IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ආනවිළුන්දාව ඩෝසර් කිරීම පසුබිමේ සිටි දේශපාලනඥයාගේ සහෝදරයා සොයයි

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි.
 
මේ වන විට බන්ධනාගාර ගත කර සිටින මෙම රැම්සා තෙත් බිම ඩෝසර් කිරිමට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින්  පොලිසියට කර ඇති පාපොච්චාරණය අනුව අදාල සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව කියයි.
 
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් පිංකට්ටිය කාසන්තිව් ප්‍රදේශයේ බිමක් පසුගිය 25 දින රාත්‍රියේ හා පසුදින පැය 10 කට ආසන්න කාලයක් ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් ඉස්සන් ටැංකි සකසා තිබු බව කියයි.
 
මෙම  සිද්ධියට මේ වන විට ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු හා පොකුණු ඉස්සන් වගාවන් සිදුකරන ව්‍යාපාරිකයකු බන්ධනාගාර ගත කර සිටි.
 
එම ඩෝසර් කිරිමට මේ වන විට පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමට නියමිත ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා ප්‍රදේශයෙන් නොමැති බව අදාල සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.
 
කෙසේ වෙතත් මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ගනනාවක් විමර්ශන අරඹා ඇති බව කියයි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස් පතිවරයා පවසා සිටියේ අදාල සැකකරු ඉදිරි දින කිපය තුළ පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.



අදහස් (34)

ආනවිළුන්දාව ඩෝසර් කිරීම පසුබිමේ සිටි දේශපාලනඥයාගේ සහෝදරයා සොයයි

Champa Sunday, 30 August 2020 01:53 PM

කුරුණෑගල සිංදුවම වගේ... පොලිසිය නැහැයි කියපු නගරාධිපතිට වරෙන්තුවක් නිකුත් කරලත් හොයා ගන්න බැරි වුණාට, අභියාචනාධිකරණයේ තීන්දුව දවසේ අගේට උසාවියට ඇවිල්ලා හිටියා. ඒ මොකද කිව්වා නම් තීන්දුව තමන්ට වාසිදායක බව කලින්ම දන්නා නිසා...

:       0       55

jagath Sunday, 30 August 2020 02:07 PM

ප්‍රබල දේශපාලකයාගේ නම දාන්න බැරිද?

:       0       72

Nihal Sunday, 30 August 2020 02:21 PM

සහෝදරයා විතරද?. දේශපාලකයින් සම්බන්ධ නැත්ද?

:       0       66

Pradeep Sunday, 30 August 2020 02:23 PM

තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදෙන්න. අප බලාපොරොත්තු වූ වෙනස එයයි.

:       0       61

Amula Sunday, 30 August 2020 02:24 PM

වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු යැව්වෝ... ඉතින් තාම දවස් 2යි දිවුරුම් දීලා... තවම පටන්ගත්තේ නැහැ.

:       0       61

ඡන්දදායකයා Sunday, 30 August 2020 02:28 PM

ඔට්ටුයි බැරුවට... මේ වගේ අය අල්ලන්න යනකොට පොලිසිය බොහෝම නිද්‍රාශීලියි..

:       0       83

විජේ Sunday, 30 August 2020 03:09 PM

ඔයාව එලවන්න කියලා කිව්වට පුත්තලමෙ ඉතුරු අය ඇහුවෙ නෑ, ඔය තියෙන්නෙ දැන් හත්පොලේම ගාගෙන

:       0       3036

Sanath KandySunday, 30 August 2020 06:58 PM

පහුගිය කාලේ විල්පත්තුව බේරාගන්න පොළවේ පස් කාපු දේශප්‍රේමී බයියෝ මොකද සද්දයක් නැත්තේ?

:       0       58

රුක්මාල් Sunday, 30 August 2020 03:39 PM

අල්ලයි මේං කියලා...

:       1       523

Kanthi Rathnayaka - Nalladarankattuwa Sunday, 30 August 2020 04:07 PM

මෙ සංශෝධනයට නමක් නැද්ද? හරියට මෙ නම කිව්වොත් අපි හොයලා දෙන්නම්. මොකද? පොලිසියට ඔය වැඩෙ කරන්න බැහැ.

:       1       464

රජින්ද Sunday, 30 August 2020 04:23 PM

අපේ මෙවැනි පාරිසරික සම්පත් ම්ලේච්ඡ ලෙස කෙලෙසමින් ඔක්සිජන් කන්නටද කියා අසන පා.ම. ගේ නුගත් හෙන්චයියන් සහ ඔවුන්ගේ ම්ලේච්ඡ සහෝදරයින් එම පා.ම.ගේ අනුදනුමෙන් හා ආශිර්වාදයෙන් සිදු කලාවු මෙම විනාශය සම්බන්දව ඔවුන් සියලුම දෙනාට පොදුවේ නීතිය ක්‍රියාත්මක කර එම මන්ත්‍රිව මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරිනුද කියා අපි විමසිලිමත්ව බලා සිටිමු.

:       0       1197

PereraMonday, 31 August 2020 09:57 AM

බලාගෙන ඉන්න... හැබැයි ටිකක් රෑ වෙයි හොඳේ..!!! 

:       0       94

Jeppo Sunday, 30 August 2020 04:48 PM

මෙ මිනිස්සුන්ගේ නම හෙළිකරන්න බිය වන්නේ ඇයි? ඒ අයටත් තියෙන්නේ ඉතිරි ඉඩම් කොටසේ තෘණ වගාව හෝ ඉස්සන් වගාව කර අනාගත බඩවියත සලසා ගැනීමයි. ඔන්න ඔකයි තත්වෙ...

:       0       582

sadisMonday, 31 August 2020 01:36 AM

විපක්ෂයේ කෙනෙක් වුණානම් කියයි ඩෝං ගාලා...

:       0       12

K PereraMonday, 31 August 2020 07:38 AM

එක රටක් .. එක නීතියක්... අකුරටම ක්‍රියාත්මක වෙන නිසා ආණෟඩුව බයයි මෙයාලගේ නම්ගම් හෙළිකිරීමට...

:       0       72

Ruhunu Sunday, 30 August 2020 04:55 PM

ඡන්දයක් ළංවෙනකොට දේශපාලකයින්ගේ නමයි, රූපයයිපෝස්ටර්වල ගහලා තාප්පවල ගස්සලා ගහන්න හොද නම් මෙවගේ අවස්ථාවකදී ප්‍රබල දේශපාලකයෙක් කියලා කියන්නේ නැතිව නම කියන්න බැරිම නම් මුකුත්ම විස්තරයක් නොකියන එකයි හොද...

:       0       1222

Kamal Koyrala Sunday, 30 August 2020 06:07 PM

විල්පත්තු ගිය සෙට් සිංහරාජේ, රැම්සා එහෙමත් ගියානම් නේද හොඳ?

:       0       9

sg Sunday, 30 August 2020 06:28 PM

ගොන්පාට් නොදා එයාව ඇරෙස්ට් කරලා රටට හෙළි කරන්න.

:       0       6

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 30 August 2020 09:05 PM

රටට විනාශයක් විතරක් නෙමේ... මේක ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්තිවලටත් එරෙහිව සිදු කරපු අකටයුත්තක්.. මේ වලින් හෑල්ලුවට ලක්වෙන්න‍ේ ජනපතිතුමන් ගැන ජනතාව තබා තිබුණු විශ්වාසය... දිගින් දිගටම මැති ඇමතිවරු මෙහෙම අකටයුතුකම්වලට තම ආශීර්වාදය පලකරන්න ගත්තොත් ජනතාව ටික ටික මේ රජයෙනුත් ඈත් වෙයි. වැරදි කරුවන්ට මොනතරම් දඬුවම් දුන්නත් වුණු විනාශය ආයෙ නිවැරදි කරන්න කවදාවත් බැරි වෙයි. හැමෝටම පාඩමක් ඉගෙන ගන්න පරිසරයට මේ විනාශය අත්කර දුන්නු හැමෝටම නිසිදඬුවම් ලබාදෙන්න.

:       0       8

nihal Sunday, 30 August 2020 09:14 PM

ටකරන් ටිකක් බෙදාදෙන උත්සවයකට ආවාම නම් දේශමාමක, දේශහිතෛශී වගේ ගරු නම්බු නාම පළකරන්න පුළුවන්. හැබැයි මේ වගේ එකකට බෑ...

:       0       7

විජිත් Sunday, 30 August 2020 09:38 PM

දුප්පත් අහිංසකයෙක් පොල් ගෙඩියක් හොරකම් කරලා හරි... කෙසෙල් කැනක් කපලා වැනි හොරකමක් කරලා හරි පොලිසියෙන් කට්ටි පැන පැන හිටියාම.. අපේ රටේ මහා බලවත් පොලිසිය කරන්නේ කුමක්ද...? අර අහිංසකයාගේ ගෙදර ඉන්න ගෑනිව හරි, සහෝදරයෙක් එහෙමත් නැතිනම් වයසක පියාව කුදලාගෙන පොලිසියට අරගෙන ගිහින් කූඩුවට දානවා. ඉතින් මේ මහා බලපරාක්‍රමයෙන් විරාජ මානවූ පොලිසියට බැරි ඇයි ඔය කියන කට්ටිපැනපු හොරාගේ බිරියව අල්ලාගෙන ගිහින් පොලිසියේ කුඩුවේ දමන්න ..? ජොබ් එක ගහලා යයි කියලා පොලිසියේ ලොක්කෝ බයද..? කුරුණෑගල පොලිසිය විතරක් නොවෙයි, පුත්තලමේ පොලිසියත් දියවන්නාවේ ඉන්න හොරුන්ට බයවෙලා.. පොලිසියේ නිලධාරීන් අමතක නොකළ යුතුයි. ඔවුන්ගේ වැටුප ගෙවන්නේ දේශපාලුවන් නොව මහජනයා බව. ඒ මහජනතාවට සේවය කිරීම සඳහායි. එහෙම නැතිව දේශපාලුවන් ආරක්ෂා කිරීමට නොවේ..

:       0       21

ලුම්බිණි Monday, 31 August 2020 12:44 AM

සිංහරාජෙට ගිහින් බැලුවා වගේ ජනාධිපතිතුමාට කරන්න තිබෙන්නේ මෙතනට ගිහින් බලලා පරිසරයට කිසිම හානියක් නැහැ කියලා කියන එක විතරයි. ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

:       0       12

samira Monday, 31 August 2020 01:57 AM

රෝම කූපයක්වත් අල්ලන්නේ නැහැ..

:       0       13

Bamunuarachchi Monday, 31 August 2020 02:25 AM

අපි කිව්වා හරි.. ඔක්සිජන් කාරයා මේකට කොහෙන් හෝ සම්බන්ධ බව.

:       0       16

අනුර Monday, 31 August 2020 02:41 AM

තවත් මර්වින් සිල්වලා පිරිසක් අලුත් ආණ්ඩුවේ දැන්ම මෙහෙම හැසිරෙනවා නම්, මොවුන් මෙල්ල කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගත්තොත් ඇමතිලා වැඩ අනාවි. එහෙම වුණොත් ආණ්ඩුවට සහාය දුන් අය ඊට එරෙහිව ප්‍රසිද්ධියේ එරෙහිවන කාලය එතරම් ඈතක නොවේ.

:       0       17

mohomed Monday, 31 August 2020 03:43 AM

පහුගිය ආණ්ඩුව පාස්කු බෝම්බකරුවන් දාස්ගාණක් සතියෙන් හොයා ගත්තත්, මේ ආණ්ඩුව ලංකාවේ වටින ඉඩම් කොල්ලකන අය අල්ලගන්න මෙච්චර දඟලනවා. කාට කියන්නද? ඡන්දය දීපු ලක්ෂ 69ට දැන් සනීපද?

:       1       13

amila Monday, 31 August 2020 04:43 AM

කවුරු ආවත් එකයි.. ජවිපය එකම එන්න ඕනෑ... මේක හදලා ගන්න.. එක්කෝ හදයි. නැතිනම් නැතිම වෙයි.

:       0       52

kamal Monday, 31 August 2020 04:53 AM

කැහි ගෑණිව ගත්තත්, හොටු ගෑණිව ගත්තත් අන්තිමට බන්ධනාගාර රෝහලෙන් තමයි නතරවෙන්නේ..

:       7       0

Kuma Monday, 31 August 2020 05:55 AM

පොල් හොරෙක්, හරක් හොරෙක් නම් දනී දවසෙන් දෙකෙන් අල්ලගන්න හැටි...

:       0       29

K, Ranaweera. Monday, 31 August 2020 07:02 AM

ඇයි වියත්මග අතරමංවෙලා ඉන්නේ..? නූගත් දේශපාලු නිවටයින් නේද ඉන්නේ? මේවා ඔක්කොම බලපුළුවන්කාරකම් තමයි.

:       0       25

beau Monday, 31 August 2020 08:20 AM

රංගගේ සහෝදරයෙක් වෙන්න ඇති.., වෙන කවුද ඔයවගේ මගඩි වැඩ කරන්නේ?

:       0       17

සෑම් Monday, 31 August 2020 09:11 AM

ඒ විරුවාගේ රෝමකූපයකටවත් අත තිබ්බොත් බලාගෙනයි. හෙට ලොක්කා ආනවිළුන්දාවේ සංචාරය කර.., කටින් පරිසරය සංරක්ෂණය කර දේශීය ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඉතිරි බිම් කොටසුත් ඉස්සෝ පොකිරිස්සන් වගාව සඳහා අවසර දෙනු ඇත. ඉස්සෝ සහ පොකිරිස්සෝ මිනිස්සුන්ගේ කටට යන තෙක් අපට ජීවිතය දුන් නායකයා යයි කියා සතුටු වනු ඇත.

:       0       65

Bishan Monday, 31 August 2020 09:36 AM

බයියන්ට අනුව මේවා සුළු වැරදි. විල්පත්තුව මතක් කරගෙන මැරෙන්න දඟලපු අය.... හොයාගන්නත් නෑ දැන්..

:       0       12

rata vasiya Monday, 31 August 2020 06:34 PM

පොලීසිය අර මීගමුව බන්ධනාගාර අධිකාරි අල්ලපු විදිහටද අල්ලන්න හිතන් ඉන්නේ?

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 129 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 723 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 337 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 1139 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 509 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2220 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1168 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site