කොරෝනා විකෘති ප්‍රභේදය වැළඳුණු තව 12ක් හඳුනා ගැනෙති විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 5 years ago
‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව් දෙයි රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මැතිසබේ කටයුතු විනාඩි දහයකට කල් තබනු ලැබීය. 5 years ago
‘‘ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනය‘‘ පසුගිය 2018වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු-අප්‍රිකා ක්‍රිකට් සංචාරයේ අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු රුපියල් කෝටි තුනක මුදලක් අය කර නොගැනීම පිළිබඳව පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්)දැඩි දෝෂදර්ශනයට ලක්විය. 5 years ago
අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත. 5 years ago
රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස් රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය. 5 years ago
මහපොළට කෝටි 164 ක පාඩුවක් මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT ) සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි. 5 years ago
ආමි සුරංග ඝාතනයට පොලිසියේ තුනක් අත්අඩංගුවට ගන්න යයි පාතාල කි‍්‍රයාකාරිකයකු වූ බුද්ධික ප්‍රසාද් ගමගේ නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය. 5 years ago
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු මගට පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ අද (6) නඩු පවරයි. 5 years ago
රුසියාවෙන් කොරෝනා එන්නත් තව ලක්ෂ 60ක් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත ’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා තවත් මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 5 years ago
හිටපු ජනපති කනගාටුවෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) පැවසීය. 5 years ago
රන්ජන්ගේ පෙත්සම විසි වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය. 5 years ago
විෂ පොල් තෙල් හෙට මැලේසියාවට ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට හෙට (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago