
(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
එම ගිවිසුම සම්බන්ධයෙන් පසුගියදා දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ,එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ද ඉල්ලීමක් කළේය .
ඒ අතර, එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට කරුණු කීමට කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන ඇමැතිවරු ද ඉදිරිපත් වී සිටිති .
මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාලව බලපෑ කරුණු සහ ගිවිසුමට එළඹීමේ නීතිමය රාමුව ද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවෙයි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුගදනවි ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට
ravin Monday, 06 December 2021 07:56 AM
හරියට කියවා තේරුම් ගත හැකි කීදෙනෙක් ඔතන ඉන්නවද?
Hafeel Monday, 06 December 2021 12:25 PM
අමාත්‍ය මණ්ඩලයටත් කොලේ වහල රහසින් වැඩේ කරනවා නම්, කොයිතරම් භයානක. දැනටමත් මේ ගිවිසුම අත්සන් කරලා. විස්ස සම්මත කල එකේ සාපය.
Shan Monday, 06 December 2021 01:22 PM
කාටවත් කියන්නේ නැතුව රටේ සම්පත් විකුනන්නේ කොහොමද එක පවුලක්?
Demuni Uduwara Monday, 06 December 2021 07:31 PM
දේශපාලකයින් විසින් මංකොල්ලකෑවා යැයි කියන මුදල් ආපසු ගෙවිය යුතුයි. ඊට අමතරව, ජනාධිපතිවරයා පැන්ඩෝරා වාර්තාව නිකුත් කර ආපසු ගෙවිය යුතුය. එතකොට අපිට ගිවිසුමක් ඕන නෑ!
Royfedricks Wednesday, 08 December 2021 03:57 AM
කීයද ගාන? ඉස්සර වගේ 10%ට දැන් කරන 1ක් නැහැ නේද? විජේදාස කියන්නේ මිස්ටර් 20% කියලා. ඒ වුණාට ඇත්ත ගාණ කීයද කියලා කව්ද දන්නේ...?