
(පද්මා කුමාරී කංකානම්ගේ)
ලක්ෂ 30 ක වටිනාකමින් යුතු, කිලෝ 800 කට ආසන්න කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු කල්පිටියේ දී අද (6 ) විජය නාවුක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ කල්පිටියේ පදිංචිකරුවෝ වෙති.
මෙම කහ තොගය නීතීවිරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළ බවට පොලිසිය සැකකරයි.
ඉකුත් දෙසතිය තුල ද ඉන්දියාවෙන් රැගෙන ආ බවට සැකකෙරෙන කහ අත්අඩංගුවට ගැණිනි.
අත්අඩංගුවට පත් කහ සහ සැකකරුවන් කල්පිටිය පොලිසියට භාර දී ඇත.
කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS