IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


20 ට කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

අදාළ කෙටුම්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රී මහතා විසිනි.

විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (02) රාත්‍රීයේ ගැසට් කිරීමට නියමිත අතර එය තව සති දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

 



අදහස් (17)

20 ට කැබිනට් අනුමැතිය

රවීන්ද්‍ර Wednesday, 02 September 2020 02:22 PM

හරි, ඒකත් කරලා ඉවරයි. දැන් අර 3% අයගෙයි, අසමගි බලවේගෙයි අනුමැතිය අවශ්‍ය නැහැ.

:       256       93

chandimaWednesday, 02 September 2020 10:39 PM

මෙයාගේ අං තියෙනවද මන්දා? ඒක පාර්ලිමේන්තුවට දාන්න කියලනේ තියෙන්නේ..? අවශ්‍ය නැහැ කියලා තියෙන්නේ ජනමත විචාරණයක් විතරයි. අම්මපා මේ වගේ අය එක්කලා කවදා නම් ලංකාව දියුණු කරන්නද?

:       1       1

RaveendraThursday, 03 September 2020 02:54 AM

පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව රජයේ මුදල් වියදම් කරා වගේ දැන් ව්‍යවස්ථාවත් ඇමැතිවරු විතරක් අත උස්සලා සම්මත කරගන්නද? ඔහොම ගියාම පාර්ලිමේන්තුවක් අවශ්‍යම නෑනේ.

:       0       3

Amil Wednesday, 02 September 2020 02:40 PM

මේ වගේ වැදගත් සංශෝධනයකට ඇත්තෙන්ම පාර්ලිමේන්තුවත් අවශ්‍ය නැහැ. විධායක ජනාධිපතිට මේ වගේ දෙයක් වත් කරන්න බලය නැත්නම් ඒ ව්‍යවස්ථාවේ වැඩක් තියෙනවද?

:       424       591

AnaWednesday, 02 September 2020 04:30 PM

තනි පුද්ගපුද්ගලයෙකුට බලය දිම ඉතා භයානකයි.

:       1       1

abaran sincho Wednesday, 02 September 2020 02:43 PM

දැන් ඕන දෙයක් කරගනිල්ලා... මගේ ඡන්දේ ඔයාලටනේ දුන්නේ...!!! 

:       165       17

Champa Wednesday, 02 September 2020 03:20 PM

මහ මැතිවරණයට ඡන්දෙ දාන්න ගියේ සියයට 35ක් වගේ කුඩා පිරිසක්. ඡන්ද සියයට 40ක් වැටුනේ නැති නිසා මේ ඡන්දය වලංගු නැහැ. ඡන්දය හිමි පිරිසෙන් 3/5 ක් පමණ ඡන්දය වර්ජනය කළා. වර්ජනය කලේ යූඑන්පී කාරයෝ නෙමෙයි. සිංහල බෞද්ධයෝ. ඡන්දෙ දාන්න ගිය පිරිසෙනුත් තව ලක්ෂ 10ක් විතර ඡන්ද කාඩ් එක කුරුටු ගාලා තියෙනවා ප්‍රතික්ෂේප වෙන විදිහට... මැකෝ අන්තිමට දුන්නේ වේලාසන අතට දුන්නු විකෘති කල ඡන්ද ප්‍රතිඵල. හැබැයි රාජපක්ෂ මහත්වරු, විශේෂයෙන් ගෝඨාභය, දන්නවා මේ මාස 8ට තමන්ව මිනිස්සුන්ට එපා වෙලා කියලා. ඒ හින්දා පාර්ලිමේන්තුවේ රාජපක්ෂ පවුල් බලය තරකර ගන්න හදනවා වහල්ලු ටික බය කරගෙන. අනිත් පැත්තෙන්, කරන කරන වැඩෙන් තමන් අප්‍රසාදයට පත් වෙන එක වහන්න. ව්‍යවස්ථා සංශෝධන වැනි බරපතල මාතෘකා අරන් එනවා මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න. ලෝ වැඩ සඟරාව කියවන්න පටන් ගන්න. කියවල ඉවරවෙන කොට බලමු ඉන්නේ කොහෙද කියලා....

:       5137       786

MaheshWednesday, 02 September 2020 04:47 PM

අම්මෝ පච කියන එකෙත් සීමාවක් තියාගන්න! සියයට 70කට ආසන්නව ඡන්ද වැටුණා. සියයට 10ක 12ක වගේ අඩුවීමක් තිබුනේ. නැවත මහඡන්දයේ ප්‍රතිඵල බලන්න. ගණන් අසමත් වෙලා වගේ පේන්නේ.. අනික පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සියල්ලම ප්‍රතිඵලය පිළිගෙන තියෙද්දී අරම වුණා, මෙහෙම වුණා කියලා අමු බොරුනේ කියන්නේ....

:       1       0

chandanaSaturday, 05 September 2020 06:41 PM

ඇත්ත තමයි.., ඡන්දෙ දාන්න යන්න බැරි ඉපදෙන්න ඉන්න අයයි, ඡන්දෙ දාන්න යන්න බැරි කිරි සප්පයෝයි, පාසල් ශිෂ්‍යයෝයි ඡන්දෙ වර්ජනය කරා. ඒ ඔක්කොම එක්ක ගත්තොත් ඒක හරි. කිරි සප්පයින්ගේ ටිකිරි මොලේට තේරෙන තරම තමයි.

:       0       0

පණ්ඩුකාභය Wednesday, 02 September 2020 05:33 PM

75% ක් ඡන්දය ප්‍රකාශ කරලා තිබෙනවා. එයින් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ 4%. තීරණය ඉතාම පැහැදිලියි...

:       0       0

athua gunasenaThursday, 03 September 2020 05:08 AM

පව් චම්පා...

:       2       0

ChampaThursday, 03 September 2020 06:48 AM

හා හා හා මේක බලල තියෙන්නෙත් 4600යි. 5100ක් අන්ලයික් වැටිලා. හොර ඡන්ද දැම්ම කට්ටියේ එක්කෙනක් වෙන්නැති. ඡන්දෙ දීපු ගානයි ඡන්දෙ ප්‍රතිඵල වල ගානයි අතර මේ වගේ බරපතල වෙනසක් තියෙනවා.

:       0       2

Mahesh Wednesday, 02 September 2020 04:50 PM

ලොකු දෙයක්. 19 හදපු මිනිහාත් රට පැනලා ඉන්නේ. එහෙම එකේ අනිවාර්යයෙන්ම 19 අයින් කරපු එක ලොකු දෙයක්. ඒකෙන් වුනේ මුලු රාජ්‍ය යාන්ත්‍රණයම තේරුමක් නැති නීති අල්ලගෙන එක තැන හිරවීම...

:       1       0

ranaFriday, 04 September 2020 02:04 AM

18 ට 19 ට අත උස්සපු ඇයො 20 ටත් උස්සයි.

:       0       1

Wijebahu Wednesday, 02 September 2020 11:40 PM

පාලකයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ට ව්‍යවස්ථාව වෙනස් කරන එකම රට.

:       0       109

ලුම්බිණි Thursday, 03 September 2020 04:28 AM

මේ ඔක්කොටම වග කියන්න ඕන රනිල් වවික්‍රමසිංහ.

:       2       0

pradeepa Thursday, 03 September 2020 02:18 PM

20 ආපුවාම අපේ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම නැතිවෙනවද? ඒ වගේම අපිට ණය දුන්නු රටවල් ණය එපා කියනවද? ඒ වගේම අපේ මිනිස්සුන්ට සුර සැප ලැබෙනවද?

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site