IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රට ඉන්න පාතාලයෝ 13 ක් අත්අඩංගුවට ගන්න රතු වරෙන්තු

(ඉන්දිකා රාමනායක)

දැනට විදේශ රටවල සැඟව සිටින  නමගිය පාතාල කල්ලි සාමාජිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සදහා එරෙහිව රතු වරෙන්තු ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

මොවුන් සම්බන්ධයෙන් ලබාගත්  රතු වරෙන්තු ජාත්‍යන්තර පොලිසියට යොමුකර ඇති බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

මෙලෙස රතු වරෙන්තු ලබාගෙන ඇති  සංවිධානත්මක අපරාධකරුවන් අතර  ගමගේ  සුරංග හෙවත් වැල්ලේ සුරංග, පරණමානගේ චමින්ද හෙවත්  කලු සාගර,  සුරසිංහ ආරච්චිගේ  ගිහාන් ෆොන්සේකා , සෝමු සුප්පයියා හෙවත් (යොගූ),  කෙනඩි ප්‍රනාන්දු හෙවත් (බුම්මා),  සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත්  (අංජු /කුඩු අංජු), රාජපක්ෂ ආරච්චිගේ   දිනුක මධුෂාන්,   නල්ලපෙරුම තන්ත්‍රිගේ  දනුක  රොෂාන්   හෙවත් (කෙසෙල්වත්තේ දිනුක), එල්ලවල ලියනගේ  ධර්මසිරි  පෙරේරා හෙවත් (ධර්මේ),  ජගමුණි  සුජීව ද  සොයිසා හෙවත් (කොස්ගොඩ සුජී/පොඩි සුජී), මද්දුම ලසන්ත චන්දන පෙරේරා හෙවත් (අංගොඩ ලොක්කා),  බාලචන්ද්‍ර පුෂ්පරාජ් හෙවත්  (පූකුඩු කන්නා), සෙල්වරාජ් ධනේෂන් හොවත් ධනේෂන් නැමැත්තන්ට බව  උසස් පොලිස් නිලධාරියෙකු කීය.
සෙල්වරාජ් ධනේෂන් හොවත් ධනේෂන් නැමැත්තාට ලබාගෙන ඇත්තේ නිල් වරෙන්තුවක් බවද   එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.

මෙම අපරාධකරුවන්  සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන්  අධිකරණ රැසකින් මෙම රතු වරෙන්තු ලබාගෙන ඇති අතර   මොවුන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට  බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග ලබා දී  තිබූ අතර ඒ සදහා මසක කාලයක් ලබා දී  තිබිණි.

මේ අතර මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් වන  සෙයින් මොහොමඞ් සහබ්ඩීන්, සර්දාර්  මොහොමඩ්  අසාඩ් කාන්, පතිරන්නැහැලාගේ  නිමල් පත්මසිරි හෙවත්  නිමල් පෙරේරා, ජයසිංහ ආරච්චිගේ සුජිත් නිශාන්ත  හෙවත්   අජිත් නිශාන්ත, සුජී,  ගොරකන්නගේ  අජන්ත ඔස්මන් සිල්වා,  අරුන්ගරෝ  බෙහුලා  යන සැකකරුවන් සම්බන්ධයෙන් ද මීට පෙර රතු වරෙන්තු නිකුත් කර ඇති  බව  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (8)

රට ඉන්න පාතාලයෝ 13 ක් අත්අඩංගුවට ගන්න රතු වරෙන්තු

Perera Monday, 31 August 2020 05:59 PM

රතු වරෙන්තු ගන්න එකෙයි, ලංකාවට ගෙන්නලා නඩුදාලා හිරේ යවන එකෙයි අතරේ ලොකු වෙනසක් තියෙන බව කීයෙන් කීදෙනාටද වැටහෙන්නේ?

:       0       1

Binkunndaa Monday, 31 August 2020 06:30 PM

මළ කෝලම්.. ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තු පිට හිටපු මිග්සල්ලි හොරකමට සම්බන්ධ කෙනා පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ ජයට හිටියේ...

:       0       36

Roy Fedsricks Monday, 31 August 2020 10:59 PM

එතකොට එක්කෙනෙක් අඩුයි වගේ නේද? ලන්සලා අල්ලන්නේ නැද්ද?

:       0       36

Bamunuarachchi Tuesday, 01 September 2020 01:37 AM

එහෙදිම මේගොල්ලන්ගේ වැඩකටයුතු අවසන් කරන්න ක්‍රමයක් නැද්ද? 

:       0       26

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 01 September 2020 05:24 AM

මේක හරියට මැතිවරණයකට නාම යෝජනා බාරගන්නවා වගේ. හොරාව අල්ලන්න අද එනවා කියා හොරා අල්ලන්න ගියා වගේ වැඩක්... ලොකු දේශපාලකයන් අල්ලන්න කලින් උසාවියෙන් අල්ලන්න එපා කියා කියනවා වගේ වැඩක්...

:       0       27

siri Tuesday, 01 September 2020 07:36 AM

ගුවන් යානා හුටපටේකට ඔය වගේ ‘‘ රතු වරෙන්තු‘‘ නිකුත් කරපු හාදයෙක් මම දැක්කා දැන් ලොකු ලොක්කෝ එක්ක කිරිබත් කනවා. මාර වැඩක් ලංකාවට වුණේ..

:       0       145

rathne Tuesday, 01 September 2020 12:04 PM

ජර්මනියේ ඉඳගෙන ලංකාවේ කුඩු විකුණන මුදලාලිලා සහ ජර්මනියට පැනගත්ත මිනීමරුවන් අල්ලන්නේ කවද්ද?

:       0       0

Nihal Tuesday, 01 September 2020 02:17 PM

හා හා බලාගෙන. මේ රතු වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට යන්න ඒ අයට පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site