඇති ද?

:       0       12

මාවන් Friday, 04 September 2020 10:04 PM

මේ තමා නඩු ජය ගැනීමේ අලුත් ක්‍රමය...

:       0       0

Nihal Saturday, 05 September 2020 01:41 AM

අසත්‍ය සාක්ෂි සැපයීම් යටතේ මේ අයට චෝදනා එල්ල වෙන්නේ නැද්ද? හැම කෙනාම දැන් කියන්නේ බලපෑම් නිසා කිව්වේ නෑ කියලා. සුමනදාස තියරිය මේ....

:       0       0

Rata Perata Saturday, 05 September 2020 07:05 AM

අපේ මිනිස්සු මෙච්චර කොන්දක් නැති ජාතියක් කියලා දැනෙනකොට රටත් එපාවෙනවා. හැමදාම වෙන්නේ මේකනේ. ඕන හොරෙක් බලයට ආවාම ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. මේ වගේ කොන්දක් නැති නිලධාරීන් එළවලා දාන්න දැන්මම.. ඒත් ඉතින් මේ වගේ විනිසුරුවරයොත් අපිට හිටියනේ නඩු අහන්න බයේ..

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 720 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site