(ඩයනා උදයංගනී)
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මෙරට ප්‍රභේද හඳුනාගැනීමට ඇති සීමිත හාකියාව යටතේ වුවත් දැනටමත් මෙරටින් රෝගීන් 47 දෙනෙක් හඳුනාගැනීමෙන්ම එය ඩෙල්ටා ප්‍රභේදය අභිබවා පැතිරිය හැකි බව පෙනී යන්නේ යැයි එම සංගමය සඳහන් කරයි.
ඒ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම කළ යුතු බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණයකදී වුවත් උත්සව සමයේ කඩ සාප්පු, තැබෑරුම්, දෙසැම්බර් 31 රාත්‍රී සාද ආදිය තුළ ඇතිවූ තදබදය ආදිය සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ලේකම්, විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ.
මෙතෙක් ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාව තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට හා මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල කළ හැකි බව එහි සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයට වගේම කොවිඩ් වලටත් මිනිස්සු හුරු වෙලා. බයකුත් නෑ ගානකුත් නෑ
කස්ටිය නම් කියාවි ඉක්මණින් අරක ඇනගන්න, මේක ඇන ගන්න කියලා... මම නම් තුනක් ඇනගෙන ඉන්නේ. නමුත් අද අහන්න ලැබුණා මම විශ්‍රාම ගැනීමට පෙර සේවා ස්ථානයට සම්බන්ධ ආයතනයක නිළධාරිනියට තෙවැනි ඇනීමෙන් පස්සෙ කනක් ඇහෙන්නේ නැහැ කියලා... මේවාටත් ප්‍රතිකර්ම යොදන්න.
අපේ සජි පුතා MBBS (මේසන් බාස්ට බදාම සප්ලයි) ඉහළින්ම පාස් නිසා ඔමික්‍රෝන් රැල්ලට බෙහෙතක් කියයිද මන්දා...?
ඔහේ හැදිච්චදෙන්. කන්න නැතුව සියදිවි නසා ගන්නවාට වඩා හොඳයි කොරෝනා හදාගෙන නම්බුකාර විදියට මැරෙන එක...