IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඇමැතිධූර හයක් වෙනස් වෙයි?

(සුජිත් හේවාජුලිගේ)

කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ලංකාදීපයට වාර්තා වෙයි.

මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බව සඳහන් කරන එම ප්‍රකාශකයා ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට ළඟදීම පැමිණීමට නියමිත අතර කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු වන්නේ ඔහු පැමිණීමෙන් පසුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කළහ. මෙම කැබිනට් සංශෝධනයද එහි ප්‍රතිඵලයක් බව දැනගන්නට ඇත.

 



අදහස් (31)

ඇමැතිධූර හයක් වෙනස් වෙයි?

යෝගා Saturday, 01 January 2022 08:11 AM

බැසිල්ගේ පුද්ගලික ඕනෑ එපාකම්වලට ඇමති ධුර වෙනස් වුණොත් නම් ආණ්ඩුවේ ඉතුරු රෙදි ටිකත් ගැලවෙයි..

:       19       93

Hafeel Saturday, 01 January 2022 07:25 PM

ආණ්ඩුව අසාර්ථකයි

:       0       0

සමරේSunday, 02 January 2022 03:31 AM

මේ රජය බලයට එන්න ඡන්දය දුන් ලක්ෂ ගානක් ඒ ඡන්දය දුන්නේ බැසිල්ට නෙවෙයි. බැසිල්ව පස්ස දොරෙන් ගේනවා කියලා ඡන්ද කාලයේදී කවුරුත් කිව්වෙත් නෑ. ඒ නිසා ජාතික ලැයිස්තුවෙන් වත් නම නැති කෙනෙක් පාර්ලිමේන්තු ගෙනත් දැන් ඔහුගේ අභිමතයට රටේ ඇමතිකම් බෙදනවා කියන්නේ අර හොඳ හිතින් ඡන්දය දුන් ලක්ෂ ගානෙන් බහුතරයක් මිනිසුන්ට කරන අපහාසයක්.. පිනට මන්ත්‍රීකම් අරන් ආපු බැසිල්ගේ ගෝලයා වගේ අයට එන ඡන්දයේදී නම් එන්න වෙන්නේ නෑ. ඒ අය ලව්වා තමයි ඔය ඇමතිකම් වෙනස්කරන සින්දුව ගහන්නේ. අපිත් ඉතින් පොහොට්ටුවට ඡන්දය දීපු කාලය ඉවරයි. ඕකේ ඉන්න ටිකක් හරි රටට ආදරයක් ඇති අය වෙනම එක් වෙනවා නම් ඔවුන්ට ඡන්දය දෙනවා.

:       1       17

Gayan Saturday, 01 January 2022 09:02 AM

එහෙනම් සෞභාග්‍යය උදාවෙලා රට ස්වයංපෝෂිත වෙලා අම්මට සිරිවෙලාම යයි...

:       18       108

sachith Saturday, 01 January 2022 09:29 AM

තට්ටු මාරු ක්‍රමයට රට කෑමට දීම.ඒක තමා හරිම සිරස්තලය වෙන්න ඕනි මටනම් හිතෙන්නේ

:       4       69

p perera Saturday, 01 January 2022 09:48 AM

"අතීසාරය ට අඹුඩේ ගහනවා වගේ" කියලා වහරක් තියෙන්නේ මේ වගේ සිද්දි පැහැදිලි කරන්න වෙන්ඩ ඇති මගේ හිතේ

:       3       80

naleen Saturday, 01 January 2022 09:51 AM

තවදුරටත් දක්ෂයෙක් ඉතුරු වෙලා ඉන්නවා නම් වහාම ඉවත්කොට ඉතුරු කොටසටත් අදක්ෂයින් පත් කිරීම සංශෝධනය නම් වේ...

:       3       86

දාස Saturday, 01 January 2022 09:56 AM

මුහුණු වෙනස් කෙරුවාට වැඩක් නෑ.. ඉන්න ඔක්කොම දාර ගොන් හොරුරැලක් නිසා...

:       2       76

ravin Saturday, 01 January 2022 10:08 AM

සුපුරුදු විදිහට කැලේ පනින හරක් නගුලට බැඳගෙන සීසෑමේදී ඉතිරිවනුයේ ගොවියාට තෙහෙට්ටුවයි, මහන්සිවීම පමණකි. කැලේ පනින හරක් අයින් කර හරිහමන් හරක් බැඳගත්තොත් හොඳ අස්වැන්නක් ලබාගත හැකිවේවි...

:       1       63

සමන්තSunday, 02 January 2022 05:15 PM

එතකොට ගොවියා කිව්වේ බැසිල්ටද? ගොවියාට ඕනෑවිදිහට නම් හරක් තෝරන්න ඕනෑ... ඉස්සරහට එන්න බලාගෙන ඉන්න පසුපෙලේ හරක් ගැන වෙන්න ඇති ඔය කියන්නේ...

:       0       7

Bunny Preena Saturday, 01 January 2022 10:15 AM

ආණුඩු වෙනස් කිරීම්..., ඇමැති ධුර වෙනස්වීම් /කිරීම්..., මන්ත්‍රීවරුන් පත්කිරීම්/ ප්‍රතික්ෂේප කිරීම් මේ හැම දෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කළිනුත් සිදුවුණු දේවල්. දැනට ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළේ වෙනසක් තමයි අවශ්‍ය. නැතිව අබලන් වාහනය රෙපෙයාර් නොකර රියදුරන් මාරුකළාට වාහනය දුවන්නේ නැහැ...

:       2       48

Kumara Saturday, 01 January 2022 10:31 AM

ඔය ඔලුගෙඩි ටික එහෙට මෙහෙට කළාට වැඩක් නෑ. බැරි එකාට මුකුත් දුන්නත් බෑ...

:       1       65

ජගත් ලියනගේ Saturday, 01 January 2022 10:51 AM

ඉන්න සෙට් එකෙන්නේ වෙනස් වෙන්නේ... මොකෝ අඟහරු ලෝකෙන් ගේන්නේ නැහැනේ... කැහි ගෑනි දීලා, හොටු ගෑනි ගත්තා වගේ තියෙයි...

:       3       62

AshokaSunday, 02 January 2022 03:35 PM

එහෙම කියන්න එපා. ජාතික ලැයිස්තුවෙන්වත් නොහිටි බැසිල් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමකුත් ගත්තා වගේ තව කවුරුහරි එහෙයියෙක් කොහේ හරි ඉන්න ඉඩ තියෙනවා. රනිලුත් ඕක කළා... සරත් ෆොන්සේකාව පාර්ලිමේන්තුවට පත්කරපු වෙලේ... සරත් ෆොන්සේකා වෙන පක්ෂයකින් ඉල්ලලා පැරදිලා හිටියේ... යූඑන්පී හෝ ඔවුන්ගේ සංධානයේවත් නෙවෙයි. නමුත් රනිල් ඔහුව ගත්තා එම්. කේ. ඩී එස් ගුණවර්ධන මහතා මැරුණාම. ඒ නිසා ඕනෑ විදිහකට පාර්ලිමේන්තු යන්න පුළුවන්... ඇමැතිකම් කරන්නත් පුළුවන්.. ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා වගේ ඕනෑම ගොනෙකුට පාර්ලිමේන්තු යන්නත් පුළුවන්... ඒ වගේම ඕනෑම ගොනෙකුට ඇමැතිකම් කරන්නත් පුළුවන්...

:       1       7

Marikkar Saturday, 01 January 2022 12:11 PM

එතකොට ඩොලර් හම්බ වේ... එමනිසා ආර්ථිකය සංවර්ධනය සීඝ්‍රයෙන් ඉදිරියට යාවි...!!!

:       3       57

ganegoda Saturday, 01 January 2022 01:39 PM

ඉහේ ඇම්මට කොට්ටය මාරු කරනවා වගේ... ඔව්වා හරියන දේවල් නෙමෙයි..!!!

:       2       43

යෝගා Saturday, 01 January 2022 01:49 PM

මොළ හතේ එක්කෙනාට ඕන විදියට කුට්ටම අනන්න වගේ හදන්නේ

:       1       53

සනත් බණ්ඩාර Saturday, 01 January 2022 02:17 PM

මහබැංකුවෙන් කබ්රාල් අයින් කලේ නැත්නම් ආර්ථිකය වලපල්ලට යන එක වළක්වන්න බැහැ.

:       90       55

ජල්තරMonday, 03 January 2022 01:26 PM

සනත් බණ්ඩව මහ බැංකු අධිපති කරමු. රට කේතුමතී රාජධානියක් කිරීමේ වගකීම මූට දෙමු. මූ කොරයි .... පුළුවං පුයන්නක් ගැන කතා කොරහං බං, නිකං බහුබූත කියවන්නෙ නැතිව.

:       4       29

chanka Saturday, 01 January 2022 02:59 PM

ඉතින් අපිට පාන්ද?

:       2       35

චන්දන Saturday, 01 January 2022 03:41 PM

කමක් නෑ. හැබැයි මේක අන්තිම තුරුම්පුව බව මතක තියාගෙන සියලු වැරැදි නිවැරදි කරගන්න..

:       6       30

Prabha Saturday, 01 January 2022 03:42 PM

කොච්චර ඇනුවත් බෙදන්නේ එකම බූරු කුට්ටමේ කොළ ටිකනේ...!!!

:       24       45

siri Saturday, 01 January 2022 03:57 PM

සුළි සුළඟක් වගේ පැතිරෙන හූවේ බලේ....

:       19       39

Hgfds Saturday, 01 January 2022 05:12 PM

JVP එකට දීලා බලමු අනුර මහත්තයාට අගමැති ලෙස දිවුරුම් දෙන්න රනිල් වික්‍රමසිංහ මහතා මිල අඩුවෙන් කන්න දුන්න දුප්පත් ජනතාවට දිවුලපිටිය ආසනය තුළ ටොයිලට් එකක් නැති මිනිස්සු ඉන්නවා...

:       51       27

ගමේ එකාලා Saturday, 01 January 2022 05:50 PM

වෙනස් කරලා තමුන්ට ඕනේ අයව කිට්ටු කරගන්න හිතාගෙන ඇති. දූෂිත දේශපාලුවන් ඔක්කෝම චුතවෙලා යනවා නම් රටට යහපතක්ම වෙයි.

:       15       34

Rohana Saturday, 01 January 2022 06:46 PM

ඇමතිවරුන්ගේ විතරක් නෙමෙයි, මුළු ආණ්ඩුවේම කාර්ය සාධනය අන්තිම දුර්වලයි.

:       11       42

Sk Saturday, 01 January 2022 09:00 PM

අපිට සෙතක් වෙන්නේ නැ

:       0       0

Hafeel Sunday, 02 January 2022 08:33 AM

හිස කැක්කුමට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහැ. දැනටමත් මේ ආණ්ඩුව තුන් වතාවක් ඇමැති මණ්ඩල සංශෝධන කරලත් වැඩක් නැහැ. ලොක්කා ෆේල්...!!!

:       11       3

fairoos Sunday, 02 January 2022 01:33 PM

සර් ෆේල්... කවුරු පත්කළත් වැඩක් වෙන්නේ නැහැ.. රට බංකොළොත් කරලා ඉවරයි..

:       14       5

ranjith Sunday, 02 January 2022 01:39 PM

තව 6 දෙනෙකුට අලුතින් ඇමැති වරප්‍රසාද භුක්ති විඳින්න ලැබෙයි... ජනතාවට යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ජනතාවට යහපතක් වෙන්න මේ 225ම නැතිව අලුත් මුදලට කෑදර නැති ස්වේච්ඡාවෙන් රට හදන්න ඉදිරිපත් වන කණ්ඩායමක් ආවොත් විතරයි.

:       13       6

Lelwala Tuesday, 04 January 2022 10:49 PM

කටට බෛ්ක් නැති වුනොත් කොහේ ගියත් කොතන හිටියත් තොප්පි තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගවයාට තර්ජනයක්
2025 මැයි මස 11 0 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 143 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 219 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1448 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 217 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 780 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1402 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site