
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අමානුෂීය ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදීමට පත් විය හැකි යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමියෝ අවධාරණය කරති.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය සැලවුණු සැණින්, එම ඝාතනය හෙලා දැකීමටත්, ඝාතනයට සම්බන්ධ වුණු අන්තවාදීන් කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමටත්, ඔවුන්ට නිසි දඩුවම් පැමිණවීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කටයුතු කිරීම පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් යැයි ද මහා නා හිමිපානෝ එම ලිපිය හරහා පෙන්වා දෙති.
ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණු, පාකිස්තානයට කැළැලක් වූ එම ම්ලේච්ඡ සිදුවීම හෙළා දකිමින්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පියවර ගැනීම, එතුමාගේ ශක්තිමත් නායකත්වය පිළිඹිබු කිරීමක් බව ද මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හමුවේ අර්බුදවලට මුහුණ දෙද්දී, අසල්වැසියකු ලෙස මෙන්ම අවංක මිතුරකු ලෙස පාකිස්තානයේ සහාය සැමවිටම ශ්‍රී ලංකාවට හිමි වුණු බවත්, එම මිතුදම් දිගටම පවත්වා ගෙන යෑමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අපක්ෂපාතී තීන්දු තීරණ හේතුවනු ඇති බවත් මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි වැඩි දුරටත් දැක්වෙයි.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට නීතියට අනුව දඩුවම් ලැබෙනු ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පරිසරයක් පාකිස්තානයේ නිර්මාණය වනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ද හිමිපානෝ පවසති.
ඊට අමතරව, ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුදුසු පියවර ගැනීම කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදු කරන ලෙසත් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමිපානෝ එම ලිපියෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු රජයෙන් සහ සියල්කොට් නගරයේ වාණිජ ප්‍රජාවගේ මැදිහත්වීමෙන් එකතුකර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුල වෙත ප්‍රදානය කිරීමට සූදානම් කර ඇති මුදල් කෙලින්ම එතුමාගේ පවුලේ සාමාජිකයින්ගේ අතටම ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා නම් ඉතාම කාලෝචිත බවයි කිව යුත්තේ... එසේ නැතුව රජයේ හෝ වෙනත් අතර මැදියෙකුගේ මාර්ගයෙන් එම ආධාර ප්‍රදානය කිරීමට කටයුතු කළහොත් ඒවාට මොනවයින් මොනවා වෙයිද? එම මුදල් කාගේ සාක්කුවට යයිද කියා කීමට බැරි වාතාවරණයක් අපේ රටේ දැන් ඇති නිසයි එවැනි අදහසක් ප්‍රකාශ කිරීම වැදගත් බව සිතුවේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙලා හා තවත් දේශපාලන වැඩ කටයුතු කරමින් රටට මහා කරුමයක් වී සිටින ඇතැම් චීවරධාරීන් ගැන කිසිවක් කතා නොකොට සුවසේ වැඩ වසන්නේ ඇයි .. ?
ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මරණයෙන් බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා ඒ රජය ඇගයීමට ලක්කළා. සැකකරුවන් අල්ලා ගත්තා. අවශ්‍ය වන්දි මුදල් දීමට කටයුතු කළා. වැටුප දීමට කටයුතු කළා. ඒ රටේ ව්‍යාපාරිකයින් වෙනමම මුදල් පරිත්‍යාග කළා. එහෙත් අපේ රටේ 300 කට අධික පරිසක් ඝාතනය කර තවත් විශාල පිරිසක් අබ්බගාතයන් කළ එමෙන්ම තවත් අති විශාල පිරිසකට උන් හිටිතැන් අහිමි කරමින් බිරින්දෑවරුන්ට සිය සැමියා අහිමි කළ, සැමියන්ට බිරින්දෑවරු අහිමි කළ දරුවන්ට දෙමාපියන් අහිමි කළ, දෙමාපියන්ට දරුවන් අහිමි කළ පාස්කු අපරාධය සම්බන්ධයෙන් මෙතෙක් කළ කටයුතු මොනවාද? රටක් වශයෙන් අපි සිටින තැන මොන දෙවියන්ට කියන්නද? පේනවා නේද අපෙයි එහෙයි තියෙන වෙනස...
අනේ අපේ එක්කෙනාටත් ඔය ගැම්මෙන්ම ලියුමක් ලියන්නකෝ...? හොඳටම කරමින් ඉන්නේ සහ මෙහෙත් 300 කට ආසන්න ගාණක් මැරුණා කියලා මතකයක් තියනවාද බලන්න. මේ ගොල්ලන්ගේ බොරු කයිවාරු අහලා ඇතිවෙලා...
ඔබ වහන්සේගේ මේ ක්‍රියාව හොදයි. අපේ රටේ සිදුවන දේ ගැනත් විමසිලිමත්ව ඉදල ප්‍රතිචාර දක්වන්න.
සමාවෙන්න. අපේ හාමුදුරුවෝ හරියට හැම දේම නොදන්නවා වගේ පෙනෙනවා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතානනි , ඔබ අවදානම් අඩියකට වැටෙන්නයි උත්සාහ කරන්නේ පරිස්සමින් . දන්නවා නේද සුලිෆිකාර් අලි භුතොට, බෙනාසීර් භුතොට සිද්ද උන දෙය?
අතිපූජ්‍ය මහා නාහිමියන්ගේ ක්‍රියාව පැසසිය යුතුයි. මේකේ ප්‍රතිචාර දාන සිවුර ඇලජික් සමහර බූවල්ලෝ මහා නාහිමියන්ගේ ප්‍රකාශය දකින්නෙත් වපර ඇහෙන්. බූවල්ලනි නුවණින් හිතපල්ලා.
සුධීර.. අපට සිවුර ඇලජික් නැහැ. මහානායක හාමුදුරුවන් වහන්සේගේ අදහස් අප ගරුකරනවා. ඒත්, උතුම් වූ බුද්ධ චීවරය දාගෙන දේශපාලුවන් වන්දනා කරනා දුසිල්වතුන් ගැන තමයි මෙහි කියා ඇත්තේ. බුද්ධ චීවරය කිලිටි කරනා දේශපාලන ගැත්තන්ට ආවැඩුවාට අපට එසේ කරන්නට බැහැ. මන්දයත්.., අප හොඳ බෞද්ධයන්... පියවි සිහියෙන් සිතා බලන්න..
නහී වේරේන වේරානි