
(ඉන්දිකා රාමනායක)
දැනට විදේශ රටවල සැඟව සිටින නමගිය පාතාල කල්ලි සාමාජිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සදහා එරෙහිව රතු වරෙන්තු ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
මොවුන් සම්බන්ධයෙන් ලබාගත් රතු වරෙන්තු ජාත්‍යන්තර පොලිසියට යොමුකර ඇති බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
මෙලෙස රතු වරෙන්තු ලබාගෙන ඇති සංවිධානත්මක අපරාධකරුවන් අතර ගමගේ සුරංග හෙවත් වැල්ලේ සුරංග, පරණමානගේ චමින්ද හෙවත් කලු සාගර, සුරසිංහ ආරච්චිගේ ගිහාන් ෆොන්සේකා , සෝමු සුප්පයියා හෙවත් (යොගූ), කෙනඩි ප්‍රනාන්දු හෙවත් (බුම්මා), සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් (අංජු /කුඩු අංජු), රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන්, නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රොෂාන් හෙවත් (කෙසෙල්වත්තේ දිනුක), එල්ලවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් (ධර්මේ), ජගමුණි සුජීව ද සොයිසා හෙවත් (කොස්ගොඩ සුජී/පොඩි සුජී), මද්දුම ලසන්ත චන්දන පෙරේරා හෙවත් (අංගොඩ ලොක්කා), බාලචන්ද්‍ර පුෂ්පරාජ් හෙවත් (පූකුඩු කන්නා), සෙල්වරාජ් ධනේෂන් හොවත් ධනේෂන් නැමැත්තන්ට බව උසස් පොලිස් නිලධාරියෙකු කීය.
සෙල්වරාජ් ධනේෂන් හොවත් ධනේෂන් නැමැත්තාට ලබාගෙන ඇත්තේ නිල් වරෙන්තුවක් බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
මෙම අපරාධකරුවන් සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් අධිකරණ රැසකින් මෙම රතු වරෙන්තු ලබාගෙන ඇති අතර මොවුන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග ලබා දී තිබූ අතර ඒ සදහා මසක කාලයක් ලබා දී තිබිණි.
මේ අතර මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් වන සෙයින් මොහොමඞ් සහබ්ඩීන්, සර්දාර් මොහොමඩ් අසාඩ් කාන්, පතිරන්නැහැලාගේ නිමල් පත්මසිරි හෙවත් නිමල් පෙරේරා, ජයසිංහ ආරච්චිගේ සුජිත් නිශාන්ත හෙවත් අජිත් නිශාන්ත, සුජී, ගොරකන්නගේ අජන්ත ඔස්මන් සිල්වා, අරුන්ගරෝ බෙහුලා යන සැකකරුවන් සම්බන්ධයෙන් ද මීට පෙර රතු වරෙන්තු නිකුත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු වරෙන්තු ගන්න එකෙයි, ලංකාවට ගෙන්නලා නඩුදාලා හිරේ යවන එකෙයි අතරේ ලොකු වෙනසක් තියෙන බව කීයෙන් කීදෙනාටද වැටහෙන්නේ?
මළ කෝලම්.. ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තු පිට හිටපු මිග්සල්ලි හොරකමට සම්බන්ධ කෙනා පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ ජයට හිටියේ...
එතකොට එක්කෙනෙක් අඩුයි වගේ නේද? ලන්සලා අල්ලන්නේ නැද්ද?
එහෙදිම මේගොල්ලන්ගේ වැඩකටයුතු අවසන් කරන්න ක්‍රමයක් නැද්ද?
මේක හරියට මැතිවරණයකට නාම යෝජනා බාරගන්නවා වගේ. හොරාව අල්ලන්න අද එනවා කියා හොරා අල්ලන්න ගියා වගේ වැඩක්... ලොකු දේශපාලකයන් අල්ලන්න කලින් උසාවියෙන් අල්ලන්න එපා කියා කියනවා වගේ වැඩක්...
ගුවන් යානා හුටපටේකට ඔය වගේ ‘‘ රතු වරෙන්තු‘‘ නිකුත් කරපු හාදයෙක් මම දැක්කා දැන් ලොකු ලොක්කෝ එක්ක කිරිබත් කනවා. මාර වැඩක් ලංකාවට වුණේ..
ජර්මනියේ ඉඳගෙන ලංකාවේ කුඩු විකුණන මුදලාලිලා සහ ජර්මනියට පැනගත්ත මිනීමරුවන් අල්ලන්නේ කවද්ද?
හා හා බලාගෙන. මේ රතු වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට යන්න ඒ අයට පුළුවන්...