IMG-LOGO

ජනපතිට මූණ පෙන්නන්න එන ඇමැතිලාට කතානායකගෙන් අවලාද

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ  ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් ඔහුට  හැමදාම මේ සභාවට එන ලෙස  මේනිසා දැනුම් දීමට සිදුවන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

කතානායකවරයා මෙසේ පැවසූවේ ගෑස් සිලින්ඩර පුපුරා  යෑමේ සිද්ධීන් සම්බන්ධයෙන්  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන  සංවිධායකවරයාගේ දෙපැත්තේ ඉදිරිපෙළ ඇමතිවරුන් කිසිම කෙනෙකු මේ අවස්ථාවේදී සභාවේ  නැති හෙයින්  ඒ පිළිබඳව අවධානය යොමුකරන බවද
හෙතෙම සඳහන් කළේය.

මෙවැනි ප්‍රශ්න ඇතිවූ විට  ඒවාට පිළිතුරු දීමට  මෙතන සිටින සියලුම දෙනා බැඳී සිටින බවත් මෙහි කිසිවකු සාමූහික වගකීමෙන් ඉවත් නොවිය යුතු බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (6)

ජනපතිට මූණ පෙන්නන්න එන ඇමැතිලාට කතානායකගෙන් අවලාද

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 30 November 2021 12:56 PM

පාර්ලිමේන්තු යන්නේ මොකටද? වේලාවට සියලු වරප්‍රසාද සහ වැටුප හම්බ වෙනවා නම්... මේ වගේ කාලකණ්නි ඉන්න කම් කවදාවත්ම මේ රට ගොඩගන්න බැහැ.

:       0       2

(මන්ද) බුද්ධික Tuesday, 30 November 2021 05:36 PM

සුලු දෙයක් තියෙන්නේ සභාපතිතුමා (කතානායකතුමා) ඇමතිවරු එන්නේ නැත්නම් කාලය නාස්ති කරමින් ජනාධිපති කැඳවා වැඩක් නැහැ. ජනාධිපති වරයාට සිටින තැනක සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය දෙස බැලීමේ පහසුකම් සලසන්න තාක්ෂණය දියුණුවෙන් ප්‍රයෝජනයක් ගන්න...

:       0       2

sharm warn Tuesday, 30 November 2021 05:37 PM

මෙන්න මෙයාට ඔරලෝසුව විතරක් පෙනි පෙනී හිටපු එකෙන් ඔලුව ටිකක් කෙළින් වෙලා වගේ... අදද දන්නේ මහලොකු ගරු කටයුතු සුදු රෙදි හොරු රස්සාවට එන්නේ යලට, මහට කියලා. ඒක මුළු රටම දන්න දෙයක්...

:       0       2

Perera Wednesday, 01 December 2021 12:59 AM

ජනාධිපතිත් රවට්ටන එකේ සාමාන්‍ය මිනිසු ගැන කවර කතාද

:       0       2

ගමේ එකාලා Wednesday, 01 December 2021 06:46 PM

දේශපාලුවෝ කොහොමටත් ඩබල් ගේම්කාරයෝ... ආවත් එකඑකාට බනින එකයි, සත්තු වගේ හැසිරෙන එකයිනේ කරන්නේ.

:       0       0

lakshitha Wednesday, 01 December 2021 09:50 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා ජනාධිපති තනතුරේ සිටිමින් : 1 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අවුරුදු 10 කට රට බාර දෙන්න. 2 දියවන්නාවේ 225 දෙනාම හැඳි ගෑවෙන්නට ඉඩ හරින්න . 3 රට පාලනයට සුදුසු පිරිස හමුදාව තුලින් පමණක් තෝරා ගන්න . 4 පළාත් සභා අහෝසි කරන්න. 5 සියලුම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගතකොට අතිරික්ත සේවකයින් විශ්‍රාම ගන්වන්න. 6 අවම ගාස්තුවක් අයකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වටිනාකමක් දෙන්න. 7 ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මෙරටට ගැලපෙන විෂයමාලාවක් යටතේ යාවත්කාලින කරන්න. 8 විද්‍යා දදාති විනයං – පාසල් අධ්‍යාපනයේ තේමාව වියයුතුයි. 9 පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරන්න 10 සිසුවිනය විනාශ කරමින් සිසුන් නොමඟට යොමු කරන ටියුෂන් කඩ තහනම් කොට දුර්වල සිසුන් සඳහා අතිරේක පන්ති පවත්වන්න. 11 පාසල් සිසුන් නොවන පිරිසට සුදුසු විධිමත් පුද්ගලික අධ්‍යාපන ආයතන රජයේ නිර්දේශයන්ට යටත්ව ආරම්භ කිරීම සඳහා උපදෙස් දෙන්න. 12 සියලුම පුද්ගලික අධ්‍යාපන ආයතනවලින් ආදායම් බදු ඍජුවම අයකර ගැනීම සඳහා Income Tax නියෝජිතයෙක් බැගින් ඒ ඒ ආයතනවලට අනුයුක්ත කරන්න. 13 පුද්ගලික අංශය ශක්තිමත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site