
(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (6) රාත්‍රීයේ සහ හෙට (7) උදෑසන තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයින හරහා පැයට කිලෝමීටර 60 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා කීවේය.
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට මේ රතු නිවේදනයෙන් පස්සේ කොළඹ ප්‍රදේශයට වහින එක නතර උනා
ඔය බොරු කතාඅහලා අහලා එපාවෙලා. මමත් ගෙදරට කෝල්කරලා කියනවා. අද සවස වහිනවා. හෙට උදේ වහිනවා තද සුළඟ ඇතිවෙනවා. කිසිම දෙයක් කියපු දවසට වෙලා නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුවට සාස්තර කියන කෙනෙක් පත්කළා නම් මීට වඩා හොඳයි.