(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතනවලට අයත් දැනට භාවිතයට නොගන්නා වාහන 5,588 ක් අතරින් 4,116ක් අලුත්වැඩියා කර යළි භාවිතයට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අලුත්වැඩියා කළ නොහැකි සෙසු වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් භාවිතයෙන් ඉවත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට ගැනීමට නොහැකි මෙම වාහන අලුත්වැඩියා කිරීම සඳහා අදාළ ආයතනයන් සතුව ප්‍රතිපාදන නොමැති නම් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
එලෙස අලුත්වැඩියා කරන වාහන මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා ප්‍රමාණවත් තරම් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත විධිමත් පරිදි ලබාදෙන බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
මධ්‍යම රජයේ මෙන්ම පළාත් රජයවල්වල භාවිතයෙන් ඉවත්කළ වාහන වලින් ඒ ඒ ආයතනවලට වංචාකර පොහොසත් වූ පිරිසක් සිටිනවා. ඔවුන් ගැනත් සලකා බලනවා නම් අගෙයි..
මැති, ඇමැතිලා සහ දූලා පුතාලා හප්පන, පෙරළන වාහනවල අලාභය ඒ අයගෙන් අයකර ගන්නත් බලමු..
කුඩා කාලේ "රථ කල්කෙ" හරි හැටි නොලැබුණු නිසා රථගාය උපරිමෙන්ම තියෙන "සමහරක් " ලොක්කන්ට නම් මළපැනලා ඇති තීරණයට...
පොලිසියටම තියෙන්නේ ජීප් 1ක් නැත්නම් 2යි ආයතනවල වාහන නිකරුනේ දිරනවා.