
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබ ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.
එසේ වුවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දින කිහිපයේම සේවයට වාර්තා කර ඇතැයි ද දැනගන්නට ඇත.
ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඉකුත් දින කීපයේ සේවයට වාර්තා කර නැති අතර, ඔහුගේ නිල රථය රියැදුරු ද සමග ආයෝජන මණ්ඩල කාර්යාල වෙත එවා ඇතැයි ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
568
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2266
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි
Lal Monday, 06 December 2021 04:08 PM
තනතුරුත් එපාවෙලා.. රටත් එපා වෙලා... රටේ ජනතාවට ආණ්ඩුවත් එපා වෙලා..
fairoos Monday, 06 December 2021 04:14 PM
රටට අබසරණයි
පොදුජනයා Monday, 06 December 2021 05:49 PM
අපි නම් කැමතියි අස්වෙනවාට මෙයාලට ලොකු පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්නෙ. කෙරෙන වැඩකුත් නෑනේ
kamal Tuesday, 07 December 2021 10:04 AM
අයියෝ සර් ෆේල් නේද ?යන අයට යන්න කියලා විද්වතුන් කිහිප දෙනෙක් හෝ විශ්‍රාමික සෙබළුන් කිහිප දෙනෙක් වත් දැන් හොයා ගන්න බැහැ නේද අලුත් පත්වීම් දෙන්න .ඕකත් නාමල් බේබිටම දෙන්න
piumal Tuesday, 07 December 2021 02:23 PM
වෙනසක් ඉල්ලපු ඉල්ලීමට ලැබුණු පිළිතුරට සතුටුයි...!!!
Royfedricks Wednesday, 08 December 2021 03:54 AM
වෙල්ගම කිව්වනේ පලාත් සභාවකවත් නොසිටි කෙනෙක්ව ජනාදිපති කරන්න එපා කියලා. මිනිස්සු ඒක ඇහුවෙ නැහැනේ. ඊට පස්සේ මොකද උනේ? "මම කියනදේ තමයි නීතිය කිව්වා"මොලයක් ඇති මිනිහෙක් කරන ප්‍රකාශයක්ද ඒක? එහෙම තත්වයක් යටතේ කාටද තනතුරු දරන්න පුලුවන්? ගලබොඩ අප්පූ වගේ උම්මත්තකයන්ට විතරයි.
සමරේ Wednesday, 08 December 2021 04:16 AM
කැබිනට් අනුමැතිය පවා නොමැතිව ලක්ෂ ගණන් වැටුප් ගෙවීම් සඳහා ඉහළ තනතුරු වලට පත්වීම් දුන්නා කියලා පසුගිය දිනවල පුවත් පළවුනේ මේ අය ගැන නේද? මේ ඉල්ලා අස්වීම් වලට හේතු මොනවද? ඒ පත්වීම් එළියට ආපු නිසාද? නුසුදුසු අයට පත්වීම් දිලාද?