
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබ ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.
එසේ වුවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දින කිහිපයේම සේවයට වාර්තා කර ඇතැයි ද දැනගන්නට ඇත.
ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඉකුත් දින කීපයේ සේවයට වාර්තා කර නැති අතර, ඔහුගේ නිල රථය රියැදුරු ද සමග ආයෝජන මණ්ඩල කාර්යාල වෙත එවා ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරුත් එපාවෙලා.. රටත් එපා වෙලා... රටේ ජනතාවට ආණ්ඩුවත් එපා වෙලා..
රටට අබසරණයි
අපි නම් කැමතියි අස්වෙනවාට මෙයාලට ලොකු පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්නෙ. කෙරෙන වැඩකුත් නෑනේ
අයියෝ සර් ෆේල් නේද ?යන අයට යන්න කියලා විද්වතුන් කිහිප දෙනෙක් හෝ විශ්‍රාමික සෙබළුන් කිහිප දෙනෙක් වත් දැන් හොයා ගන්න බැහැ නේද අලුත් පත්වීම් දෙන්න .ඕකත් නාමල් බේබිටම දෙන්න
වෙනසක් ඉල්ලපු ඉල්ලීමට ලැබුණු පිළිතුරට සතුටුයි...!!!
වෙල්ගම කිව්වනේ පලාත් සභාවකවත් නොසිටි කෙනෙක්ව ජනාදිපති කරන්න එපා කියලා. මිනිස්සු ඒක ඇහුවෙ නැහැනේ. ඊට පස්සේ මොකද උනේ? "මම කියනදේ තමයි නීතිය කිව්වා"මොලයක් ඇති මිනිහෙක් කරන ප්‍රකාශයක්ද ඒක? එහෙම තත්වයක් යටතේ කාටද තනතුරු දරන්න පුලුවන්? ගලබොඩ අප්පූ වගේ උම්මත්තකයන්ට විතරයි.
කැබිනට් අනුමැතිය පවා නොමැතිව ලක්ෂ ගණන් වැටුප් ගෙවීම් සඳහා ඉහළ තනතුරු වලට පත්වීම් දුන්නා කියලා පසුගිය දිනවල පුවත් පළවුනේ මේ අය ගැන නේද? මේ ඉල්ලා අස්වීම් වලට හේතු මොනවද? ඒ පත්වීම් එළියට ආපු නිසාද? නුසුදුසු අයට පත්වීම් දිලාද?