
(රොමේෂ් මධුෂංඛ)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂයේ ස්ථාවරය හා ඉදිරි තීරණයන් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ උතුරු නැගෙනහිර ඉලංගෙයි තමිල් අරුසූ කච්චි පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ කීය.
‘අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පැවත්වුවා පළමු වතාවට මැතිවරණයෙන් පසුව අද අපිට බොහෝ දේවල් කතාකරන් තිබුණත් වෙලාව නොමැති වීමෙන් කතාකරන්න බැරිවුණා. උදෑසන සිට සවස වන තුරු අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්න සිදු වුනේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට මන්ත්‍රී ආසන අඩුවීම හා ඊට හේතු මොනවාද යන්න පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබාදීම සමබන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී පක්ෂයේ සභාපතිට දැනුම් දෙන්නැතිව ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දීම සම්බන්ධයෙනුත් සාකච්ඡා කරලා අපි ඒ මන්ත්‍රී ධූරය ලබාදීම පිලිගන්නා බවට අද තීරණය කළා.
‘පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපිට අද කතාකරගන්න වෙලාව මදි වුණා. ඒ නිසා ඉදිරියේ දිනයක මහසමලුව පැවත්වීමට හැකි ඉක්මණින් පියවර ගන්නවා. ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පිළිබඳවත් අද අපිට සාකච්ඡා කරන්න වෙලාව මදිවුණා නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම හෝ තීරණ ගැනීමට සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
COMMENTS
ඔබලාගේ ස්ථාවරය ගැන හිතන්න නොවෙයි... අපිට 2/3 බලය ලැබුණේ. මොකද ඔබලාගේ ස්ථාවරය බලලා අපි අස්ථාවර වෙන්නද? බම්බුව...