
(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළද ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් වන වගන්ති වෙනස් නොවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කටත් ඔහුට ධූරය දැරිය හැකි වාර ගණන දෙකකටත් 19 වන සංශෝධයන් සීමා කර තිබිණි.
මේ අතර පාර්ලිමේන්තුවේ නිල කාලයද වසර 5 කට සීමා කෙරිණි.
තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකාමක් ලෙස 19 වැනි සංශෝධනයෙන් පිළිගත් අතර එයද වෙනස් නොවන බව ඔහු කීවේය.
17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දෙනු ලැබූ ස්වාධීන කොමිසන් සභාවලට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම හඳුන්වා දෙනු ලැබූ අතර එම කොමිසන් සභාද තවදුරටත් පවතින බව හෙතෙම සඳහන් කළේය.
20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් අනිද්දා (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.
අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් පත් කර ඇති ඇමැති අනුකමිටුවට යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
මහාචාර්ය ජී.එල් පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා , දිනේෂ් ගුණවර්ධන , ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරු එම කමිටුවට ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකක්ද වෙනස් වෙන්නේ?
අනේ මන්දා... අපි නම් ඡන්දෙ දුන්නේ රටේ ජීවන වියදම අඩු කරන්නට, සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නට සහ අපරාධ, මත් කුඩු පැතිරීම වළක්වන්ටයි. අලුත් වව්‍යවස්ථාවක් ගැන නම් හාන්කවිසියක්වත් හිතේ තිබුනේ නැහැ.
කැබිනට් ඇමැතිවරු හා අනෙක් ඇමැතිවරු ගාන වැඩි කළාද? 19 තියපු ගාණ හරි..
ඒවා නම් තිබුණත් එකයි, නැතත් එකයි. මෙතන කරන්න හදන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න දාපු වගන්තිය ඉවත් කරලා ද්විත්ව පුරවැසියන්ව පාර්ලිමේන්තු ගේන්න හදන එක... මොන දේ කළත් ඒකට නම් ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ මොකද කිව්වා නම් ද්විත්ව පුරවැසියන් මුල් තැන දෙන්නේ විදේශ රටට නිසා. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එන එකට මම විරුද්ධ වෙන්නේ මගේ රටේ අනාගතය ගැන හිතලා. ද්විත්ව පුරවැසිභාවය ගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම විදේශ රටක පුරවැසිභාවය ගන්න නම් තමන් උපන් රටේ පුරවැසිභාවය අත හරින්න ඕනේ. ඒ වගේම ලංකාවේ නීතිය අනුවත් විදේශ රටක පුරවැසිභාවය ගන්න කොටම ලංකාවේ පුරවැසිභාවය ඉබේම අහෝසි වෙනවා. ඊට පස්සේ දෙවැනිව තමයි ලංකාවේ පුරවැසි භාවය ඉල්ලගෙන ද්විත්ව පුරවැසියෙක් වෙන්නේ. එතකොට උපන් දා ඉඳන් තිබ්බ පුරවැසිභාවය නෙමෙයි ලැබෙන්නේ ලියාපදිංචි පුරවැසිභාවයක්... ඒ හින්දා ද්විත්ව පුරවැසියන්ගේ පක්ෂපාතීත්වය තියෙන්නේ විදේශ රටට. අනික ලංකාවට ආදරේ කිසිකෙනෙක් ලාංකික පුරවැසිභාවය ඉවත්කර ගන්නවද?
එම්සීසී ගැන ජනාධිපතිවරයාගේ යූටර්න් එකෙන් ඔප්පු වුණා.. ඔහු මුල් තැන දෙන්නේ ඇමරිකාවට කියලා. ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළත් ඔවුන් ඒ වෙනුවෙන් බැඳිලා ඉන්නවා. 2006 යුද්ධය පටන් ගන්න කොටම, ඇමරිකාව ලංකාවට තමන්ගේ හමුදාව නීත්‍යානුකූලව ගොඩ බස්සන්න හදපු උගුල තමයි ACSA ගිවිසුම... 2007 ඒක අවුරුදු 10කට අත්සන් කරන්න වුනේ ආරක්ෂක ලේකම් සහ ආර්ථික කටයුතු ඇමති ඇමරිකන් පුරවැසියන් නිසා. නමුත් රටේ වාසනාවට යුද්ධෙ ඉවර වුණා. මට මතකයි මහින්ද තුවාල වෙච්ච තරුණ සෙබළුන් බලන්න රෝහලට ගිහාම ඔවුන් මහින්දට කිව්වේ "සර්, පත්තරේ තියෙනවා යුද්ධය නවත්තනවා කියලා, මොනවා වුණත් යුද්ධය නවත්තන්න එපා" කියලා. එතකොට මහින්ද කිව්වා "යුද්ධෙ ගැන තීරණ ගන්නේ මම. මම කීයටවත් යුද්ධෙ නතර කරන්නේ නැහැ" කියලා. මහින්දගේ වචන නිසා හමුදාවේ තරුණයින් මැරුණත් කමක් නැහැ කියලා සටන් කරලා ප්‍රභාකරන්ව ඉක්මනට විනාශ කළා. නැත්නම් ඇමරිකන් ගැත්තන්ගේ ගිවිසුම අනුව ඇමරිකන් හමුදාව ගොඩබසින්නේ 2009. සමහරු අහනවා ඉස්සර පාර්ලිමේන්තුවේ හිටියා.. දැන් බැරි ඇයි කියලා. ඉස්සර ජනතාව දැනගෙන හිටියේ නැහැ ඇමරිකන් ගැත්තන් රට පාවා දෙන ගිවිසුමක් අත්සන් කරලා බව... දැන ගත්තේ 2017 ඇමරිකාව කිව්වහම..
වෙනස්වන කරුණු මොනවද? ඒවා සඟවා කථාකරන්නේ එම සංශෝධන අර්බුදකාරී නිසා නේද?
225 වැඩිම වැඩියි ලංකාව වගේ පොඩි රටකට. කරුණාකර 75ක් විතර අඩු කරමුද? නිකන් බොරු වැඩක්...
20 ගේන්නත් කළින් ඇයි මේ 19 අහෝසි කරන්න තියෙන හදිස්සිය...?
19න් හදිසි පනත් ගේන එක නැවැත්තුවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි.
ජනාධිපතිගේ කාලය අවුරුදු 20 කලත් කමක් නැහැ.