
(සටහන සහ ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.
මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව කියයි.
දෙවියන්ට පොල් ඉහළ රඳවමින් දෙවියන්ගේ ආරක්ෂාව අයදිමින් වන සංහාරකයින් මෙම වනාන්තරය වනසා ඇති බව දැකගත හැකි විණි.
යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් වසර 200කට වැඩි දැවන්ත පළු ගස් කපා රහසේ රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබූ වීර, බුරුත, ඇතුළු වසර සිය ගණනක ගස්ද දැව ජාවාරමට යොදා ගැනීමෙන් වනාන්තරය සියලුම ගස් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් බිම හෙළා ඉන්පසුව මෙම දැවැන්ත පරිසරය ගිනි තබා තිබේ .
පරිසරවේදීන් පවසන්නේ මෙම දැවැන්ත වන සංහාරය පිටුපස වනාතවිල්ලුවේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලඥයකු සිටින බවත් ඔහුට තවත් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේද ආධාර අනුබල ලැබී ඇති බවයි.
මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර කිහිපයක් නුදුරින් පිහිටා තිබෙන බවත්, විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ සැරිසැරීම නිරන්තරයෙන් සිදුවන බවත්, මේ විනාශයන් සමග වනසතුන් තවත් ගම්මාන වෙත කඩා වැදිම සිදුවීම නොවැළැක්විය හැකි බවත් පරිසරවේදීහු චෝදනා එල්ල කරති.
එසේම පරිසරවේදීන් පවසන්නේ දැනට වාර්තා වන අන්දමට මෙම වනාන්තරය වනසා දමා පසුව පිට පළාත් වල ධනවතුන්ට මෙම ඉඩම් රහසේ විකිණීම සඳහා ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවයි.
එමනිසා අදාල වගකිව යුතු පාර්ශව මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු බලකර සිටිති.
මේ පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ තමන්ටද මේ වනවිට මෙම දැවැන්ත වන විනාශය වාර්තා වු බවත් ඒ සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල කටයුතු කරමින් සිටින බවත්ය.
එසේම ඔහු පවසා සිටියේ මෙම ඉඩම් රජයේ වනාන්තරද, එසේ නැතිනම් සිමෙන්ති සංස්ථාවට 1960 දශකයේ ලබාදුන් අක්කර 6000කට ආසන්න වනාන්තර පද්ධතියේ ඒවාද යන්න සොයා බැලිමට කටයුතු කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...
හොඳ වැඩක්...
අනේ ඕවා වැඩක් නැහැ. අපි හම්බ කරගත්තොත් අපි කනවා.
කෝ දැන් බදූර්දීන්ට බැනපු අය...? ආනේ සමාවෙන්න එයාලා දැන් මන්ත්‍රී පුටුවට ගහගන්නවනේ.. කවුරු කළත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ.. මේ වගේ වැරැදි කරන අය ප්‍රසිද්ධියේ අල්ලලා දඬුවම් දෙන්න ඕනේ. ප්‍රාදේශීය දේශපාලනඥයාගේ නමගම හෙළිකරලා ඔහුගේ සියලු දේපල, මුදල් රාජසන්තක කරලා ඒ මුදල්වලින් නැවත මේවා ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ..
2/3 තියෙනවානේ... ඉතින් මොකටද කාටවත් බයවෙන්නේ...?
ගෝඨාභය මහත්තයා මොකද කරන්නේ?
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා නම් මෙහෙම වෙන්නේ නෑ. සිරිසේන ජනාධිපතිතුමාට මේ වගේ අගයක් නෑනේ.
කෝ යහපාලන ආණ්ඩුවේ විල්පත්තුව ගැන හොයපු පරයින් මේවත් හොයපල්ලකෝ.. ඇයි මේක රාජපක්ෂ ආණ්ඩුව හින්දා කටවල් වල මුකුත් දාගෙනද දන්නෑ..
අවසාන ගසත් කපා දැමූ පසු, අවසාන සත්වයාත් මරා දැමූපසු මිනිසා වටහා ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව. අනේ මිනිසුනේ මේ වනසා දමන්නේ ඔබේත්, මගේත් දරුවන්ගේ උරුමය නේද? අනාගත පරපුරේ ශාපයෙන් ඔබලාට ගැලවීමට හැකිවේවිද..?
මේ අහන දේවල් සියල්ලම ඔබේ සෞභාග්‍යයේ දැක්මට විරුද්ධයි. මේ පරිසර විනාශයන් සහ පුරාවස්තු විනාශයන් ගැන ඔබතුමා නිහඬව සිටීම ලොකු ප්‍රශ්නාර්ථයක් ජනපතිතුමනි...
2025 වෙනකොට දැනට 16%ක් විතර තියෙන වනගහනය 8%ක් විතර අඩුවෙයි...
කැලෑවල් කපන්නේ නැතිව රට සංවර්ධනය කරන්න බැරි බව රටේ ඉන්න 69 ලක්ෂයක් ජනතාව දන්නවා. ටික දෙනයි ඒ බව දන්නේ නැත්තේ...
නියමයි! රටේ බුද්ධිමත් ජනතාව පත්කළ දේශප්‍රේමී ප්‍රබුද්ධ පාලකයින්ට මගේ ගෞරවනීය උත්තමාචාරය!! මේ රටට සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී.. අර ඇමරිකන් කාරයෝ කපාගෙන, ඇමරිකාවට අරගෙන යන්න හිටපු ගස් ටික වෙන්න ඇති අපේ අය කපාගෙන තියෙන්නේ. ඉතින් කාටද ආඩම්බර? සමහරක් ආඩම්බර වැඩි කමටද මන්දා.. මේ දවස්වල වැඩි කතා බහකුත් නැහැ.
දෙවියනි ඔබ කොහිද? කාගෙ පැත්තෙද?
දෙවියන්ට පොල් ගසා දේශපාලකයින්ට ගල් නොගැසීමේ විපාක...
ඕවා බොරු ගොතපු කථා. අපේ ජනපති ඕවට ඉඩ තබන කෙනෙක් නොවේ. එයා කතරගම දෙවියෝ වගේ වටේම පෙනෙන කෙනෙක්.
සොබාදහම විනාශ කරන්න කවුරුවුණත් ගැලවීමක් නැත. කුමන ආත්මයකදී හෝ එහි විපාක සොබාදහමෙන්ම ලැබෙනු නියතයි.
මේ දේශපාලකයන්ට මොන යකෙක් වැහිලද? දේශපාලකයින් තෝරාපත්කරගත්තේ මෙහෙම විනාශයක් දකින්න නම් පතපු වෙනස සැපයි..
කැලේ ගිනිතියලා ගස් කපන එක නම් එච්චර ගණන් ගත යුතු කාරණාවක් නෙමෙයි. එ්ත්, මේ දවස්වල අපේ ලියන මහත්තුරුන්ට මල බද්ධය සහිත වයිරස් රෝගී තත්වය ගැන තමයි මට තියන ගැටලුව. සමහරවිට, අර කැලෑ ගින්නේ සුන්දරත්වය විඳලද දන්නේ නැහැ නේද?
ආ... දෙයියන්ට පොල් තියලනේ.. එහෙනම් ඉතින් මොකෝ? දෙයියෝ බලන්නේ නැතුව ඇති කැලෑපාලුවන්ව. අපිට මොනවා වුණාම මොකද?
රට කන්නම ආපු බමුණෝ ටිකක්. බමුණුආරච්චිලා ඡන්දේ දෙන්නෙම මේ අයටනේ...
සර් තාම මේවා දන්නේ නැතිව ඇති. අරයා වගේ මෙයා පත්තර බලන කෙනෙකුත් නෙවෙයි.
දෙවියන්ට පොල් තියලා, රජයට පොලු තියලා ප්‍රාෙද්ශීය කාරයෝ කැලෑ කපනවා. මේ ඔක්කොම සිද්ද වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ... මොකද පුත්තලමට ඔක්සිජන් ඕනේ නැහැ කියන බූරුවන් ඉන්න නිසා...