
(ඩයනා උදයංගනී)
නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා කහ තොග රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රට තුළ කහ හිඟයක් ඇතත් නීතිවිරෝධීව ගෙන එන කහ වෙළඳපළටට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නීතියට අනුව නැතැයි රේගුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා දැනට අත්අඩංගුවට ගෙන රේගු භාරයේ පවතින කහ තොග අධිකරණ කටයුතු අවසන්වීමෙන් පසු විනාශ කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවට ගන්නා කහ තොග සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, හෙරොයින් ඔය විදිහට විනාශ කරන්න බැරිද?
මෙහෙමත් අපරාධයක් දියුණු රටවල් වලවත් කරන්නේ නැහැ. වෙනස සැපයි.
නීතිවිරෝධීව ලංකාවට ගෙනා රත්තරන් ටික මුහුදට දාලා විනාශ කරන්න බැරි ඇයි? මේ කහ ටික සතොස මාර්ගයෙන් පාවිච්චියට ගත්තා නම් ආණ්ඩුවට කීයක් හරි ලැබෙනවා. තව අවුරුදු 100ක් ගියත් ලංකාව හදන්න බැහැ.
හරියටම හරි, කහ කුඩු විනාශ කරලා මත්කුඩු ප්‍රයෝජනයට ගන්න එක මේ රටේ මිනිස්සුන්ගේ හැටියට හොඳට ගැලපෙනවා. දැන් ඔය රජය සතු සිල්ලර කඩ (සතොස) තියනවා නේද? ඒ කහකුඩුටික පාරිභෝගිකයින්ට සාධාරණ මුදලකට අලෙවි කොට රජයට ඒ තුළින් ආදායමක් ගත්තොත් නරකද? කොහොමත් ඉතින් අපේ රටේ නාස්තිකාර කාපාළුවන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මම මේ මොනවා ලීවත් අවසානයේ සිද්ධ වෙන්නේ හොර පාරෙන් කහටික වෙළඳ පොළට යවලා තක්කඩි කිහිප දෙනෙකුගේ සාක්කු පිරවෙන එක තමයි.
ඔය බඩු ටික ලස්සනට පිටකරයි මාකට් එකට.. පාන්පිටිවලට කහ දියකරලා විනාශ කරලා අපිවත්, රටත් අන්දයි අපේ කට්ටිය..
මෙහෙමත් අනුවණ වැඩක්..!!! රටේ කහ හිඟයක් තියෙත්දීත් කහ විනාශ කරනවද? කහ ආනයනය කළ අයට දඩයක් ගෙවීමට නියමකර, කහ වෙළඳපලට බෙදාහැරීම කළා නම් රටේ කහ හිඟය නැහැ නේද?...
දැන් වෙළඳපලේ කහ කියලා විකුණන්නේ විවිධ විෂ රසායන පිරි ඩයි වර්ග. මේවා ආහාරයට ගන්නා පුද්ගලයින්ට මාරාන්තික ලෙඩ වැළඳෙන්න පුළුවන්.. අපි රට රකින්න කියලා කෙනෙක් පත්කරගෙන නිකරුණේ දුක්විඳිනවා.
ගබඩාවල ඇති කහ තොග නාකොටික් නිලධාරීන්ට බාරදෙන්න. එතකොට ඒවා වෙළඳපලට එයි...
ඒක නම් අපරාධයක්. මේවා රාජසන්තක කරලා සතොස හරහා වෙළඳපලට දමන්න. හිඟයක් ඇති වෙලාවක මෙවැනි දේ නොකළ යුතුයි.
කල් ඉකුත් වූ හෝ නරක් වූ බඩූ විනාශ කළ යුතු. නමුත් අනික් වා වෙන්දේසි කල යුතුය. මොකද, ලංකාව ගෙනෙන රේගුවෙන් අල්ලපු වාහන,
අනේ මේ අයගේ තියරි. එතකොට නීති විරෝධී රත්ත්‍රන් වලට වෙන විදියක් මොකද.?
කුමන තත්වයක් යටතේ වුවද ආහාර විනාශ කිරීම අපරාධයකි. කහ ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රට තුළ දැනටමත් අර්බුදයක් පවතින බැවින් මෙම තොග රජය විසින් නියාමනය කළ මිලට බෙදා හැරිය හැකිය.
නීති විරෝධී විදියට ගෙනෙන වාහන විනාශ කරනවා මම නම් දැකලා නැහැ.
කහ ඖෂධයක් නීති විරෝධී යැයි කියන්නේ ගෙන්වා ඇත්තේ නීති විරෝධී ක්‍රමයට නිසා.
අපේ රටේ ක්‍රමවේද ගැන අපිට මොනතරම් විශ්වාසයක්ද තියෙන්නේ.
ඒකනම් මහ අපරාදයක්....
සිරිත් විරිත් වල වැඩ කළ මේ ආකාරයේ වැඩ අවසන් කළ යුතුය. ඔබට හෙරොයින් සහ ටියුමරික් එකම ආකාරයකින් සැලකිය නොහැක. හෙරොයින් යනු නීති විරෝධී අයිතමයකි. ටියුමරික් යනු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකි. එය රජය විසින් භාවිතා කළ යුතුය.
පරන නීති රීතිම බදාගෙන මැරෙන්න යන ඔළමොට්ටල නිලධාරීන්. කල යුතු වන්නේ අත් අඩංගුවට ගත් කහවල ප්‍රමිතිය ගැන වාර්ථාවක් ලබා ගැනීමයි. ඉන් පසුව එය රජය යටතේ ඇති සතොස හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා විකිණීම හෝ නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගැනීමයි. හෙරොයින් සහ කහ යනු දෙකක් බව මේ අය වටහා ගත යුතුයි .
නීති විරෝධීව ගෙනාවත් මේවා සැබෑලෙසම කහ නම් විනාශකිරීම අපරාධයක්. මේවා රජසන්තක නම් සතොස මගින් ජනතාව අතර බෙදාහරින්න බැරි හේතුව කුමක්ද? මේක හරියට බල්ලා පිදුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක්...
බයවෙන්න දෙයක් නැහැ. අපි 20 ගෙනාවාම ඔය ඔක්කොම ඉබේම හරියනවා.
නීතිවිරෝධීව ගෙන්වනදේ විනාශකිරීමේ ක්‍රමවේදයක් නැත්නම් රත්‍රන් විනාශකරනවාද? නැහැනේ... එහෙම කියලා මෙහෙම විනාශ කිරීම් හරිද? නීතිහදන ඇත්තන්ට පවතින අඩුපාඩු පෙන්වාදී අවශ්‍ය නීති සකස් කරවන්න. එතෙක් අධිකරණයෙන් මේවාට කළයුතුදේ පිළිබඳව තීරණයක් ගන්න බලන්න. හැමදාම නැහැ බැහැ කියලා හරියනවද?