රාජ්‍ය උත්සව අද සිට තහනම් ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු ම රාජ්‍ය උත්සව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කර ඇත. 25 April 2021
ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග ළඟදීම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . 25 April 2021
‘‘ඉදිරි සති තුන තීරණාත්මකයි‘‘ කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සති තුන තීරණාත්මක බව කොවිඩ් පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 24 April 2021
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ රියාඩ් අත්අඩංගුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 April 2021
‘‘කිසිදු ලෙසකින් රට වසා දමන්නේ නෑ‘‘ මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 23 April 2021
මැති සබයේ ගාලගෝට්ටියක් පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනාවක් කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා මැති සබයේ ලොකු ගාලගෝට්ටියක් ඇතිවිය. 23 April 2021
හරීන් සී අයි ඩී යට කැඳවයි පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත. 23 April 2021
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22) සංචරණ සීමා පැනවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 22 April 2021
විශ්ව විද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි කොරෝනා අවදානම හේතුවෙන් රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසී ය . 22 April 2021
‘‘කොරෝනා එන්නත් ගත් තුන්දෙනෙක් මැරිලා‘‘ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය. 21 April 2021
‘‘පාස්කු ප්‍රහාරකයනට බේරුමක් නෑ‘‘ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය . 21 April 2021
නව කොරෝනා ප්‍රභේදයක් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 20 April 2021
පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ප්‍රභාගරන් මහතා නියෝග කළේය. 20 April 2021
රිය අනතුරක් සිදු කළ බව කියන පා.මන්ත්‍රී පුතෙක් අල්ලයි වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතකු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අද (20) අත් අඩගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 20 April 2021
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න - ඉන්දියාව ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු යැයි ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් අවධාරණය කර ඇත. 20 April 2021
රවීට ඇප දුන්නාට නීතිපතිගෙන් ඇපෑලක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතු`ථ විත්තිකරුවන් 08 දෙනාට ඇප නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19) අභියාචනයක් ඉදිරිපත් කළේය. 19 April 2021
පක්ෂ නායක රැස්වීමට පක්ෂ 10ක් නෑ පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අරලියගහ මන්දිරයෙ අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පක්ෂනායකයන් කීහිප දෙනකු විසින් වර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි. 19 April 2021
ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක් ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහත්වරුන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ගොනු කර ඇත. 19 April 2021
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. 19 April 2021
‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘ ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 18 April 2021
ගෑස් ‘ගෑස් පෙන්වන්න’ යයි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 April 2021
සෞදියේ සිර කර සිටින ගෘහ සේවිකාවෝ ඉක්මනින් මෙරටට සෞදි අරාබියාවේ රියාද් නුවර පිහිටි රැදවුම් කදවුරක රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 17 April 2021
‘‘ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න‘‘ පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබෙිදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දුන්නේය. 16 April 2021
යාපන තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 16 April 2021
වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත. 15 April 2021
වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම ලබන 19 වැනිදා දක්වා වළකාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය. 15 April 2021
මෙවර ලෝක රූ රැජින තරගයට කුමක් වේද ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ විවාහක ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය සදහන් කර සිටී. 15 April 2021
අධිවේගිවල දින හතරක ආදායම දාහතර කෝටියක් ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරියකු පැවසීය. 14 April 2021
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ව්‍යාපාර කටයුතු නතර කරයි ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 13 April 2021
අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් හතර දෙනා රිමාන්ඩ් මෝටර් රථයක වීදුරු විවෘත කර දොර මතුපිට නැඟ අනාරක්ෂිත ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් තරුණයන් හතරදෙනා මෙම 22 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පානදුර බලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය නියෝග කළාය. 13 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026