’පාස්කු ප්රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් තියෙනවා’ ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න , ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වාද්දුවේ දී පැවසූහ. 24 November 2021
හොර රහසේ විදුලිය ලබාගත් විශ්රාමික උසස් පොලිස් නිලධාරියා මාට්ටු විශ්රාමික උසස් පොලිස් නිලධාරියකු සිය හෝමාගම ගලවිල වත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 24 November 2021
පාලම් පාරුව පෙරළී අතුරුදන්වුන්ගෙන් 17 ක් බේරා ගැනෙති කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් අතුරුදන් පිරිසෙන් පුද්ගලයන් 17 දෙනෙකු දැනට බේරා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. බේරාගත් පිරිස අතර පාසල් ළමුන් තිදෙනකු ද සිටින බව නාවික හමුදාව කියයි. 23 November 2021
පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයා තනතුරෙන් ඉවතට රජය තීරණයක් ගෙන නොතිබියදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස්දී ඇතැයි කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2021
තොරතුරු දන් නැති සභාපතිවරුන් රැස්වීමෙන් දොට්ට රජයේ පොහොර සමාගම් දෙකක සභාපතිවරු සතුව පොහොර පිළිබඳ දත්ත නොමැතිවීම පිළිබඳව දොස් නැගූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තොරතුරු රැගෙන එන ලෙස සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිට කිරීම වඩාත් කැපී පෙනුණි. 22 November 2021
කෘෂි රසායන පෞද්ගලික අංශ හරහා ආනයනයට අනුමැතිය එළවළු, බඩ ඉරිඟු සහ ධාන්ය වැනි වගාවන්වල අවශ්යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) අනුමැතිය දුන්නේය. 22 November 2021
'රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්' මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත් නිකුත් කරනු ලැබ ඇත 22 November 2021
‘‘විකල්පයක් නැති නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙනවා‘‘ විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 21 November 2021
තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි . 20 November 2021
මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ ’’මිලේනියම් සිටි’’ හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්රික් මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 19 November 2021
කැබිනට් මණ්ඩල තීන්දුවට ඇමැති තුන්කට්ටුවක් උසාවියට කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වාසුදේව නානයක්කාර,විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇත. 18 November 2021
අමාත්යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ අමාත්යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්රයක් ප්රකාශයට පත්කර තිබේ. 18 November 2021
එන්නතින් ඕස්ට්රේලියානුවෝ 79,000 අතුරු ආබාධ ’කොවිඩ් 19’ ප්රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්ය වාර්තා කරයි. 17 November 2021
සාම්ප්රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්රදායිකව අනුගමනය කරන විදුහි පහන නිමාදැමීම, විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමිම වැනි ක්රියා තමා අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්රකාශ කළේය. 17 November 2021
උද්ඝෝෂණ සංවිධායකයන්ට වැඩ වරදී සෞඛ්ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 16 November 2021
ඩොලර් අර්බුදයට ණය ගන්න රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින්, ජාත්යන්තර මූල්ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 16 November 2021
රැස්වීම හා උත්සව සති දෙකකට තහනම් මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්ය මාර්ගෝපදේශ සංග්රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය. 15 November 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්ය උයය ගම්මන්පිල මහතා පවසයි. 15 November 2021
මන්ත්රීවරුන්ට විශ්රාම වැටුපක් මොකටද ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විශ්රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්රික් මන්ත්රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 15 November 2021
බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය. 14 November 2021
තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්රභූ ආරක්ෂාව පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 13 November 2021
චීන එන්තරවාසිය ගැන නීතිපතිගේ උපදෙස් පතයි මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවය වෙත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා එය මේවන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටී. 13 November 2021
පර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක් පර්පචුවල් ට්රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022) අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 12 November 2021
ආයෝජනය මණ්ඩලයට අලුතින් ගත් හතකට සුපිරි වැටුපක් දීලා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) පවසයි. 12 November 2021
යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්ය එස් එම් චන්ද්රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 11 November 2021
කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි කොළඹ - මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි. 11 November 2021
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය. 10 November 2021
එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත. 10 November 2021
කෑගල්ලේ සහ කුරුණෑගල නිවෙස් දෙකකට පස් කඳු වැටී හතරක් මරුට කෑගල්ල, සහ කුරුණෑගල ප්රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි. 10 November 2021
රඹුක්කන නාය යාමකින් තිදෙනෙක් මරුට රඹුක්කන උඩගලදෙණිය ප්රදේශයේ නාය යෑමකින් තිදෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය කියයි. 09 November 2021
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026