
(ඩයනා උදයංගනී)
ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වර්තමාන රජය හා අදාළ ආයතන පසුගිය කාලයේ තම වගකීම ඉටුකර නැති බව නිහතමානීව පිළිගන්නා බවත්, අතීතයේදීද එම වගකීම ඉටුවී නැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ගෑස් හා ඊට අදාළව භාවිතාවන උපාංගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් 1960 ගණන්වල සිටම කිසිඳු නියාමනයක් සිදුව නැතැයි කී රාජ්‍ය ඇමතිවරයා මීට පෙර ගෑස් සම්බන්ධයෙන් ඇතිවූ අනතුරුවලදී පැවති රජයන් සොයාබලා පියවර ගත්තේ නම් වර්තමානයේ මෙවැනි තත්වයක් මතුවීම වළක්වාගත හැකිව තිබිණි යැයි සඳහන් කළේය.
ගෑස් සමාගම් දෙකෙන්ම ගෑස් භාවිතා කරන්නන්ගේ රැකවරණය ගැන කිසිඳු සැලකීමක් කර නැති බව තම පෞද්ගලික මතය බවත්, එම සමාගම්වලට මේ වගකීමෙන් මිදිය නොහැකි අතර, දැනට සිදුකරන පරීක්‍ෂණවලින් අනාවරණය වන තොරතුරු අනුව අදාළ සමාගම්වලට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් යැයි ලසන්ත අලගියවන්න මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මේ වන විට නිසි ප්‍රමිතියකින් යුත් ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරීම සිදුවන බව කී අලගියවන්න මහතා තවමත් පැරණි ගෑස් සිලින්ඩර භාවිතා කරන්නන් තවදුරටත් ආරක්‍ෂාකාරීව කටයුතු කරන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාත් හරියට ජනාධිපති වගේ. තමාගේ නොහැකියාව, වැරැද්ද සහ අඩුපාඩු පහුගිය ආණ්ඩුවලට පටවනවා. කොහොම හරි මෙයත් පහුගිය අවුරුදු 20 ක් නොකඩවා ආණ්ඩු පක්ෂයේ නියෝජන කරනවා.
හැමෝම වැරදි කරලා ඉස්සරත් වැරදි කර්ලා තියනවා කියලා ඇඟ බේරා ගන්නවා
බතුමා රජයේ නෙමෙයිද ?තම වගකීම හරියට ඉටු නොකර රජයට බැනලා වැඩක් නෑ .ඒකේ වගකීම් තියෙන්නේ කාටද එතකොට ?
අතීතයේදී නෙමෙයිනේ... 80/20 තිබ්බ එක 50/50 කලේ.. ඔයාලගේ ආන්ඩුවෙන් නේ...අතීතෙට වැරදි කියන්නේ දැන්... අර මැරිච්ච මිනිස්සුන්ට වන්දි දීලා තව සිලින්ඩර් පුපුරන්න කලින් ආපහු ගෙන්නපල්ලා...
අනේ සර් පැහැදිලිව කියන්නකෝ.. සමාගම් 2 සර්ටත් වඩා හොඳට කළාද? හා කියන්න බලන්න මේ සමාගම් දෙකෙන් කවුද හොඳටම පාරිභෝගිතයාට කළේ?
ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වර්තමාන රජය හා අදාළ ආයතන පසුගිය කාලයේ තම වගකීම ඉටුකර නැති බව නිහතමානීව පිළිගෙන මම ඇමති තනතුරෙන් ඉල්ලා ඇස වෙමි
ඕකෙදි විතරක් නෙවෙයි ,කොවිඩ් එන්නත්කරණය හැර ආණ්ඩුව මෙතෙක් කරලා තියන සෑම දෙයකදීම වගකීමකින් කටයුතු කරලා නැහැ
රජය කියලා සාමූහික වගකීම ආණ්ඩුව පිටින් දාලා කිව්වත් මේ තරම් විනාශයක් වෙන්න ඉඩ දීලා ගෑස් සමාගම් වල පැත්ත ගන්න මූලික වුණේ ලසන්ත අලගියවන්න නේද. දැන් වැරදුනාම රජය පිටින් අරිනවා. හරි විදිහට නම් ඔය රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙනවා කියන දැනුම් දීමත් එක්ක ජනතාවගෙන් සමාව ඉල්ලීමට සුදුසු වරදක් පහුගිය කාලේ මොහු කරේ. ඇත්ත වශයෙන්ම ලිට්රෝ සමාගමට සහ රජයට වගේම විශේෂයෙන් මේ ගෑස් ඇමතිට විරුද්ධව නඩු දාන්න ඕනෑ. පාරිභෝගික සේවා පිළිබද ඇමති බැඳිලා ඉන්නේ පාරිභෝගිකයන් ගැන බලන්නත් තිබෙන ප්‍රශ්න ගැන කැබිනට් ඇමතිවරයා දැනුවත් කරන්නත්. සිදුවුණේ ඒක නොවෙයි. පාරිභෝගිකයන් ගසාකන්න සහ ජීවිත අනතුරේ හෙලීමට ඒ ඇමතිවරයා අනුබල දෙන විදිහට හැසිරීමයි. වැඩය බැරෑරුම් වුණාම තමන් වගකීම නොගෙන සමස්ත ආණ්ඩුවට එරෙහිව කතාකරනවා. වැඩේ කැතයි.
ගරු ඇමතිතුමනි. දැන් ඔබට වත්මන් නරක තත්ත්වය ඉක්මනින් නිවැරදි කළ හැකිය
වචන භාවිතයේදී හා ප්‍රායෝගික හැසිරීම තුළදී යම් ශික්ෂණයක් පෙන්වූ අමාත්‍යවරයෙකු ලෙස ලසන්ත අලගියවන්න මහතා මාගේ ගෞරවයට භාජනය වී තිබිණි. නමුත් මුල් අවස්ථාවේදී ඔහු කටයුතු කළ ආකාරය වගකීමෙන් පැනයාමක් ලෙසයි මට හැඟුනේ... නමුත් දැන් සියලු දේ නිරාවරණය වීමත් සමග නොපිළිගෙන බැරිකමට පිළිගන්නා සේ පෙනේ. තම රජයටත් බැරි වුණානම් පෙර රජයටත් බැරිවිය හැකියි. වැදගත්ම කරුණ ඔහු මේ රජයන් දෙකෙහිම සාමාජිකයෙකි. ගෑස් නොවේ බොහෝ දේවල්වලට මේ රටෙහි ප්‍රමිතියක් නොමැත...
එන්නත් කිරීමේදී හැර අන් සෑම කටයුත්තකදීම රජය කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතවයි
හැම අතින්ම සර් සහ සර්ගේ කණ්ඩායම අසමත්... ඒක වහල්ලුන්ට තේරෙන්න කාලයයි.
බඩුත් හාමුදුරුවන් ගේ, නඩුත් හාමුදුරුවනේ ගේ
දූෂිත දේශපාලුවෝ කවුරු කවුරුත් තමුන්ගේ නොහැකියාව වහගෙන ඇඟ බේරගන්න දිව හැරෙන හැරෙන පැත්තට කතාකරනවා. අපි නොදන්නවාද මෙයාලගේ වැඩ?
ටික කලකට පුළුවන් අය ගෑස් පාවිච්චිය නතර කරන්න.