IMG-LOGO

කුසල්, ධනුෂ්ක, දික්වැල්ල නැවතත් පිටියට

(යොහාන් භාසුර)

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) පස්වරුවේ තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසර ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටියහ.

ක්‍රීඩකයන් තිදෙනාගේ ඉල්ලීමක් සහ වෛද්‍යවරු ලබාදුන් වාරතා සළකා බලමින් මෙම තීරණයට එළඹි බව කී මොහාන් මහතා ඔවුන් නියමිත ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන්නේ නම් එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ සිට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව ඔවුන්ට ඇති බව ද සඳහන් කළේය.

ඔවුන් දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ද මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.



අදහස් (21)

කුසල්, ධනුෂ්ක, දික්වැල්ල නැවතත් පිටියට

මහසෙන් Friday, 07 January 2022 05:47 PM

එක රටක් එක නීතීයක් තිතටම රට තුළ ක්‍රියාත්මක වෙන කාලයක ක්‍රිකට් ආයතනයෙන් මෙහෙම දෙයක් නොකලා නම් තමයි පුදුමේ. භානුකට යන්න පාර කැපුවේ මෙන්න මේ හේතුව නිසා. හැමදේම නන්නත්තාර වෙලා තියෙන රටක ක්‍රිකට් විතරක් ඒකෙන් බේරෙන්නේ කොහොමද?

:       6       87

RaveendraSaturday, 08 January 2022 06:13 AM

විනයක් නැති "රිලවුන්ට'''... ඉනිමං තිබ්බේ මොන රිලවුන්ද... විනයක් නැති පාලන රිලවුන්ටද... නැති විනයක් කුමකට මහා රිලවුන්ට...

:       0       8

RaveendraSaturday, 08 January 2022 06:44 AM

විනයක් නැති සමාජයක් බිහිවන්න... දේශපාලුවන් ඍජු දායකයන් නොවේද... වනචාරී ක්‍රිකට් පාලන මණ්ඩලයෙන්ද... වනචාරීන්ට උදව් කළා නොවේද...?

:       1       10

Prabha Friday, 07 January 2022 05:51 PM

කෙළින් තනි තීරණ ගන්න බැරි බව ලාංකික අනන්‍යතාවයද?

:       4       74

ravin Friday, 07 January 2022 05:52 PM

මෙම ක්‍රීඩකයින් හා මා අතර කිසිම පුද්ගලික අමනාපයක් නැත. විනයක් නැති රටක විනයක් තියෙන ක්‍රීඩාවක් ගැන හීන මැවිය යුතුවේ..

:       4       76

RaveendraSaturday, 08 January 2022 06:32 AM

ඔබගේ අදහස් "200%" නිවැරදියි.. විනයක් නැති තැන දියුණුවක්ද නැත. දිව්‍ය ලෝකේ වුවද විනයක් නොමැති නම් එය අපායක් වීම වැළැක්විය නොහැක. රටේ සිටින දේශපාලුවන් මෙන්ම ක්‍රීඩා පාලන අධිකාරියේත් සිටින්නේ වනචාරයින් නම් ක්‍රීඩකයින්ගෙන් විනීතකම බලාපොරොත්තුවීම හාස්‍යයකි. මෙම අදහස් පට්ටියේ සිටින 226ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ සියලුම අයට වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!!

:       0       3

PRIYANTHA Friday, 07 January 2022 05:55 PM

භානුක රාජපක්ෂ යනවා. කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල එනවා...

:       3       54

RaveendraSaturday, 08 January 2022 06:37 AM

ක්‍රිකට් වසන්තය පැමිණියා කියලා හිතුවාට, දවල් හීනයක් බව දැන් වැටහෙනවද...? වනචාරයින් සිටිනා තැන පමණක් ඇත වසන්තය....

:       0       7

Rexi Friday, 07 January 2022 06:53 PM

ලැජ්ජයි, ඒ වගේම දුකයි. මේකෙ පුදුම වෙන්න දේකුත් නෙමෙයි. මේකයි අපේ රටේ හැටි. අද BBC පුවත්වල තියෙනවා හොංකොංවල පාටි දාපු රජයේ ඉහළ නිලධාරීන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයව නිරෝධායනය කරන්න යවලා කියලා. ඒකයි නීතිය සහ විනය රැකීම කියන්නේ. හැබැයි එහෙම දෙයක් ලංකාවේ වුණා නම් කොහොමට හිටීද?

:       3       42

gagana Friday, 07 January 2022 09:40 PM

භානුකට අවුරුදු 10ක් ඔහුට හිමිතැන නැතිවීමට හේතු වූවන්, වෙන පාරකින් නැවත මළගමේ කනත්ත පාරට ක්‍රිකට් අවමංගල රථය`පදවාගෙන යාමට කැඳවා ඇති වගයි.

:       0       1

Kumara Friday, 07 January 2022 10:41 PM

මේ රට සුද්දන්ටම යන්ඩ ඕනේ.

:       0       0

Mahesh Friday, 07 January 2022 11:34 PM

ඒ උනාට කොහොමද නාමල්ගේ පඬි ටෝක්.

:       0       0

Kumar (Gulf) Friday, 07 January 2022 11:38 PM

ආයේ ක්‍රිකට් ඉවරයි. යන්තම් ගොඩ ආගෙන ආවා, දැන් ආයෙමත් වලේ තමයි.

:       0       2

Jay Saturday, 08 January 2022 02:42 AM

මෙයද නීතිය. ඉදිරි තරග සියල්ල අන්ත පරාජ බලාපොරොත්තු විය හැක. මේ රටේ ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන කවුරුත් ඇත්තට නැද්ද

:       0       0

DM Saturday, 08 January 2022 03:13 AM

ගහන, ගහන ගැසට් එකත් රිවර්ස් වෙන එකේ මේක පුදුමයක් නෙවෙයි...

:       0       2

Chaminda Saturday, 08 January 2022 03:34 AM

ඉතාමත් හොඳ තීරණයක්... ඔවුන් අපරාධකරුවන් නොව යම් විනය විරෝධී කටයුතු වල නිරතවී දඬුවම් ලැබ එහි යම් කාලයක් ගතකරන ලද තිදෙනෙක්. දඬුවම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණා නම් බොහෝවිට ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතයම හමාරවීමට ඉඩ තිබිණි. ඔවුන්ගේ වයස අනුව මේ ක්‍රීඩා කළහැකි හොඳම කාලය නිසා. වෙනත් හේතුවකට එවැන්නක් කුසල් මෙන්ඩිස්ට සිදුවිය. දඬුවම් මුදල ගෙවා යම් කාලයක් ගතකොට සිටින ඔවුන්ගෙන් සමහරක් පසුගිය LPL වල හොඳින් ක්‍රීඩාකරන ලදී. ඔවුන් නැවතත් එවන් විනය විරෝධී වැඩක යෙදීමට බොහෝවිට ඉඩ නැත. දඬුවමකින් බලාපොරොත්තුවන දෙයකි.

:       3       0

Raveendra Saturday, 08 January 2022 06:19 AM

බෝලෙන් බෝලෙට ආගමට නිගාකරන... තරගයෙන් තරගයට බින්දුම එකතු කරන... ක්ලබ්වල IRC ලෙසින් හැසිරෙන්නන් කුමකටද රටට..?

:       0       8

Raveendra Saturday, 08 January 2022 06:24 AM

අතීතයේ පච්චා කෙටුවේ IRC කාරයින්ය... වර්තමානයෙත් පච්චා කොටන්නෙත් ඔවුන් නේද...? පච්චා කෙටූ පමණින් "හැන්සම්" වෙනවාද...? චිම්පන්සින්, ගෝරිල්ලන් සිහිවෙනවා නොවේද?

:       0       5

de silva Saturday, 08 January 2022 07:27 AM

මේ විෂබීජ ටික ඉවත් වුණු නිසා පසුගිය කාලේ නවකයින්ගෙන් පිරුණු ක්‍රිකට් කණ්ඩායම නැවත දක්ෂතා පෙන්වන්න පටන් ගත්තා. අපේ 19න් පහළ කණ්ඩායමත් දක්ෂතා පෙන්වනවා. ඔවුන්ට යම්කිසි අවස්ථාවක් දෙන එක සුදුසු බව මගේ අදහසය... මොවුන් නැවත ගත්තොත් විනය පිරිහිලා දිගුකාලීන සැලසුම් සියල්ල විනාශ වෙනවා.

:       0       8

Bunny Preena Saturday, 08 January 2022 09:15 AM

රටක් නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩකයෝ වගකීමක් සහ හොඳ සංවරයක් ඇතිව හැසිරෙන්න ඕනේ. මොකද ජාත්‍යන්තරේ කැමරා ඇස නිතරම ඔවුන් පසුපස හඹායන නිසා, පොඩි අඩුපාඩුවක් සිදුවුණත් එය ප්‍රචාරය වීමෙන්, දැඩි විවේචනයට ලක්වීමෙන් ක්‍රීඩකයාට, රටේ කීර්ති නාමයට සහ ක්‍රීඩාවට කැළලක් ගෙන දෙන නිසා... මොකද හැම දේටම වඩා විනය අංක 01ට තියෙන්න ඕනේ...

:       0       5

ranabahu Sunday, 09 January 2022 09:50 PM

ශ්‍රීලංකා ක්‍රිකට් නැවතත් වලපල්ලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site