IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනි නෑ‘

(මනෝප්‍රිය ගුණසේකර)

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මත කරගැනීමට හැකි බවත් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (02) දැනුම් දී ඇත.
 
20 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත තුළින් ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බව නීතීපතිවරයාගේ මතය වී ඇතැයිද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මහත්මිය පැවසුවාය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ මතය විමසන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ලබාදුන් උපදෙස් වලට අනුව අදාළ පනත් කෙටුම්පත පෙරේදා (01) නීතීපතිවරයා වෙත යොමු කළ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නීතීපතිවරයාගේ මතය විමසන ලදී.
 
ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කළ නීතීපතිවරයා සිය මතය අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කොට ඇති අතර එහි පිටපතක් නීතී කෙටුම්පත් සම්පාදකවරයාටද යොමු කළ බව නිශාරා ජයරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත තුළින් ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන හෙයින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතීපතිවරයාගේ මතය වී ඇත.
 
ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමෙන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන්  තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකියාව ඇති බවද නීතීපතිවරයාගේ මතය වී ඇත.



අදහස් (10)

‘20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනි නෑ‘

මහේල Wednesday, 02 September 2020 02:15 PM

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු නිසා දැන් වෙන මොනවත් ඕනෑ නැහැ. අවශ්‍ය නම් චක්‍රලේඛයකින් වුණත් කරන්න තිබුණා.

:       1       4

Lal Wednesday, 02 September 2020 02:30 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       103       18

පියසේනWednesday, 02 September 2020 02:46 PM

හාමුදුරුවෝ නොවෙයි විධායක ජනාධිපති. ඒ නිසා මේකේ වැරැද්දක් නැහැ. විධායක ජනාධිපතිගේ මතයට විරුද්ධව මෙහෙම මත පලකරන එකත් දඬුවම් ලැබිය යුතු වරදක්.

:       75       14

Champa Wednesday, 02 September 2020 02:52 PM

නීතිපති කොහොමද එහෙම කියන්නේ? ඒක කියන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණය...

:       103       5

ManeshWednesday, 02 September 2020 03:21 PM

එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා බලන්නකෝ... එයාලත් කියන්නේ ඔය ටිකම තමයි. අති බහුතරයක මහජන මතයට විරුද්ධව එයාලා වැඩ කරන්න ගියොත් ඒ ගොල්ලොත් අයින් කරන්න පුළුවන්...

:       1       60

අමරසිරිWednesday, 02 September 2020 03:49 PM

මහජන මතය තියෙනවා නම් මේක තැපැල් ස්ථානාධිපති කෙනෙක්ට වුණත් කරන්න පුළුවන් දෙයක්...

:       1       24

ChampaWednesday, 02 September 2020 04:12 PM

කොහේ තියෙන අති බහුතරයක්ද? අති බහුතරය මේ ඡන්ද වර්ජනය කළා, හලෝ. මහ මැතිවරණය සිංහල බෞද්ධයින් වර්ජනය කළා. ඡන්ද 35%ක්වත් වැටුනේ නැහැ. මැකෝ 2015 අනිත් පැත්තේ ඡන්ද විකෘති කළා. 2019, 2020 මේ පැත්තේ ඡන්ද විකෘති කරලා දුන්නා. මැකෝ ඡන්දෙට දින දුන්නෙත් මේ ගොල්ලන්ට ඕනේ විදිහට... නොවැම්බර් මහින්දගේ උපන්දිනේ වැටෙන්න. ඊට පස්සේ ජුනි ඡන්දෙ අවලංගු වුණා නැත්නම් තියන්නේ ගෝඨාභයගේ උපන්දිනේට.. ඊළඟ අගෝස්තු තිබ්බේ ගෝඨාභයගේ විවාහ සංවත්සරේ වැටෙන්න. තව මොනවද? මම 2015 ඉඳන් මේ ගොල්ලෝ වෙනුවෙන් ලියලා තියෙනවා. හැබැයි දැන් නම් හොඳටම පැහැදිලියි.. රනිල් මෛත්‍රී ආණ්ඩුවේම දිගුවක් මේ ගෙනියන්නේ කියලා. 2019 සිංහල බෞද්ධයින් එකතුවුනේ රාජපක්ෂ මහත්වරු සුළු ජාතිකයින්ගේ අත්අඩංගුවෙන් මුදාගන්න. හැබැයි ඒ ඔක්කොම වතුරේ ගියා අලි සබ්‍රිව අධිකරණ ඇමති කිරීමෙන්... රාජපක්ෂ මහත්වරු රටටම නැවත පෙන්නුවා බලය ලැබුණු ගමන් ඒ ගොල්ලෝ බලය අරන් දීපු සිංහල බෞද්ධයින් දෙවෙනියාට දාලා පළවෙනි තැන දෙන්නේ මුස්ලිම් ජාතිකයින්ට කියලා. වෙන මොනවද අච්චර බෙදුම්වාදී, සිංහල විරෝධී විග්නේශ්වරන්වත් පාර්ලිමේන්තු අරන් ආවේ රාජපක්ෂවරු... ඉතාම නින්දිත විදිහට සිංහල බෞද්ධයා රැවට්ටුවා...

:       0       2

ChampaWednesday, 02 September 2020 04:14 PM

සජිත්ට ඔහොම ඡන්ද වැටුනේ නැහැ. පැරදිච්ච රාජිතවත් පාර්ලිමේන්තු ගෙනාවා.

:       0       1

Bamunuarachchi Thursday, 03 September 2020 05:59 AM

2/3 වැඩි ජනමතයක් ලැබිලා තිබෙනවා තව මොන ජනමත විචාරණද.

:       0       3

chandana Saturday, 05 September 2020 06:58 PM

19 ගේනකොට ජනමතය විමසුවේ නැත්නම් ඒක ඉවත් කරන්නත් ජනමතයක් අවශ්‍ය නැහැ. හරි ජනමතය අවශ්‍යමයි කියමුකෝ. ඉතින් අපි දුන්නේ 2/3 ක අති පිරිසිදු, සුජාත බහුතර ජනමතයක්. මේ ජනමතය අර 19 ගෙනාපු ආණ්ඩුව වගේ විකෘති, බහුතරයක් නොවෙයි. සුපිරිසිදු, සුජාත අති බහුතරයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site