
(සුජිත් හේවාජුලිගේ)
කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ලංකාදීපයට වාර්තා වෙයි.
මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බව සඳහන් කරන එම ප්‍රකාශකයා ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවද ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට ළඟදීම පැමිණීමට නියමිත අතර කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු වන්නේ ඔහු පැමිණීමෙන් පසුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කළහ. මෙම කැබිනට් සංශෝධනයද එහි ප්‍රතිඵලයක් බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්ගේ පුද්ගලික ඕනෑ එපාකම්වලට ඇමති ධුර වෙනස් වුණොත් නම් ආණ්ඩුවේ ඉතුරු රෙදි ටිකත් ගැලවෙයි..
එහෙනම් සෞභාග්‍යය උදාවෙලා රට ස්වයංපෝෂිත වෙලා අම්මට සිරිවෙලාම යයි...
තට්ටු මාරු ක්‍රමයට රට කෑමට දීම.ඒක තමා හරිම සිරස්තලය වෙන්න ඕනි මටනම් හිතෙන්නේ
"අතීසාරය ට අඹුඩේ ගහනවා වගේ" කියලා වහරක් තියෙන්නේ මේ වගේ සිද්දි පැහැදිලි කරන්න වෙන්ඩ ඇති මගේ හිතේ
තවදුරටත් දක්ෂයෙක් ඉතුරු වෙලා ඉන්නවා නම් වහාම ඉවත්කොට ඉතුරු කොටසටත් අදක්ෂයින් පත් කිරීම සංශෝධනය නම් වේ...
මුහුණු වෙනස් කෙරුවාට වැඩක් නෑ.. ඉන්න ඔක්කොම දාර ගොන් හොරුරැලක් නිසා...
සුපුරුදු විදිහට කැලේ පනින හරක් නගුලට බැඳගෙන සීසෑමේදී ඉතිරිවනුයේ ගොවියාට තෙහෙට්ටුවයි, මහන්සිවීම පමණකි. කැලේ පනින හරක් අයින් කර හරිහමන් හරක් බැඳගත්තොත් හොඳ අස්වැන්නක් ලබාගත හැකිවේවි...
ආණුඩු වෙනස් කිරීම්..., ඇමැති ධුර වෙනස්වීම් /කිරීම්..., මන්ත්‍රීවරුන් පත්කිරීම්/ ප්‍රතික්ෂේප කිරීම් මේ හැම දෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කළිනුත් සිදුවුණු දේවල්. දැනට ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළේ වෙනසක් තමයි අවශ්‍ය. නැතිව අබලන් වාහනය රෙපෙයාර් නොකර රියදුරන් මාරුකළාට වාහනය දුවන්නේ නැහැ...
ඔය ඔලුගෙඩි ටික එහෙට මෙහෙට කළාට වැඩක් නෑ. බැරි එකාට මුකුත් දුන්නත් බෑ...
ඉන්න සෙට් එකෙන්නේ වෙනස් වෙන්නේ... මොකෝ අඟහරු ලෝකෙන් ගේන්නේ නැහැනේ... කැහි ගෑනි දීලා, හොටු ගෑනි ගත්තා වගේ තියෙයි...
එතකොට ඩොලර් හම්බ වේ... එමනිසා ආර්ථිකය සංවර්ධනය සීඝ්‍රයෙන් ඉදිරියට යාවි...!!!
ඉහේ ඇම්මට කොට්ටය මාරු කරනවා වගේ... ඔව්වා හරියන දේවල් නෙමෙයි..!!!
මොළ හතේ එක්කෙනාට ඕන විදියට කුට්ටම අනන්න වගේ හදන්නේ
මහබැංකුවෙන් කබ්රාල් අයින් කලේ නැත්නම් ආර්ථිකය වලපල්ලට යන එක වළක්වන්න බැහැ.
ඉතින් අපිට පාන්ද?
කමක් නෑ. හැබැයි මේක අන්තිම තුරුම්පුව බව මතක තියාගෙන සියලු වැරැදි නිවැරදි කරගන්න..
කොච්චර ඇනුවත් බෙදන්නේ එකම බූරු කුට්ටමේ කොළ ටිකනේ...!!!
සුළි සුළඟක් වගේ පැතිරෙන හූවේ බලේ....
JVP එකට දීලා බලමු අනුර මහත්තයාට අගමැති ලෙස දිවුරුම් දෙන්න රනිල් වික්‍රමසිංහ මහතා මිල අඩුවෙන් කන්න දුන්න දුප්පත් ජනතාවට දිවුලපිටිය ආසනය තුළ ටොයිලට් එකක් නැති මිනිස්සු ඉන්නවා...
වෙනස් කරලා තමුන්ට ඕනේ අයව කිට්ටු කරගන්න හිතාගෙන ඇති. දූෂිත දේශපාලුවන් ඔක්කෝම චුතවෙලා යනවා නම් රටට යහපතක්ම වෙයි.
ඇමතිවරුන්ගේ විතරක් නෙමෙයි, මුළු ආණ්ඩුවේම කාර්ය සාධනය අන්තිම දුර්වලයි.
අපිට සෙතක් වෙන්නේ නැ
හිස කැක්කුමට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහැ. දැනටමත් මේ ආණ්ඩුව තුන් වතාවක් ඇමැති මණ්ඩල සංශෝධන කරලත් වැඩක් නැහැ. ලොක්කා ෆේල්...!!!
සර් ෆේල්... කවුරු පත්කළත් වැඩක් වෙන්නේ නැහැ.. රට බංකොළොත් කරලා ඉවරයි..
තව 6 දෙනෙකුට අලුතින් ඇමැති වරප්‍රසාද භුක්ති විඳින්න ලැබෙයි... ජනතාවට යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ජනතාවට යහපතක් වෙන්න මේ 225ම නැතිව අලුත් මුදලට කෑදර නැති ස්වේච්ඡාවෙන් රට හදන්න ඉදිරිපත් වන කණ්ඩායමක් ආවොත් විතරයි.
කටට බෛ්ක් නැති වුනොත් කොහේ ගියත් කොතන හිටියත් තොප්පි තමා.