යුද හමුදාපති කනස්සල්ලෙන් කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් කොවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 April 2021
කැලෑ පාළුවන් සොයන්න ඩ්‍රෝනා යානා ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ඩ්‍රෝන යානා විස්සකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 April 2021
සපුගස්කන්දෙන් අයිස් කිලෝ සීයක් අල්ලයි සපුගස්කන්ද රත්ගහවත්ත ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 12 April 2021
පුංචි මන්ත්‍රීවරු 80කට අල්ලස් චෝදනා අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 12 April 2021
විෂ පොල්තෙල් ගෙනියන්න ‘‘බාර්බරා‘‘ නැව අද කොළඹට ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාමින් යුත් පොල්තෙල් කිලෝ 105,000 මැලේසියාවට හරවා යැවීමට ‘බාර්බරා’ නැමැති නෞකාව එන තෙක් බලාසිටින බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. 11 April 2021
‘‘වරාය නගරයට වෙනම නීති ‘‘ නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ඇඥාපනත හා ආයෝජන මණ්ඩල පනත ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක පනත් හතක නීති රෙගුලාසි කොළඹ වරාය නගරය තුළ බලාත්මක නොවන බව ‘‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ‘‘ සඳහන් වේ. 11 April 2021
කොරෝනා නීතිවලට පිටුපාන්නන් අල්ලන් යයි උත්සව සමයේ ජනතාව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බනධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසී ය . 11 April 2021
අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් බෝනස් සමෘද්ධි ලාභි පවුල්වලට සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලාබදිමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 10 April 2021
‘‘දිනාගත් කිරුළ භාරදීමට කාලය එළඹ තිබෙනවා‘‘ තමා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු කිරුළ අහිමි වුවත් කම් නැති බවත් දිනාගත් කිරුළ යළි භාරදීමට කාලය එළඹ ඇතැයි තමන් දන්නා බව වත්මන් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි මහත්මිය පවසයි. 09 April 2021
2021 කඩඉම් විභාග තුනක දින නියම කරයි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය ඔක්තෝබර් මස 4 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 09 April 2021
යාපනයේ මහ නගරාධිපති අත්අඩංගුවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 09 April 2021
කොටි පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පහක් යාපන රාජකාරියේ යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන් සහ එම ඒකකය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහළ මහතා පවසයි. 09 April 2021
මුදල් ගිලින රකුසෙක් ගැන පී.බී.කියයි ශ්‍රී ලංකාව ඉන්දන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි ලක්ෂයක් වැය කරන්නේ යැයි මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා පවසයි. 09 April 2021
කොරෝනා විකෘති ප්‍රභේදය වැළඳුණු තව 12ක් හඳුනා ගැනෙති විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 08 April 2021
‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව් දෙයි රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මැතිසබේ කටයුතු විනාඩි දහයකට කල් තබනු ලැබීය. 08 April 2021
‘‘ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනය‘‘ පසුගිය 2018වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු-අප්‍රිකා ක්‍රිකට් සංචාරයේ අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු රුපියල් කෝටි තුනක මුදලක් අය කර නොගැනීම පිළිබඳව පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්)දැඩි දෝෂදර්ශනයට ලක්විය. 07 April 2021
අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත. 07 April 2021
රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස් රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය. 07 April 2021
මහපොළට කෝටි 164 ක පාඩුවක් මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT ) සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි. 07 April 2021
ආමි සුරංග ඝාතනයට පොලිසියේ තුනක් අත්අඩංගුවට ගන්න යයි පාතාල කි‍්‍රයාකාරිකයකු වූ බුද්ධික ප්‍රසාද් ගමගේ නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය. 06 April 2021
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු මගට පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ අද (6) නඩු පවරයි. 06 April 2021
රුසියාවෙන් කොරෝනා එන්නත් තව ලක්ෂ 60ක් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත ’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා තවත් මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 06 April 2021
හිටපු ජනපති කනගාටුවෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) පැවසීය. 05 April 2021
රන්ජන්ගේ පෙත්සම විසි වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය. 05 April 2021
විෂ පොල් තෙල් හෙට මැලේසියාවට ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට හෙට (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි 05 April 2021
‘‘එදා යුතුකම් අමතක කර යළි ඡන්දය ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද‘‘ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් තම වගකීම් පැහැර හැර විදෙස්ගත වූ හිටපු ජනාධිපතිවරයා යළිත් ඡන්දය ඉල්ලන්නේත්, පක්ෂයක නායකත්වය දරන්නේත් රෙදි ඇඳගෙනදැයි තමා ප්‍රශ්න කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (4) පවසති. 04 April 2021
’’වඩා වැදගත් ගෝඨාභය නොව බලයට ගෙනා මතවාදය හා බලවේගයි ’’ සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග විසින් රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 03 April 2021
සනීපාරක්ෂක සේවකයා ළඟ කෝටි 20ක රන් රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (03) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. 03 April 2021
මවට නොසලකන පුතාට නඩු මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ. 03 April 2021
ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. 02 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026