
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි බෞද්ධයන් බලහත්කාරයෙන් අන්‍ය ආගමකට බඳවා ගන්නා ව්‍යාපාරයට විරෝධය පළ කරමින් ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරාධිපති රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩවසන හිමිවරු 8 නමක් අද (30) අඛණ්ඩ උපවාසයක් ඇරඹුහ.
මෙම උපවාසයට ආධාර අනුබල දෙමින් එම විහාරස්ථානයේ දායක දායිකාවන් පිරිසක් ද විහාරස්ථානයට රැස්ව සිටිති.
මෙම උපවාසය පිළිබඳ අදහස් දක්වමින් බෝධිරැක්ඛාරාම මහා විහාරාධිපති රාජාංගණයේ සද්ධාරතන හිමියෝ මෙසේ පැවසුහ.
‘තලාව ප්‍රදේශයේ මුලස්ථානයක් ලෙසට පවත්වා ගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක පිරිසක් ප්‍රදේශයේ ගම්මානවලට පැමිණ නිවසක් සාදා ගන්නට ආධාර වශයෙන් සෙවිලි තහඩුවක්,වැසිකිලි පෝච්චියක් වැනි යමක් දී බෞද්ධයන් අන්‍ය ආගමික සංවිධානයකට බදවා ගන්නවා. ගම්වලට ඇවිත් නොයෙකුත් යාතිකා කරනවා.මේවාට බෞද්ධයින් වැඩි පිරිසක් විරුද්ධයි.
මේ සම්බන්ධයෙන් එම පිරිසට මම අවවාද කර ඔවුන් හරවා යැවුවාට විරුද්ධ වෙලා. මට විරුද්ධ පොලිසියේ බොරු පැමිණිල්ලකුත් දමලා. මම ගැහුවා බැන්නා කියලා. ඕනි ආගමක් ඇදැහැව්වාට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒ වුණාට මෙහෙම සිංහල බෞද්ධ ගම්මානවලට පැමිණ මේ ආකාරයට ටකරන් කෑල්ලක්, වැසිකිළි වළක් දීලා ආගමට හරවා ගන්නවාට අපි විරුද්ධයි.‘

COMMENTS
මේකනේ ඔබ වහන්සේලා දුප්පත් මිනිස්සු ගැන හොයා බලන්නේ නෑ. එහෙම හොයා බලලා උදව් කරන අයව හෙලා දකිනවා. ඒකට කාරණාවක් කරගන්නවා අන්‍ය ආගමිකයින් බලහත්කාරයෙන් ආගමට හරවා ගන්නවා කියලා. රටකාපු හොරුන්ට නැවතත් ඡන්දෙදී ලා පාර්ලිමේන්තු යවපු මේ රටේ ඔයකියන මිනිස්සු තොත්ත බබාලායැ බලෙන් ආගම වැළඳගන්න.. අනේද කියන්නේ...?
නිදහස් රටක ජීවත් වන අපිට... අපි කැමැති ආගමක් අදහන්න පුළුවන්...!! අපේ කැමැත්ත අනුව කිසිම අදහන්නේ නැතිව ඉන්නත් පුළුවන්. මෙතන කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවක්...
මේ වගේ දේවල් අරගෙන වෙන ආගමකට හැරෙන අයට විරුද්ධව නේද කටයුතු කරන්න ඕනේ...? කිසි කෙනෙක් බලෙන් අරන් යන්නේ නැහැනේ... අනික ඕනෙම කෙනෙකුට තමන්ගේ කැමැත්තට කටයුතු කරන්න පුළුවන්, එය වෙන කෙනෙකුට කරදරයක් නොවන්නේ නම්... මෙයින් පෙනෙන්නේ අපේ හාමුදුරුවෝ ගැන මිනිසුන්ගේ කලකිරීමයි...
හාමුදුරුවරුන්ටත් තියෙන්නේ උපවාස කරනවාට වඩා මිනිසුන්ට පුළුවන් විදියකට උදවු කරන එක නේද?
බෞද්ධයන් අන්‍ය ආගම්වලට බඳවා ගැනීම වැරදි මෙන්ම බෞද්ධ රටේ නොකළ යුතු දෙයක්... ඒත්, භික්ෂූන් වහන්සේලා බුද්ධ චීවරයට මුවාවී නොයෙකුත් නොපනත්කම් වල නිරත වී සිටීමත්, පක්ෂ දේශපාලනයට ගිජුවී සිටීම වැනි උදේට දේ සහ ප්‍රසිද්ධියේ පැවසිය නොහැකි දේ නිසාත්, මේ රටේ බෞද්ධ ජනතාව චීවරය කෙරෙහි, භික්ෂූන් වහන්සේලා කෙරෙහි, කලකිරීමකින් තමයි ජීවත් වන්නේ... මේ නිසා වෙනත් ආගම් වලට බෞද්ධයන් බඳවාගැනීමට පහසුවී ඇති බවක් පෙනේ. බෝඩ් එල්ලාගෙන උපවාස කරනවට වඩා සංඝ සංස්ථාවෙන් වෙන වැරදි නිවැරැදි කර ගන්නේ නම්, වඩාත් උචිත නොවන්නේද? සිදුවිය යුත්තේ එයයි. එහෙත්.., අවාසනාවකට සිදු නොවන්නේ ද එයයි. අනේ දෙවියනේ.. !!! චීවරයට හා ශාසනයකට ගිය කලක්...
පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් මරාගන්නා හාමුදුරුවරු ඉන්න රටක රටක අනාගතය තීරණය මැතිවරණයකදී ටකරමට, වැසිකිලි පෝච්චියට හා සිමෙන්ති කොට්ටයට ඡන්දය දෙන්න හොඳනම් ආගම මාරුකළාම මොකද?
ශාසනේට වඩා ආසනේ ලොකුවුණු පන්සල් දේශපාලනේ නිසා ඔවැනි දේ ඇතිවෙනවා. පන්සල්වල බිස්නස් නවතලා බෞද්ධයින් පන්සල්වලට ගෙන්වා ගන්න කටයුතු කරන්න.
ඉතින් ඔබ වහන්සේලාටත් තියෙන්නේ ඒ අයට ඒ වගේ උදවු කරලා ඒ අය තියා ගන්න එකනේ. බෞද්ධ මිනිස්සු ආගම ගැන කලකිරිලා ඉන්නේ. හාමුදුරුවන් පැහැරගැනීම්, ගහමරාගැනීම් දැකලා.
වෙන්න ඕනෑ අන්‍යාගමිකයෝ බලෙන් හරි බුදුදහමට හරවාගන්න එක. ඒත් වෙන්නේ ඒකේ අනිත් පැත්ත.
කෝ අර ඥාණසාර හාමුදුරුවෝ...?
හාමුදුරුවනේ බෞද්ධයන් අන්‍ය ආගමිකයින් කරන එකට උපවාස කරලා හරි යන්නේ නෑ. ඒ මිනිස්සු ඒ ආගම් වලට හැරෙන්නේ ඇයිද කියලා හොයලා බලන්න. නැති බැරි අයට බඩු මල්ලක්, මුදල් එහෙම දෙනවා ඇති. ඒකයි ඔහොම වෙන්නේ. ඒක නිසා විය යුත්තේ පුලුවන් අය එකතුවෙලා අරමුදලක් පිහිටවලා මේ අයගේ අවශ්‍යතාවයන් ගැන හොයලා පුලුවන් විදියට උපකාර කරන්න. නැතුව උපවාස කරලා නැති ප්‍රශ්න ඇති කරලා එකෙක් දෙන්නෙක්ට මැරුම් කන්න සලස්වන්න එපා. ඔය බෝර්ඩ් ලෑලි අරන් හිටියට වැඩක් වෙන්නේ නෑ. බුද්ධිමත්ව හිතලා හරි දේ කරන්න.
හාමුදුරුවනේ... නොනක ඉඳන් බෙදන්න. අපේ පළාත්වලට එන්නේ නැහැ. ආවොත් නම් කොනක ඉඳන් බෙදනවා.
ඒක ඇත්ත. පන්සල්වල කාසි, පෙට්ටි පුරවාගෙන බෙන්ස් මාෆියාවෙන් ඉදිමුණු පැවිද්දන්ට කියන්න මේවා ගැන හොයලා බලලා වැඩකරන්න කියලා. ඔය බොරු උපවාස මන්ත්‍රී ගොල්ලොත් කරනවනේ.
සමහර පන්සල්වල අපේ හාමුදුරුවනේ කොතරම් සිල්වත් වුණත් සල්ලි නැති බෞද්ධයින්ට තැනක් නැහැ. මේකත් එක හේතුවක්... පහසුකම් අන්‍යාගම්වලට හරවාගන්න. දැන් බලන්න අපේ හාමුදුරුවනේ ඡන්ද ලබාගන්නත් ඔය වගේ දේවල් බෙදාදෙනවා. රටේ දිළිඳුකම නැතිකරන්න අපි කවුරුත් උනන්දු විය යුතුයි.
අපේ රටේ බොහෝ පන්සල් ඉතාමත් ධනවත්. හාමුදුරුවරු බණ දේශනාවේ අටපිරිකරේ සිටම හම්බ කරනවා. ඒ නිසා ක්‍රිස්තියානි පල්ලිය මෙන් දුප්පත් ජනතාවට උදව් කරන්න පන්සල මුල්විය යුතුයි. හාමුදුරුවරු දන්නවා ගමේ ඉන්න දුප්පතුන් සහ පොහොසතුන් ගැන... අඩුගානෙ ඇඳුම් පැළඳුම්, පොත් පත්, කෑම් බීම් වගේ දේවල් පරිත්‍යාග ලෙස එකතු කරලා ඒවා ගමේ දුප්පතුන්ට සතිපතා බෙදාදෙන්න ක්‍රමයක් ඇතිකරන්න. මේ සඳහා වෙළඳ මහතුන්, විධායක නිලධාරීන්, කර්මාන්ත හිමියන්... දේශපාලකයින්, ධනවත් හාමුදුරුවරුන්, විදේශ ශ්‍රී ලාංකිකයින් එකතු කරගත හැකියි. දරුවන් බඩගින්නේ තියන්න බැරි නිසා දෙමව්පියන් මෙවැනි මිථ්‍යා දෘෂ්ඨිකයින්ට අහුවෙනවා. අපි අපේ අයට උදව් කරමු.