
(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
එම ගිවිසුම සම්බන්ධයෙන් පසුගියදා දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ,එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ද ඉල්ලීමක් කළේය .
ඒ අතර, එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට කරුණු කීමට කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන ඇමැතිවරු ද ඉදිරිපත් වී සිටිති .
මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාලව බලපෑ කරුණු සහ ගිවිසුමට එළඹීමේ නීතිමය රාමුව ද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට කියවා තේරුම් ගත හැකි කීදෙනෙක් ඔතන ඉන්නවද?
අමාත්‍ය මණ්ඩලයටත් කොලේ වහල රහසින් වැඩේ කරනවා නම්, කොයිතරම් භයානක. දැනටමත් මේ ගිවිසුම අත්සන් කරලා. විස්ස සම්මත කල එකේ සාපය.
කාටවත් කියන්නේ නැතුව රටේ සම්පත් විකුනන්නේ කොහොමද එක පවුලක්?
දේශපාලකයින් විසින් මංකොල්ලකෑවා යැයි කියන මුදල් ආපසු ගෙවිය යුතුයි. ඊට අමතරව, ජනාධිපතිවරයා පැන්ඩෝරා වාර්තාව නිකුත් කර ආපසු ගෙවිය යුතුය. එතකොට අපිට ගිවිසුමක් ඕන නෑ!
කීයද ගාන? ඉස්සර වගේ 10%ට දැන් කරන 1ක් නැහැ නේද? විජේදාස කියන්නේ මිස්ටර් 20% කියලා. ඒ වුණාට ඇත්ත ගාණ කීයද කියලා කව්ද දන්නේ...?