
(අජන්ත කුමාර අගලකඩ)
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
අදාළ කෙටුම්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රී මහතා විසිනි.
විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (02) රාත්‍රීයේ ගැසට් කිරීමට නියමිත අතර එය තව සති දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි, ඒකත් කරලා ඉවරයි. දැන් අර 3% අයගෙයි, අසමගි බලවේගෙයි අනුමැතිය අවශ්‍ය නැහැ.
මේ වගේ වැදගත් සංශෝධනයකට ඇත්තෙන්ම පාර්ලිමේන්තුවත් අවශ්‍ය නැහැ. විධායක ජනාධිපතිට මේ වගේ දෙයක් වත් කරන්න බලය නැත්නම් ඒ ව්‍යවස්ථාවේ වැඩක් තියෙනවද?
දැන් ඕන දෙයක් කරගනිල්ලා... මගේ ඡන්දේ ඔයාලටනේ දුන්නේ...!!!
මහ මැතිවරණයට ඡන්දෙ දාන්න ගියේ සියයට 35ක් වගේ කුඩා පිරිසක්. ඡන්ද සියයට 40ක් වැටුනේ නැති නිසා මේ ඡන්දය වලංගු නැහැ. ඡන්දය හිමි පිරිසෙන් 3/5 ක් පමණ ඡන්දය වර්ජනය කළා. වර්ජනය කලේ යූඑන්පී කාරයෝ නෙමෙයි. සිංහල බෞද්ධයෝ. ඡන්දෙ දාන්න ගිය පිරිසෙනුත් තව ලක්ෂ 10ක් විතර ඡන්ද කාඩ් එක කුරුටු ගාලා තියෙනවා ප්‍රතික්ෂේප වෙන විදිහට... මැකෝ අන්තිමට දුන්නේ වේලාසන අතට දුන්නු විකෘති කල ඡන්ද ප්‍රතිඵල. හැබැයි රාජපක්ෂ මහත්වරු, විශේෂයෙන් ගෝඨාභය, දන්නවා මේ මාස 8ට තමන්ව මිනිස්සුන්ට එපා වෙලා කියලා. ඒ හින්දා පාර්ලිමේන්තුවේ රාජපක්ෂ පවුල් බලය තරකර ගන්න හදනවා වහල්ලු ටික බය කරගෙන. අනිත් පැත්තෙන්, කරන කරන වැඩෙන් තමන් අප්‍රසාදයට පත් වෙන එක වහන්න. ව්‍යවස්ථා සංශෝධන වැනි බරපතල මාතෘකා අරන් එනවා මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න. ලෝ වැඩ සඟරාව කියවන්න පටන් ගන්න. කියවල ඉවරවෙන කොට බලමු ඉන්නේ කොහෙද කියලා....
ලොකු දෙයක්. 19 හදපු මිනිහාත් රට පැනලා ඉන්නේ. එහෙම එකේ අනිවාර්යයෙන්ම 19 අයින් කරපු එක ලොකු දෙයක්. ඒකෙන් වුනේ මුලු රාජ්‍ය යාන්ත්‍රණයම තේරුමක් නැති නීති අල්ලගෙන එක තැන හිරවීම...
පාලකයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ට ව්‍යවස්ථාව වෙනස් කරන එකම රට.
මේ ඔක්කොටම වග කියන්න ඕන රනිල් වවික්‍රමසිංහ.
20 ආපුවාම අපේ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම නැතිවෙනවද? ඒ වගේම අපිට ණය දුන්නු රටවල් ණය එපා කියනවද? ඒ වගේම අපේ මිනිස්සුන්ට සුර සැප ලැබෙනවද?