ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක් ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 05 May 2021
උසස් පෙළ හපන්නු හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. 04 May 2021
ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 04 May 2021
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4) පැවැසුවාය. 04 May 2021
උසස් පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල අද (04) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 04 May 2021
ස්පුට්නික් එන්නත අත්‍යවශ්‍ය සේවාවලට මුලින්ම රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 04 May 2021
පූජිත් ජයසුන්දරට, හේමසිරි ප්‍රනාන්දුට චෝදනා 1728ක් අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත. 03 May 2021
කොරෝනා පළමු එන්නතෙන් මාස තුනකට ආරක්ෂාව කොරෝනා එන්නත් එක මාත්‍රාවකින් මාස තුනක් යනතෙක් එම රෝගය වැලඳීමේ ප්‍රවණතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. 03 May 2021
කොරෝනා නීති කැඩුවොත් ඉදිරියේ දී රට ඉන්දියාවක් වේවි ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 02 May 2021
කෝවිඩ් මධ්‍යස්ථාන, රෝහල් ඇඳන් පිරෙයි අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ . 02 May 2021
සියලුම පාසල්, විශ්ව විද්‍යාල, නැවත දැනුම් දෙන තුරු වසා තැබේ පාසැල්, උපකාරක පංති, දහම් පාසැල්, පෙර පාසැල් සහ විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 01 May 2021
සිංගප්පූරුවට ඇතුළු වීම රටවල් කීපයකට තහංචි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. 01 May 2021
ග්‍රාම නිලධාරී වසම් තව 16ක් හුදකලා කරයි තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 30 April 2021
‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 30 April 2021
ගිලන් රථ නැතිව දඹුල්ලේ කොරෝනා රෝගීන් නිවෙස්වල දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යාම සදහා ප්‍රවාහන පහසුකම් නොමැති කමින් නිවෙස්වලට වි සිටින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි. 30 April 2021
කොරෝනා හැඳුණැයි හතරක් නවාතැනෙන් දොට්ට ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම සිවු දෙනා නවාතැන් පොලෙන් එළියට දැමීමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 29 April 2021
ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත්: සෞඛ්‍ය අංශ නෑ බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළුවන්නන් ස්ථාන 12කදී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවනට ලක් කරන බවට ප්‍රකාශ වුව ද අද ස්ථන කීපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වෙයි. 29 April 2021
ගම්පහ ආසාදිතයෝ දින ගණන් නිවෙස්වල ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 29 April 2021
මහජන බැංකුවේ ශාඛා 17ක්:ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් වසයි පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් ද අද (28) දිනයේ වසා තිබුණි. 28 April 2021
‘‘මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වයිරසයයි‘‘ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 28 April 2021
මවකගෙ සෙනෙහස මෙලෙස ද පුතුනේ හත් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන මවක සහ මිත්තණියක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලීසිය කියයි. 27 April 2021
රාජ්‍ය සේවකයන් සතියට දින 3යි:මාසයට දින 8 ක් නිවාඩු රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා නොකර සිටීමට ඉඩ දිය හැකි බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කළේය. 27 April 2021
කටානෙන් කොරෝනා ආසාදිතයන් 33ක් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 27 April 2021
සියලු පාසල් 30 දක්වා වසයි රටපුරා සියලු පාසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම පාසල් මෙම 30 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි 27 April 2021
අම්පාරේ පාසල් සතියක් වහයි අම්පාර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සතියක් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ අද පෙරවරුවේ තීරණය කර ඇත. 27 April 2021
කෑගල්ලේ සියලු පාසල් සතියක් වසයි කොරෝනා අවදානම වැඩි වීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට තීරණය කළ බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 27 April 2021
කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට ගනී කොළඹ මහනගර සභාවට අයත් කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ. 27 April 2021
බස්නාහිර සහ වයඹ සියලු පාසල් වසයි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි. 26 April 2021
දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් අටක් හුදකලා කරයි ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධරී වසම් අටක් අද රාත්‍රී 8 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 26 April 2021
පුතුගේ උපන් දිනයට ගුරු අම්මාගෙන් මත් සාදයක් තම පුතකුගේ උපන්දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යාන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 25 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026