
(*** සුජිත් හේවාජුලිගේ සහ *** ඉන්දිකා රාමනායක)
විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 26ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අපරාධකරුවන් සතු පර්චස් 900ක පමණ ඉඩම් ද බස්නාහිර පළාතෙන් සොයා ගෙන ඇතැයි ගුණසේකර මහතා කීවේය.
මේ අපරාධකරුවන්ට අයත් බැංකු ගිණුම් 102ක් ද සොයා ගත් බවත්, මේ ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 260කට වැඩි මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔහු පැවසීය.
මේ බැංකු ගිණුම්වල ඇති රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් තහනම් කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව ද රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මේ අතර අපරාධකරුවන් නීති විරෝධීව ඉපයූ දේපළ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී පොලිසියට පැමිණිලි 110ක් ලැබී තිබෙන අතර, ඒ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර එම දේපළ තහනම් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.
මේ අතර විදේශයන්ට පලාගොස් සිටින දරුණු ගණයේ අපරාධකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් (ඉන්ටර්පෝල්) රතු නිවේදන ලබාගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ දාහතර දෙනාම මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයන් බව කී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට දැනටමත් විමර්ශන අරඹා ඇති බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප කාර් රජයට පවරාගෙන මන්ත්‍රීවරුන්ට හෝ රජයේ භාවිතයට ගෙන වියදම් අඩුකළ හැකි ඉඩම් ප්‍රසිද්ධ වෙන්දේසිය හෝ මුඩුක්කු නිවාස ඉවත්කර නිවාස සංකීර්ණ හෝ රජයේ ආයතන ගොඩනැගිලි සඳහා කුලී නොගෙවා සාදාගත හැකි කෝටි ගණනක අත් හිටවූ මුදල් ලංකාවේ ණයබර අඩුකරන්න ගන්න. තොතතුරු දැනගැනීමේ පනතින් අපි දැනගන්න කැමැතියි ඉඩකඩම්, වාහන ගිණුම් පිළිබඳ විස්තර කට්ටිය බෙදාගන්න ඉස්සර...