කොරෝනා එන්නත්කරණය යළි අරඹයි ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අත්හිටුවීමේ තීරණය වෙනස් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 02 April 2021
විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි වැලිගම සමූපාකාර ගබඩාවේ තිබූ විෂ සහිත පරිප්තපු තොගය විනාශ කිරීමට පියවරගත් බව වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 02 April 2021
සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 01 April 2021
මහ බැංකු තවත් නඩුවකින් රවී ඇතුළු පිරිසට ඇප මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කළේය. 01 April 2021
තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළෙයි නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 01 April 2021
රවී ඇතුළු හත්දෙනාට ඇප මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය. 01 April 2021
තාත්තයි-පුතයි, දුවලා දෙන්නයි බෑණයි රිමාන්ඩ් යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළැයි කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් පියා දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නොළුම්දෙණිය මහතා නියෝග කළේය. 01 April 2021
රන්ජන් ගැන මහින්දානන්දගේ හිත උණුවේ සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 31 March 2021
හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි, උණ්ඩ සමඟ 6 ක් කේරලයේදී අල්ලයි ඉන්දියාවේ කේරළයේ විජින්ජම් වෙරළ තීරයේදී හෙරොයින් කිලෝ 300 ක්, ගිනිඅවි සහ පතරොම් තොගයක් සමඟ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සමඟ ඉන්දීය වෙරළාආරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. 31 March 2021
කමිටු රැස්වීමේදී ඇමැති-දේවානි ගැටෙති මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර අද (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 30 March 2021
ක්‍රිකට් පරිපාලනය ගැන ක්‍රීඩා ඇමති වැඩිදුර උපදෙස් පතයි ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දී ඇති උපදෙස් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් වැඩි දුර උපදෙස් ඉල්ලා ලිපියක් යොමු කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි. 30 March 2021
කොළඹට ගුවන් කෝච්චි කොළඹ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස සමස්ත කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මතින් ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 30 March 2021
විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැක ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 30 March 2021
පන්නිපිටියේ කොස්තාපල් අත්අඩංගුවට පන්නිපිටිය මාර්ගයේ දී ලොරි රථ රියදුරකුට පහර දීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටින මහරගම පොලිසියේ රථවාහන අංශය කොස්තාපල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 30 March 2021
ලොරි රියැදුරකුට කෘෘර ලෙස පහරදුන් කොස්තාපල්ට වැඩ වරදි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයේ රියැදුරුට මහ පාරේ දී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 29 March 2021
ත්රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට යාපනය නවලර් වීදියේ රහසිගතව යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එල්.ටී.ටී. ඊ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන දෙදෙනකු ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 29 March 2021
‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි. 29 March 2021
අධික විෂ පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 28 March 2021
ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරන්න - නීතිපති දැනුම් දෙයි ශ්රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ. 28 March 2021
මැණික් පතලක සිරවී දෙදෙනෙක් මරුට අවිස්සාවේල්ල වෙරළුපිටිය ප්‍රදේශයේ දී මැණික් පතලක සිරවී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. 28 March 2021
කෝටි පනහක් වියදම් කළත් ප්රශ්නය එතනමයි අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිර කිරීමට රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් 2019 සහ 2020 වසරවලදී වැය කර ඇතත් එම ගැටුම පාලනයක් නැතැයි රජයේ ගිනුම් සභාව පවසයි. 27 March 2021
රවී ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ් මහ බැංකු බැඳුම්කර නිකුත්තුවකදි සිදු කළ වංචාවකින් රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු අට දෙනා ලබන 31 දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 26 March 2021
කොළඹ කුණුවලින් කෝටි 32ක පාඩුවක් කොළඹ මහනගර සභාව කසළ එකතු කිරීම හා ප්‍රවාහනය සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදි නගර සභාවට කෝටි තිස්දෙකක පාඩුවක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසයි. 26 March 2021
සිංහරාජ වන විනාශය බලන්න මන්ත්‍රීවරු 11 රක්වානට සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 11 දෙනෙක් රක්වාන ප්‍රදේශයේ අද (25) සවස නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 25 March 2021
රට රැකියවට ගොස් එද්දී නිරෝධායනය නොමිලයේ කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 25 March 2021
‘‘විෂ පොල්තෙල් ජනතාවට කවන්නේ නෑ‘‘ පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්රිය මහතා අද (24) පස්වරුවේ පැවසීය. 25 March 2021
රවී ඇතුළු පිරිස 30 තෙක් යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) නියම කළේය. 24 March 2021
හය දෙනෙක් එකතුවී දැරියක මරලා කලවංචිකුඩි පෙරියකල්ලාරු දේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 March 2021
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතයි:රටවල් 14ක් ඡන්දය නොදෙයි ජීනිවා මානව හිමිකම් කවුන්සිලියේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය ප්රමුඛ රටවල් හයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (23) සම්මත විය. 23 March 2021
අවිනීත රියදුරෙක් ජීවිත දෙකක් බිලිගනී වැලිකඩ ගුවන් පාලම ආසන්නයේ අද (23) පෙරවරුවේ රථවාහන මෙහෙයුමක නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් යටකරගෙන වෑන් රථයක් ධාවනය කිරීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයකු මියගොස් ඇතැයි වැලිකඩ පොලීසිය කියයි. 23 March 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026