
(ජයන්ත සමරකෝන්)
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු මෙතෙක් රඳවා සිටියේ ‘වයිඕ‘ සිරවාට්ටුවේය. මරණ දඬුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ ප්‍රතිකර ලබමින් සිටින අතර අංක 3 වාට්ටුවේ මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විධානපතිරණ , විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්න යන අයද බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කරුණාවෙන් සලකන්න...
මරණ දඬුවම නියම වූ කෙනෙක් කොහොමද මහතා වෙන්නේ...?
බලනකොට අපේ පාර්ලිමේන්තුවටයි, බන්ධනාගාරයටයි එතරම් වෙනසක් නැහැ වගේ.. ඉතා ආදර්ශමත් දේශපාලකයෝ...
චොකා මල්ලි කොකා පෙන්නන්න වගේ...
එක රටක්.. එක් නීතියක්...
මෙ තැනැත්තා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම නීතිවිරෝධියි කියලා ලිඛිතව දන්වා ඇති බව ඉරිදා පුවත්පතක පලවී තිඛෙනවා දුටුවා.
අනේ මට නම් බුද්ධිමත් ජනතාවගේ ඡන්දෙන් පත් වුණු චොකා මල්ලි ගැන නම් කිසිම අහිතක් නැහැ. ඒ වුණාට නූගත් ජනතාවගේ මුදලින් ඉගෙන ගත්ත චොකා මල්ලිගේ ලෙඩේ හොයා ගත්ත දොස්තර ගැන පොඩි කුකුසක් තියනවා. මොකද ලෝකයේ කිසිම වෛද්‍යවරයෙකුට හොයාගන්න බැරි ලෙඩක් අපේ ලංකාවේ දොස්තර හොයා ගෙන තියනවා. ඒ දොස්තරටත් රහසේ පුදන සම්මානවලට වඩා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සම්මානයක් පුදන එක නේද සාධාරණ? මාෆියා කල්ලි වලට සල්ලි උනන හැටි නම් හරිම අමුතුයි නේද?
පව් අප්පා, එච්චර වයසට ගිහිල්ලා නැතත් මේ අයට පුදුම ලෙඩ ගොඩක්නේ ඇත්තේ. අනිත් එක අපි නම් ඉස්පිරිතාලේ හිටියොත් සතියෙන් දෙකෙන් ටිකට් කපනවා... සමහර විට කොච්චර අමාරු වුණත් ඉස්පිරිතාලේ ඉඩ නෑ කියලා.
රටටම එක නීතියක් කියන්නේ ඕවාට තමයි. දුප්තා වැට්ටුවේ.. බලවතා රෝහලේ... ෆොන්සේකා මහත්තයා හිරේ හිටපු හැමදාම හිටියේ හිරකූඩුවේ. ඒත් බොරු නඩුවලට පටලවලා. නමුත් මේ නම් මිනීමරලා උසාවියෙන් තීන්දු දීලා.
හිරගෙවල් වල සිදුවෙන අක්‍රමිකතා නවතනවා කිව්වට කෝ? ලංකාවේ නීති දෙකක් කියන්නේ බොරුවටද?
මිනීමරුවන් ඔක්කොම බන්ධනාගාර රෝහලේ... මේ හිටන් රට පාලනය කරන නිසානේ.. අපේ සර් ජනාධිපති වුණාම ... එක රටක්, එක නීතියක් පේනවා.
මේ රටේ මරණ දඬුවම නියම වී ඇති සියලු දෙනාම සිටින්නේ 3වැනි වාට්ටුවේද?එහෙමනම් සාධාරණ රටක්...
චොකා මල්ලි කියනා රහස කුමක්ද? තරාදිය ඉදිරියේ පෙන්නුව කොකා නිසාද...? කබාකාරයින් ටික නිසා මම බේරුණා නේද...? තරාදිය හොඳයි දඩමස් පමණක් කිරන්නට...
මිනීමරුවෙකුටත් පාර්ලිමේන්තුවට තෝරපු මිනිස්සු ඉන්න රටක් මේක... මම හිතුවේ අප්සට් ඡන්ද දායකයෝ ඉන්නේ ගම්පහ විතරයි කියලා.. ඉතින් පුදුමයක්යැ සමගි ජනබලවේගයට ආසන 54ක් ලැබුණු එක...
එක රටක්, එක නීතියක්... කයිවාරු විතරයි. දැක්කනේ ලොක්කා පවුලත් බේරගෙන සංහරාජයත් කන්න තීරණය ගත්ත හැටි... බයියන්ට දැන් සැපද?
පොඩි ලැසීලගේ ගොඩේ ඉන්න ඕන අය විජේදාස රාජපක්ෂලාගේ ගොඩේ ඉන්න එක ගැන අපිට දුකයි. මොනවා කරන්නද? බුද්ධිමත් ජනතාවගේ තේරීමක්නේ..
මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක් දෙන්න... බමුණුඅාරච්චිලා උඩ පැන්නේ මේවට තමයි.
මිනීමරුවෙක් පාර්ලිමේන්තු ගේන්න දඟලන දැඟලිල්ල. මේ ආණ්ඩුවත් රටට කරයි කියලා හිතන්න බෑ.
මෙයා කොහොමත් වැඩිකල් හිරේ ඉන්නේ නෑ. මෙයාව හිරේ දැම්මේ ඡන්ද ගුණ්ඩුවක් විදියට නීතිය හැමෝටම සමානයි කියලා පෙන්නන්න. තව ටික දවසකින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරලා එළියට දායි.